Home / සෞඛය / Mobile phone  නිසා මොළයේ ධාරිතාවේ අඩුවක්

Mobile phone  නිසා මොළයේ ධාරිතාවේ අඩුවක්

2017-07-20 10:26:00       853
feature-top
 ඔබ ජංගම දුරකථනය සමඟ ජීවත් වන්නෙක්දරෑ නින්දට ගියත් දුරකතනය ඔබ සමඟ තබා ගැනීම කරන්නේදරෑ එසේ නම් ඇමරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත මැකෝම්බ්ස් :පැජදපඉි- ව්‍යාපාර අධ්‍යයන පාසැලේ පසුගියදා සිදු කළ අධ්‍යයනයක් කෙරේ අවධානයක් යොමු කිරීම සුදුසු වේග

මහාචාර්්‍ය ඇඩ්රියන් වෝඩ් ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම අධ්‍යාපනයට අනුව මොළය උපයෝගි කරගෙන යම් ක්‍රියාවලියක ඔබ යෙදුනේ නම් එසේ කරනු ලබන අවස්ථාවේ ජංගම දුරකථනය :ස්මාර්ට් ෆෝන්- ඔබ ළඟ ඇත්නම් ඔබගේ ක්‍රියාවලියේ අඩුවක් පාඩුවක් සිදුවිය හැකියිග

ජංගම දුරකථ පාවිච්චිකරන 800 ක් මෙම අධ්‍යනය සඳහා යොදා ගනු ලැබූ අතර මොළය වෙහෙස වන ක්‍රිඩාවක යෙදෙන විටෙකදී ජංගම දුරකතනය පාවිච්චි නොකර එය තමා ළඟම තබා ගැනීමේදී ඉහත කී ක්‍රියාව සාර්ථකව නිම කරන්නේ ද යන්න මැන බැලීම මෙහිදී සිදු කරන ලදීග ඒ සඳහා ඔවුනට පරිගණකයක් යොදාගෙන ලකුණු දෙනු ලබන විභාගයකට මුහුණ දීමට සලස්වන ලදීග ඒ සඳහා කාලසීමාවක් ද නියම කරන ලදීග මෙහිදී ජංගම දුරකතනය මේසය මත මුහුණත යටට සිටින සේ තැබීම හෝ ඔවුන්ගේ සාක්කුවේ හෝ මල්ලක දමා ගැනීම හෝ වෙනත් කාමරයක හෝ තැබීම සිදු කරන ලදීග එම ජංගම දුරකතන නිශ්ශබ්ද තත්ත්වය පවත්වන ලදීග යම් කාලසීමාවක් තුළදී මොළයේ පවතින ශක්තිය උපයෝගි කරගෙන ඔවුනට පවරා තිබූ විභාගය ඉටු කිරීම සඳහා අවශ්‍ය මානසික ක්‍රියාවලියේ ධාරිතාව :ක‍දටබසඑසඩැ ජ්ච්ජසඑහ- මැන බැලිම මෙම අධ්‍යනයේදී සිදු කරන ලදීග

curtesy : dinamina.lk

මෙහිදී ජංගම දුරකතන මේසය මත තබාගෙන විභාගයට පෙනී සිටි අයට වඩා එම දුරකථන වෙනත් කාමරයක තබා සිටි අය ඉතා හොඳින් සාර්ථකව උත්තර දී තිබූ බව හෙලි වියග එසේම එම පිරිස දුරකථන සාක්කුවේ හෝ මල්ලක තිබූ අයට වඩා යම් ප්‍රමාණයක හොඳින් සාර්ථකත්වය පෙන්නුම් කළ බවද හෙලිවියග

මේ අනුව ජංගම දුරකථනය දැකිය හැකි මානයේ පැවතීම කෙනෙකුගේ මානසික ක්‍රියාවලිය කෙරේ බලපෑමක් ඇති කිරීමට සමත් වන බව දැකිය හැකි යැයි පවසන මහාචාර්ය වෝඩඩ් ර්‍ණඔබගේ ප්‍රකෘති මනස ඔබගේ ජංගම දුරකථනය කෙරේ අවධානය යොමු නොකරනවා විය හැකග එහෙත් යමක් ගැන සිතන්න එපා යන සිතිවිලි ක්‍රියාවලිය ඔබගේ සීමා සහිත මානසික ක්‍රියාවලිය කෙරේ බලපෑමක් ඇති කරනවාග එය හරියටම මොළයේ සිදුවන සෝදා පාළුවක් වගේ” යනුවෙන් විස්තර කරයිග

එසේම ජංගම දුරකතන දැඩි ඇබ්බැහි වීම ගැන පැවැත්වූ පරීක්ෂණයක ප්‍රතිඵලවලට අනුව දවස ගත කිරීම සඳහා කෙතරම් දුරට ජංගම දුරකතනයක අවශ්‍යතාවය කෙනෙකුගේ මානසික ක්‍රියාවලිය කෙරේ බලපෑමක් ඇති කරනු ලබයිග ඉහත දැක්වූ අයුරින්ම දුරකතන පවත්වා ගෙන පවත්වනු ලැබූ පරිගණක විභාගයේදී දිනය ගත කිරීම සඳහා ජංගම දුරකථනය අත්‍යවශ්‍ය අංගයකක් ලෙස සැලකූ අය අනෙකුත් අයට වඩා ඉතාම අඩු සාර්ථකත්වයක් පෙන්නුම් කළ බව හෙලි වී ඇතග

මහාචාර්්‍ය වෝඩ් දක්වන අන්දමට ජංගම දුරකතනයක් දැකිය හැකි ස්ථානයක පැවතීම මොළය වෙහෙසවන වෙනත් ක්‍රියාවලියක් හරි හැටි ඉටු කර ගැනීමට නොහැකි වීම සිදුවන්නේයග


More News »