Home / සෞඛය / ගර්භාෂගත රෝගවලට ගුණ දෙන කෝමාරිකා

ගර්භාෂගත රෝගවලට ගුණ දෙන කෝමාරිකා

2017-07-22 10:06:00       855
feature-top
 උපදෙස් ආයුර්වේද වෛද්‍ය

නන්දා කස්තුරි ආරච්චි

සම පිළිස්සීමට ලක්වුවහොත් කොතරම් දැවිල්ලක් වේදනාවක් ගෙන දෙනවා ද කෝමාරිකා මෙවැනි පිළිස්සුණු තුවාලයක් සුවකරන්න ආයුර්වේදයේ තිබෙන ඉහළම ඖෂධයක් කෝමාරිකාවල ඇති සිසිල ගුණය ආයුර්වේද වෛද්‍යවරුන් තුවාල සුව කරන්නට භාවිත කරනවාග ඒ විතරක් නොවෙයිග කාන්තා රෝග ගණනාවකටම කොීමාරිකා ගුණයිග ඒ බව පැවසුවේ ආයුර්වේද වෛද්‍ය නන්දා කස්තුරි ආරච්චිග

කාන්තාවන්ගේ ආර්ථව දෝෂවලට සෘජුවම සම්බන්ධ කරගත ඖෂධ නිෂ්පාදන කෙරෙන බවත් කෝමාරිකා වලට මේ නම ලැබී ඇත්තේ ද ඒ නිසා බවත් වෛද්‍ය සංහිතාවල සඳහන් වෙනවාග කොහොම වෙතත් කාන්තාවන්ගේ බොහෝ ඔසප් රෝග වලට කෝමාරිකා ඖෂධ පිණිස යොදාගනීග

කාන්තාවන්ගේ ඔසප් වීමෙදී අධික වේදනාව ගෙන දෙන විට දී මහඟු ඖෂධයක් ලෙස කෝමාරිකා ක්‍රියාකරයිග ගර්භාෂගත රෝග ගණනාවකට ඉතාම ගුණදෙන ඖෂධයක්ග විශේෂයෙන් ැබාරදපැඑරදිසිඑ  රෝගයට කෝමාරිකා ගුණදායකයග

සිරුරේ බොහෝ පීඩා ගෙන දෙන රුධිර වහන වලදී මෙම ඖෂධයක් ලබා දේග බාහිර සේම අභ්‍යන්තර රුධිර වහනයක් පවා මැඩලිය හැකි ඖෂධයක් ලෙස ක්‍රියා කරයිග ඒ අනුව බොහෝ කාන්තාවන්ට ඇතිවන එන්ඩ්‍රොමොට්‍රොසිස්ට් වැනි රෝග තත්ත්වලදී අභ්‍යන්තරව ඇතිවන රුධිර ගැලිම් වලදී එය අඩු කර ගැනීමට උපකාරී වෙයිග එහිදී කෝමාරිකා මදය හිස්බඩ ඕතඥදඤ කර බීමට යොදාගත හැකියිග

අක්‍රමවත් ඔසප් චක්‍රය

බොහෝ කාන්තාවන්ට ඔසප්වීම ඇතිවන විට පවතින ගැටලුවක් වන්නේ එය අක්‍රමවත්වීම හා උදරයේ පහළ කෙළවර ඇතිවන වේදනාවයිග සමහරවිට එය පිට කොන්ද දක්වා ද වේදනාව ගෙනදෙයිග ඒ විතරක් නොව රුධිරය පිටවීමේදී කැටිති වශයෙන් හා තද දුඹුරු පැහැ කලු පාටක් අතිවීම සිරුරට අහිතකර තත්ත්වයකිග එම නිසා එයට ප්‍රතිකාර අත්‍යවශ්‍යයිගමේ සඳහා කෝමාරිකා දිය හැකි හොඳ ඖෂධයකිග ලේ කැටි ගැසෙන ඔසප්වීමක් නම් හෝ අධික වේදනාවක් සහිතව එය සිදුවෙනවා නම් කෝමාරිකා යුෂ පානය කිරීම එයට යම් සහනයක් ලබා ගත හැකියිග පොදුවේ මේ පවතින සිසිල් ගතිය නිසා සිරුරේ ඇතිවන අසමතුලිත තත්ත්වය දුරු කරනු ලබයිග එවිට සිරුරේ ඇති දැවිල්ල පහව යනු ඇතග ගර්භාෂයට ද සිසිලක් ගෙන දෙයිග ගර්භාෂය තුළ යම් රුධිර වහනයක් ඇතිනම් එය පාලනය කරදීමට කෝමාරිකා ඉවහල් වෙයිග නිසි ලෙස ඔසප්වීමට අවශ්‍ය පරිසරය ඇතිකර දෙන්නට කෝමාරිකා යුෂ ඖෂධයක් ලෙස ක්‍රියාකරයිග

පුරුෂ ශක්තියට

ලිංගික සතුට ඇති කරයිග පුරුෂයන්ගේ ශුක්‍ර නිෂ්පාදනයට උදව් වේග ප්‍රබෝධමත්ව තබයිග සැහැල්ලුව ඇති කරයිග සිසිල් බව රඳවා තබයිග දෙපාර්ශ්වයේම ලිංගිකව ඇතිව තෘප්මත්භාවයට කෝමාරිකා මහඟු සේවයක් සලසයිග

රෝග ගණනාවකට

සිරුරේ ඉදිමුව දුරු කරයිග තුවාල සුව කරයිග දාහය නිවයිග බඩවැල් වල පවතින දැවිල්ල දුරු කරයිග අම්ල පිත්ත රෝගයට ගුණ දෙයිග බඩ පපුව දැවිල්ලල උගුරට ඒම ආමාශයේ තුවාල වැනි අම්ල පිත්ත රෝග අවස්ථාවලදී හොඳ ඔසුවක් වෙයිග ඔබට මුත්‍රා කිරීමේදී මේ අපහසුතාවයක් ඇතිනම් කෝමාරිකා ඊට කදිම ඔසුවක් වෙයිග සමේ රෝගවලට සුදුසුයිග එම පැහැපත් කරයිග සමේ රෝග බාහිරව හා අභ්‍යන්තරව ද සුවපත් කරයිග ඇස් රෝගවලට ගුණ දෙයිග ඇසේ දැවිල්ල නැති කරයිග ඇසේ වියළි ගතිය දුරු කරයිග ඇස තුවාල වූ විටකදී කෝමාරිකා මදය ඇස වසා ඇස උඩින් තබා ගැනීමෙන් පවා සුවපත් වෙයිග

පිළිස්සුණු විටකදී

යම් විටෙක පිළිස්සීමකදී එවේලේම කෝමාරිකා මද ගැල්වීමෙන් අධික වේදනාව හා දැවිල්ල සුවපත් වෙයිග තුවාලය ඇත්තම් එය ද සුවපත් වෙයිග

ලලනාවගේ රූ සපුවට

එදා රාජ කුමරියන්ගේ ස්වභාවික රූපාලාවන්‍ය ආලේප අතර කෝමාරිකා මුල් තැනක් ගනීග කෘත්‍රිම ආලේප වර්ග වෙනුවට ඔබේ රූ සපුව ඔප් නංවා තැබීමට කෝමාරිකා භාවිතා කරන්නග මෙය විෂ බීජවලා එරෙහිව ද ක්‍රියා කරනු ඇතග මුහුණේ සම සුවපත් කරයිග කෝමාරිකා පිත්ත තුළ ඇති එහි මදය විනිවිද යන්නා සේම ඔබේ රුව පැහැපත් වේග එතරම් සුපිරිසුදු භාවයට ලක්වීම කෝමාරිකා උපකාරී වේග මුහුණ එම මදයෙන් පිරිමැද සම්බාහනය කිරීම යෝග්‍ය වේග සම දීප්තිමත් කරයිග නිරෝගී වෙයි පැහැපත් සමක් ලැබේග

බඩවැලේ තුවාල

දරුණු ලෙස පවතින ගැස්ට්‍රික් රෝග අවස්ථාවේ බඩවැලේ තුවාල සුව කිරීමට කෝමාරිකා මදය සුරා ක්‍රීම් කර බීම සුදුසුයිග ඔබේ හිතවතාල ඥාතියා හෝ අමුත්තන්ට පිළිගැන්වීමේ පානයක් ලෙස දීමට කෝමාරිකා යුෂ යෝග්‍ය වෙයිග කෝමාරිකා යුෂ රෝග ගණනාවක් සුවපත් කරමින් හා සිරුරේ සෞඛ්‍ය රැකගනිමින් සිසිලස රඳා තබන්නට උදව් වෙයිග

ස්වර්ණා ආරියවංශ


Wmqgd .ekSu wdfrda.Hd mqj;a m; weiqfrks

More News »