Home / සෞඛය / මඟුල් කරඳ මුලෙන් පොතුකබර සුව කළ හැකියි

මඟුල් කරඳ මුලෙන් පොතුකබර සුව කළ හැකියි

2017-07-30 10:53:00       853
feature-top
ප්‍රශ්නය - විවිධ සොරයිසිස්‌ :පොතුකබර- රෝග වර්ග ගැන පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළාග අද ඉතිරි වර්ග කිහිපය ගැනයි අප සාකච්ඡා කරන්නේග

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස- ඉතිරි වර්ගවලින් පළමුවැන්න තමයිSeborrheic like psoriasis රෝගයග මෙය පොදුවේ ගත් කළ බහුල වශයෙන් තිබෙනවාග රතු පැහැති පැල්ලම් මත හැදුනු තෙල් සහිත කොරළ ස්‌වභාවයෙන් තමයි මෙය හටගන්නේග හිස්‌කබලල නලලල නාසය සහ මුහුණ අතර සමෙහි නැමීම මත මුඛය වටාල තිබෙන සම පපුව මත ඉකිළිය සහ කිහිලි යන තැන්වල මෙය හටගන්නවාග

මේ අතර සොරයිසිස්‌ රෝගය හා සම්බන්ධ ආත්‍රයිටිස්‌ රෝග තත්ත්වය ගැනත් කිව යුතුයිග මෙය තදබල ප්‍රදාහ තත්ත්වයක්‌ ඇති කරන නිදන්ගත තත්ත්වයකිග මෙය හටගන්නා සන්ධි ප්‍රදේශ දරුණු ප්‍රදාහ තත්ත්වයකට ලක්‌වන අතර අධික වේදනාක්‌ ඇති කරනවාග මෙය ඕනෑම සන්ධියක ඇතිවිය හැකි අතරල බහුල වශයෙන් හටගන්නේ අතැඟිලි සහ පා ඇඟිලිවල සන්ධි මතයිග මෙවිට අතැඟිලි සහ පා ඇඟිලි ඉදිමෙනවාග ඉනල දණල කොඳුඇට පෙළ යන තැන්වල මෙය හට ගන්නවාග සොරයිසිස්‌ රෝගය වැළඳී ඇති අයගෙන් 30්‍ර කට සොරයිසිස්‌ ආත්‍රයිටිස්‌ හටගන්නවාග

නියපොතුවල ස්‌වභාවය සම්පූර්ණයෙන් ම වෙනස්‌ කරන්නට සොරයිසිස්‌ රෝගයට පුළුවන්ග මෙවැනි සමහර රෝගීන්ගේ නිය මත අල්පෙනිති හිස්‌ වැනි ලප හටගන්නවාග නියපොතු සුදු පැහැ ගැන්වෙනවාග නියමල තුළින් රුදිරය ගැලීමක්‌ හට ගන්නවාග සමහර විට නියපොතු යටින් රතු පැල්ලම් පෙනෙන්නට තිබෙනවාග තත්ත්වය බරපතළ වුණාම නියපොතු හැලී යන්නටත් ඉඩ තිබෙනවාග

ප්‍රශ්නය - මේ රෝගය හටගන්නේ කොහොමදරෑ

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - මේ රෝගීන් තුනෙන් එකක්‌ම ජාන උරුමයෙන් රෝගී වූ අයග හොඳම උදාහරණය තමයි සොරයිසිස්‌ රෝගය තිබෙන නිවුන් දරුවන් අතුරින් අනෙක්‌ නිවුන් දරුවාටත් මෙය වැළඳීමේ හැකියාව 70 ක්‌ වීමග මීට අමතරව නිදන්ගත ආසාදනල අධික විඩාවල කාලගුණික වෙනස්‌කම්වලට භාජනය වීමල අධික මත්පැන් පානයල අධික ලෙස දුම් පානය වගේම අධික ස්‌ථුලභාවයත් මේ රෝගයට හේතු විය හැකියිග ඒඩ්ස්‌ රෝගීන්ට මේ රෝගය වැළඳීමේ අවදානම ඉතාම ඉහළයිග

පොතු කබර රෝගයට අත්දුටු මේ කසාය බොන්නග

මඟුල් කරඳ මුල් කලං 12ල වතුර පත 8 එක පතකට සිඳ උදේ සවස පත භාගය බැගින් දින 7 ක්‌ග




Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »