Home / සෞඛය / හිස්හොරිදරෑ පොතුකබරද?[

හිස්හොරිදරෑ පොතුකබරද?[

2017-07-27 11:30:00       861
feature-top
 චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ජනුකා ගලහිටියාව

මිනිස් සිරුරේ විශාලතම ඉන්ද්‍රියය වන්නේ සමයිග සිරුරේ අභ්‍යන්තර සියලුම ඉන්ද්‍රියන් රැකගන්නා පවුරු වළල්ලක් සේ සම ක්‍රියා කරන අතර සම චර්මය සහ අපිචර්මය යන කොටස් දෙකකින් යුක්ත වේග

ඇතැමකුට සමේ යම් යම් ආසාදනල සමේ රෝග ආදිය ඇතිවන අතර සමේ ආසාදනවලට බැක්ටීරියාල දිලීරල පුස් යනාදිය හේතු වේග ඊට අමතරව සමේ රෝග කාණ්ඩයට ඇතුළත් නොවන අතර ආසාදන හා සමානව අනිවාර්යෙන් සමේ රෝග සඳහා ද ප්‍රතිකාර ලබාගත යුතු වේග

සමේ රෝග ගණනාවක් ඇති නමුදු අද අපි කතාබහට ලක් කරන්නේ පොතුකබර හෙවත් සොරයිසීස් නැමැති සමේ රෝගය පිළිබඳවයග

පළමුවෙන් පැවසිය යුත්තේ ර්‍ණපොතුකබර” එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝ නොවන බවයිග

යම් පුද්ගලයකුට සිය තරුණ අවධිය තුළ පොතුකබර රෝගය ඇති වී තිබේ නම් එය බොහෝවිට ජානමය තත්ත්වයක් මත ඇති වූවක් විය හැකග නමුත් වැඩිහිටි හා වයස්ගත අයට රෝගය ඇති වීමට බලපාන සාධක අතර සමහර ඖෂධ වර්ග නොකඩවා ගැනීම හේතු වේග බොහෝවිට දක්නට ලැබෙන්නේ කිසිම හේතුඳූවක් නොමැතිව ඇතිවන සොරයිසිස් තත්ත්වයයිග

පොතුකබර රෝගයේ සාමාන්‍ය ලක්ෂණය වන්නේ මතුපිට සම පොතු ආකාරයට ගැලවී යෑමයිග සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ නිපදවන සෛල විභාජනයට ලක් වී දින 30 ක පමණ කාලයකට පසු සිරුරෙන් ඉවත් වීම සාමාන්‍ය සන්සිද්ධියකිග නමුත් පොතුකබර රෝගීන්ගේ මේ කාර්යය සිදුවන්නේ දින 2ල3 කින් වීම නිසා සම මතුපිට කුඩු හැලෙන පොතු ගැලවෙන පැල්ලම් වශයෙන් මැරුණු සෛල ඉවත් වීම සිදු වේග

විශේෂයෙන් පොතුකබර රෝගීන්ට යම්කිසි මානසික ආතතියක් හෝ වෙනයම් රෝගී තත්ත්වයක් පැවතුණ විට :උණ ඩෙංගු හෝ වෙනත් රෝග- පොතුකබර තත්ත්වය උත්සන්න වීමක් දක්නට ලැබේග තවද මෙය වැළඳීමේ ප්‍රවණතාවය තිබෙන අයට පළමුවරට හෝ වැළඳීමට තිබෙන ඉඩකඩ වෙනත් රෝග වැළඳීම නිසාද ශල්‍යකර්මවලින් පසුවද ඇතිවිය හැකග

හිස්හොරි යැයි රැවටීම

බොහෝවිට පොතුකබර ආරම්භ වන්නේ හිසෙහියග ආරම්භක අවධිූයේ හිසෙන් කුඩු හැලීමක් සිදුවීමේදී ඇතැමුන් සිතන්නේ මේ හිස්හොරි බවයිග නමුත් මෙය හිස්හොරිදල පොතුකබරදැයි වෙන් වශයෙන් හඳුනාගැනීම අපහසුවන්නේ 80්‍ර පමණ දෙනෙකුට පොතුකබර ආරම්භය පටන්ගන්නේ හිසෙහි පමණක් වීම නිසායග

හිස්හොරිදරෑ පොතුකබර ද හඳුනාගන්නා අන්දම

පොතුකබර රෝගයේදී හිසෙන් ගැලවෙන පොතු ඉතා තද බවින් යුක්ත වේග

1ග අපගේ හිසකෙස් සීමාවෙන් (hair line) කන්වලට පිටුපස පැල්ලම් ආකාරයටද තද ඝන පොතු වශයෙන් ද පෙන්නුම් කරයිග හිස්හොරි මතුවන්නේ සියුම් කුඩු වශයෙනිග ආරම්භක අවදියේදී හිස්කබලෙන් මතුවන සමේ රෝග තත්ත්වයක් ලෙස මෙය පෙන්නුම් කෙරේග විශේෂයෙන් පැවසිය යුත්තේ හිස්හොරි ඉතා සියුම් කුඩු වශයෙන් ඉවත් වන අතර පොතුකබර ඝන පොතු ලෙස ඉවත් වන බවයිග

Chronic plaque psoriasis  :සොරයිසිස්-

සමහර අයගේ වැලමිටල දණහිසල පිට කොන්ද ආශි‍්‍රතව පැල්ලම් සහිතව පොතු මෙන් ගැලවී යනු දක්නට ලැබේග මෙය හඳුන්වන්නේ Chronic plaque සොරයිසිස් ලෙසයග

Flexural psoriasis :සොරයිසිස්-

ඉකිළි වල පියයුරු යටල කිහිලිවල වැනි සම්පූර්ණයෙන් නොපෙනෙන ස්ථානවල පොතුකබර ඇතිවිය හැකග නමුත් දිලීර ආසාදනයක් ලෙස මෙය බොහෝ අය හඳුන්වා ප්‍රතිකාර කළ ද එම ප්‍රතිකාරවලින් සුව වන්නේ නැතග එබැවින් මේ පොතුකබර තත්ත්වයෙන් සුව වීමට සමේ රෝග පිළිබඳ වෛද්‍යවරයකු මුණගැසී නිසි ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත් වේග

නියපොතු නරක් වීම

සමහර රෝගීන්ගේ නියපොතුවල හිල් වශයෙන් ආරම්භ වන මෙම රෝගය පසුව නියපොතු අවපැහැගෙන ගෙනල නිය බඩ වෙන්වී පොතු වශයෙන් හැලීමට පටන්ගෙන නියපොතු නරක් වීම සිදු වේග මෙවැනි අවස්ථාවලදි විශාල සන්ධි මත :කොන්දල දණහිස්ල වැලමිටල විලුඹ ආශි‍්‍රත සන්ධි ඉදිමීම මෙන්ම ඇඟිලි ආශි‍්‍රත සන්ධි ඉදිමීම වැනි ආතරයිටීස් ලක්ෂණ ද මතු කෙරේග

සිරුර පුරා පැතිරෙන Exfoliative Dermatitis

මුළු සිරුර පුරා 95්‍ර ක්ම සමේ රෝගයක් ලෙස පැතිරීමක් පෙන්නුම් කෙරෙන මෙය ද පොතුකබර වර්ගයකට අයත් රෝගී තත්ත්වයකිග ඉක්මන් ප්‍රතිකාර වෙත යොමුවිය යුතු මෙම රෝගී තත්ත්වය ප්‍රතිකාර නොකිරීමෙන් ජීවිත අවදානමක් පවා ඇතිවිය හැකග

Pustular psoriasis  :සොරයිසිස්-

ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු මෙම පොතුකබර තත්ත්වයේ ලක්ෂණ වන්නේ සැරව ගෙඩි සිරුරේ තැනින් තැන ඇතිවීමයිග මෙය බෝ නොවන ආතර බැක්ටීරියා ආසාදනයක් යැයි බොහෝදෙනා සැක කළ ද මෙය බැක්ටීරියා ආසාදනයක් නොව පොතුකබර වර්ගයකිග මේ තත්ත්වයේ සිටින පොතුකබර රෝගීන් වහාම සමේ රෝග පිළිබඳ වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත් වන්නේ මෙය ජීවිතයට පවා අවදානම් ඇතිවිය හැකි රෝගයක් බැවිණිග සාමාන්‍යයෙන් පොතුකබර තත්ත්වයේදී කැසීම රෝග ලක්ෂණයක් නොවුණ ද වර්තමානයේදී මෙම පැල්ලම් කසන බවට රොගීන් පවසා ඇතග එබැවින් ඒ පිළිබඳව සැලකිල්ලට ගත යුතුයග

විශේෂයෙන් පොතුකබර රෝගීන් මත්පැන් පානයෙන් 100්‍ර වැළකිය යුතු වේග එසේ නොවුණහොත් අක්මාව අකර්මන්‍ය වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී පොතුකබර සඳහා ලබාදෙන ඖෂධවල ක්‍රියාකාරීත්වය ඇන සිටීම සිදුවන බැවින් රෝගියා අකාලයේ මිය යෑමට ද ඉඩ ඇතග එසේම ප්‍රතිකාර වෙත යොමු නොවුණහොත් පොතුකබර රෝගීන්ගේ අක්මාව ඉක්මනින් අකර්මන්‍යවීමට ඉඩ ඇතග

ප්‍රතිකාර

පළමුවෙන්ම පැවසිය යුත්තේ පොතුකබර රෝගය හොඳින් පාලනය කරගත හැකි රෝගයක් බවයග ඇතැම් අයට එක් වතාවක් පමණක් පොතුකබර ඇති වී ඒ සඳහා ප්‍රතිකාර ගත් විට නැවත වතාවක් හට නොගෙන පළමුවැනි වතාවෙන්ම සුව වේග ඒ සඳහා අනවශ්‍ය ලෙස කලබල වී මානසික ආතතිය ඇතිකර ගැනීම නිසා රෝගය වර්ධනය වීමක් සිදුවන බැවින් සාමාන්‍ය රෝගයක් ලෙස සලකා මෙයට මුහුණ දීම ප්‍රතිකාර ගැනීම වැදගත් වේග

ඇතැමුන්ට ප්‍රථම වරට සම්පූර්ණ සුවය ලැබී වසර ගණනාවකට පසු නැවත රෝගය මතුවීමට ඉඩ ඇතග ඒ සඳහා ද ප්‍රතිකාර තිබෙන අතර විශේෂයෙන් ප්‍රථම අදියරේදී ආලේපන ප්‍රතිකාර මඟින් පමණක් රෝගියාට සුවය ලබාගත හැකග රෝගී තත්ත්වය නිතරම පැවතීම සහ වැඩිපුර පැල්ලම් සහ කුඩු හැලීම ඇති වුවහොත් ආලේපන ප්‍රතිකාරවලට අමතරව ඖෂධ ප්‍රතිකාර :බීමට සහ එන්නත්ගත කිරීම- සිදු කෙරේ ඉන් ඔබ්බට පාරජම්බුල කිරණ මඟින් උඍඕරැඋඍඒ ප්‍රතිකාර කරන අතර රෝහල්වල තිබෙන සමේ රෝග සායනවලද පාරජම්බුල කිරණ ප්‍රතිකාර යන්ත්‍ර මඟින් මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කෙරේග

ඇතැම් රෝගීන්ට ඉහත සඳහන් කළ ආකාරයේ පොතුකබර රෝග වර්ග කිහිපයක්ම තිබේ නම් රෝහල් ගත වී ප්‍රතිකාර ගැනීම අතිශයින් වැදගත් වේග විවිධ පොතු කබර වර්ගවලට විවිධ ප්‍රතිකාර ක්‍රම සිදු කරන බැවින් මේ සියල්ලක් විශේෂඥ වෛද්‍ය අධීක්ෂණයෙන් සිදු කළ යුතුව ඇතග

විශේෂයෙන් පොතුකබර රෝගී තත්ත්වයන් සඳහා විවිධ වූ ප්‍රමිතියෙන් තොර බටහිර නොවන විවිධ වර්ගයේ ඖෂධ ගැනීමෙන් වැළකිය යුතුයග මෙවැනි රෝගීන් ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගෙන වකුගඩුල අක්මාව අකර්මන්‍ය වී අවසානයේදී රජයේ රෝහල් වෙත පැමිණෙන විට රෝගියාගේ ජීවිතයට පවා සමුදෙන්නට සිදුවන අවස්ථා බොහෝයග

දීප්ති ෆොන්සේකා

curtesy :dinamina.lk

More News »