Home / සෞඛය / ලෙඩ දෙන තයිරොයිඩ් ග්‍රන්ථිය

ලෙඩ දෙන තයිරොයිඩ් ග්‍රන්ථිය

2017-07-31 09:59:00       854
feature-top
 තයිරොයිඩ් ග්‍රන්ථිය ලෙස හැඳින්වෙන්නේ අපගේ වර්ධනයටල පරිවෘත්තීය ක්‍රියාවන්ටල වැඩිවියට පත්වීමට උදව් වෙන ආදී වශයෙන් වන කාර්යයන් රාශියක් ඉටු කරන ඉතා වැදගත් ග්‍රන්ථයකිග එය අයත් වන්නේ අන්තරාසර්ග පද්ධතිය නොහොත් නිර්නාල ග්‍රන්ථි සමූහයටයග අනෙකුත් සියළු නිර්නාල ග්‍රන්ථි මෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථිය ද තමන් නිපදවන හෝර්මෝන ස්‍රාව කෙළින්ම රුධිර පද්ධතියට මුදා හරියිග

තයිරොයිඩ් ග්‍රන්ථිය මිලිග්‍රෑම් 60 ක් පමණ බර වූ අපගේ ගෙළෙහි ස්වරාලයට පහළට වන්නට පිහිටා ඇතග අප ගන්නා ආහාරවල අඩංගු අයඩීන් පෝෂකය උකහාගෙන එය තයිරොයික්සීන් :ඊ4- සහ අයඩොතයිරොනීන් :ඊ3- යන තයිරොක්සීන් හෝර්මෝන නිෂ්පාදනයට යොදා ගැනේග අපගේ සෞඛ්‍යය රැක ගැනීම සඳහා අතිවිශාල කාර්යභාරයක් ඉටු කරන මෙම ග්‍රන්ථිය විවිධ ගැටලු රාශියකට ද මුහුණ දෙයිග ඒවා අතර ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් මෙසේයග

වායුගෙඩි :ගලගණ්ඩය- හෙවත් ගොයිටරය

මෙලෙසින් හඳුන්වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රමාණයෙන් විශාල වීමයග රූපය අවලක්ෂණ කරන නිසා හෝ ගෙල ප්‍රදේශයේ ඇති අනෙකුත් අවයවවල ක්‍රියාකාරීත්වයට බාධා කරන නිසාල විශේෂයෙන්ම ශ්වසනයට සහ ආහාර ගිලීමට බාධා කරන නිසා විශාල වූ තයිරොයිඩ් ග්‍රන්ථිය ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරීමට පියවර ගැනේග

සමහර අවස්ථාවලදී තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාල වීම ඇතුළතට :පපුව තුළට වීම- වීම නිසාද ගැටලු ඇතිවෙයිග

අතිතයිරොයිඩතාව (Hyperthyroidism)

මෙම තත්ත්වයේදි ස්‍රාවය වන තයිරොයිඩ් හෝර්මෝන ප්‍රමාණය ඉහළ යැවෙයිග මූලික වශයෙන් ගත් කළ තයිරොයිඩ් ග්‍රන්ථිය නිපදවන හෝර්මෝන හැඳින්වෙන්නේ තයිරොක්සීන් ලෙසයග හද ගැස්මේ ෙවිගය ඉහළ යාම :අධි ස්පන්දනය- බඩ බුරුලට යාම :ආමාශ - ආන්ත්‍රික චලතාව වෙනස්කම්- පරිවෘත්තිය වේගය ඉහළ යාමල :උණුසුම් බවක් දැනීම- උත්කෝපනය නොසන්සුන් බවල ශරීර බර අඩුවීම ආදී තත්ත්වයන් අත්දැකීමට අතිතයිරොයිඩතාව සහිත රෝගීන්ට සිදු වෙයිග

මන්ද තයිරොයිඩතාව  (Hypothyroidism)

මෙම තත්ත්වයේදී තයිරොයිඩ් ග්‍රන්ථිය නිපදවන හෝර්මෝන ප්‍රමාණය අඩු වීමක් දැකිය හැකියග මෙහිදී රෝගියා අකර්මන්‍යල සෙමෙන් වැඩ කරනල අමතක වීම සුලබල ශරීර බර වැඩිවීමල ඇඟට සීතල දැනීමල මානසිකව ඇද වැටීමල මල බද්ධය :බඩ වේලීම- සහ කෙස් වැටීම වැනි තත්ත්වයන්ට මුහුණ දෙයිග මන්ද තයිරොයිඩතාව ගර්භණීභාවය සමඟ ද පැවතිය හැකියග

තයිරොයිඩ් ප්‍රද්‍රහය

තයිරොයිඩ් ග්‍රන්ථියට බලපාන ප්‍රද්‍රහමය තත්ත්වයක් වන මෙහිදී උණල වේදනාව මෙන්ම මන්ද අති තයිරොයිඩතාව ලක්ෂණ ද යම් ප්‍රමාණයකට පැවතිය හැකියග

තයිරොයිඩ් පිළිකාව

උගුර බැරැන්ඩියල ගෙළ ප්‍රදේශයේ වේදනාවල වසා ග්‍රන්ථි ඉදිමීම වැනි ලක්ෂණ සමහර තයිරොයිඩ් පිළිකා තත්ත්වයන් මෙහිදී දැකිය හැකියග තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිති ඇති වීම මෙහි ප්‍රධාන ලක්ෂණයක් විය හැකියිග නමුදු බොහෝ ගැටිති පිළිකාමය නොවන අහිංසක තත්ත්වයන්යග මෙහෙයින් තයිරොයිඩ් ගැටිති බයොප්සි පරීක්ෂණයකට ලක් කර ඇත්තේ පිළිකාවක් ද නැත්ද යන්න සොයා බැලීම වැදගත්යග

මෙයට අමතරව ඔසප් චක්‍රයේ වෙනස්කම් ඇතිවීමල අවධානය යොමු කළ නොහැකි වීමල ශරීරයේ තැන තැන වේදනා හා කැක්කුම් දැනීමල තරල රැස් වීම නිසා ඇඟ මහත්වීමල බර වැඩිවීම හා දුර්වලතාවල අතපය ගැසීමල ආදිය ද තයිරොයිඩ් ආබාධ හේතුකොට මතුවිය හැකි අනෙකුත් ලක්ෂණයග

අති තයිරොයිඩතාව සහිත රෝගීන්ට ප්‍රතිකාර වශයෙන් විකිරණශීලි අයඩීන් සහ ඖෂධ ලබාදීම මෙන්ම ශල්‍යකර්මයන්ට ලක් කිරීම ද සිදු කරයිග

මන්ද තයිරොයිඩතාවයේදී ප්‍රතිකාර වශයෙන් කෘත්‍රිමව තයිරොක්සීන් ලබා දීම සිදු කෙරේග සම්මත මාත්‍රාවෙන් ලබාගත හොත් මෙම ඖෂධ දීර්ඝකාලීන වශයෙන් ගැනීමෙන් පවා හානියක් සිදු නොවේග

තයිරොයිඩ් පිළිකාවේදී උපද්‍රවයට පත් කොටස් හා අනෙක් අවට කොටස් ඉවත් කිරීම හා පිළිකාව සඳහා වන වෙනත් ප්‍රතිකාර ලබාදීම සිදු කෙරේග

තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ නොසලකා හැරියහොත් දීර්ඝකාලීනව ගැටලු ඇතිවෙයිග කෙස් වැටීමල මනෝභාවය බිඳ වැටීමල හෘද රෝගල නොසන්සුන් බව ඇතිවීම එයට උදාහරණයග

තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු ඇතිවීම

ගලගණ්ඩකාරක ආහාර ලෙස සැලකෙන ගෝවාල මල් ගෝවාල සෝයාල ඉස්සෝ හා කකුළුවන් වැනි ආහාර ගැනීම තදින්ම සීමා කළ යුතුයග රෝගියාගේ බර හා රෝග තත්ත්වය සලකා බලා ප්‍රෝටීන් බහුල මේදය අඩු ආහාර වේලක් ගැනීමට යොමු කළ හැකියග

තයිරොයිඩ් ආබාධ සහිත රෝගීන්ගේ බර අඩු වැඩි වීම් සිදුවන නිසා කායික ව්‍යායාම සිදු කිරීම ද අවශ්‍යයග මිනිත්තු 45 ක් පමණ ව්‍යායාම සඳහා දෛනිකව වැය කළ හැකිනම් යහපත්යග එසේම යෝග ව්‍යායාම හා භාවනාවන් හි යෙදීම ද මෙහිදී සුදුසුයග

තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ ඇති වීම වැළැක්වීමට නම් ආහාරවේල තුළට අයඩීන් ලුණු මිශ්‍ර කිරීම වැදගත්යග නිරාහාරව හෝ ර්‍ණඋපවාස ආහාර” ගැනීම සිදු නොකළ යුතුයග ගෙල ප්‍රදේශය අනවශ්‍ය ලෙස එන්නත් කරණයට ලක් කිරීම ද නොකළ යුතුයග

තයිරොයිඩ් ඖෂධ නොයෙකුත් අතුරු ආබාධ ඇති කළ හැකි නිසා ඒවා වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රමාණයෙන් ගත යුතු අතරම නොකඩවා භාවිතය ද ඉතා වැදගත්යග


Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks

More News »