Home / සෞඛය / පයේ ඇඟිල්ලක්‌ හිරිවැටීම සහ සිරුරේ ලප හට ගැනීම පූර්ව පිළිකා ලක්‍ෂණයක්‌ විය හැකියි

පයේ ඇඟිල්ලක්‌ හිරිවැටීම සහ සිරුරේ ලප හට ගැනීම පූර්ව පිළිකා ලක්‍ෂණයක්‌ විය හැකියි

2017-08-02 09:05:00       856
feature-top
ප්‍රශ්නය - මෙයට මාස කීපයකට පෙර අප පිළිකා රෝගය ගැන ඔබ සමඟ සාකච්ඡා කර ලිපි කිහිපයක්‌ පළ කළාග ඒ අතර අපට දැන ගැනීමට ලැබී තිබෙනවා ඔබ පිළිකා රෝගය සම්බන්ධයෙන් අලුත් දත්ත කිහිපයක්‌ සොයාගෙන තිබෙන බවග ඒ ගැන සාකච්ඡා කිරීමයි අපගේ අරමුණග

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාව තුළ තිබෙනවා පිළිකාව සම්බන්ධයෙන් කළ පර්යේෂණග ඒ පර්යේෂණ සඳහා අවශ්‍ය දත්ත ලබාගෙන තිබෙන්නේ අත්දැකීම් මගින්ග ඉපැරැණි වෛද්‍යවරු තමන් හමුවට එන රෝගීන් පිළිබඳ රෝග නිශ්චය කළේ නාඩි බැලීමෙන් සහ ශරීරය පිටතින් පරීක්‍ෂා කිරීමෙනිග ඒ කාලයේ X රේල බයොප්සි වැනි දේවල් නැති බව ඔබ දන්නවාග එහෙත් රෝග නිශ්චය නිසි ලෙස සිදු වුණාග මා පාරම්පරික වෛද්‍යවරියක්‌ හැටියට අවුරුදු 30 ක පළපුරුද්දක්‌ තිබෙන කෙනෙක්‌ග ඒ කාලය තුළ මා පරීක්‍ෂා කළ පිළිකා රෝගීන් ඇසුරෙන් දැනගත් කරුණු කිහිපයක්‌ කියන්නම්ග කිසියම් කෙනෙකුගේ පාදයේ මහපට ඇඟිල්ලට පසුව තිබෙන ඇඟිල්ලේ හිටි ගමන් හිරිවැටෙනවා නම්ල ඇදුම් කනවානම්ල එහෙමත් නැත්නම් විදුලි සැරක්‌ වැදෙනවා වැනි ගතියක්‌ ඇති වෙනවා නම් එය පිළිකා සෛල වර්ධනයක මූලික ලක්‍ෂණ වෙන්නට පුළුවන්ග මා ප්‍රතිකාර කළ පිළිකා රෝගීන් විශාල ප්‍රමාණයකින් ප්‍රශ්න කළ විට දැන ගන්නට ලැබුණා ඔවුන්ට මේ රෝග ලක්‍ෂණ තිබූ බවග මේ රෝග ලක්‍ෂණ නිතිපතා හට ගන්නෙ නැහැග සමහර විට මෙය මාසයකට සැරයක්‌ එන රෝග ලක්‍ෂණයක්‌ විය හැකියිග එහෙමත් නැත්නම් තුන් මාසයකට සැරයක්‌ ඇතිවනවා විය හැකියිග

ඒ එක්‌කම තවත් රෝග ලක්‍ෂණයක්‌ තිබෙනවාග ඒ තමයි ශරීරයේ තැන තැන හිටි හැටියේම ඉන්නන් හා උපන් ලප හට ගැනීමග ආගන්තුක ගැටිති ඇති වීමග එය පිළිකා සෛල සිරුරේ තිබෙන බවට පෙර නිමිත්තක්‌ග ඉහත සඳහන් රෝග ලක්‍ෂණ තිබෙනවා නම් වහාම කළ යුත්තේ සුදුසු වෛද්‍යවරයකු හමුවී වෛද්‍ය පරීක්‍ෂණයකට භාජන වීමයිග

ප්‍රශ්නය - මොළයේ පිළිකාවල වර්ධනයක්‌ පසුගිය කාලයේ ඇතිවුණාදරෑ

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙහිදී මොළයේ පිළිකාව සහ මොළයේ අර්බුද :ඔමපදර- අතර වෙනස වටහා ගත යුතුයිග අර්බුදයක්‌ හෙවත් ටියුමරයක්‌ පිළිකාවක්‌ තරම්ම බරපතළ නැහැග මොළයේ පිළිකාවල වර්ධනයක්‌ සිදුවුණාදැයි ඔබ අසන ප්‍රශ්නයට උත්තරය වන්නේ එසේ සිදුවෙලා නම් එයට හේතුව මානසික ආතතිය සහ පාරිසරික හේතු ඕනෑ තරම් අද අප අවට තිබෙන බවයිග

ප්‍රශ්නය - මොළයේ පිළිකාවක රෝග ලක්‍ෂණ මොනවදරෑ

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ප්‍රධානතම ලක්‍ෂණය තමයි හිසේ වේදනාවග මොළයේ පිළිකාව තිබෙන රෝගීන් 96්‍ර ක්‌ කරන පැමිණිල්ල තමයි මේ හිසේ වේදනාවග මෙය හිසේ එක තැනකල එක විදියක එක වේදනාවක්‌ නොව හිසේ විවිධ තැන්වල විවිධ විදියට එන වේදනාවක්‌ග මේ වේදනාව එක්‌කම ඔක්‌කාරය සහ වමනය හට ගන්නවාග එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් යටි බඩ රිදෙනවාග මෙවැනි රෝග ලක්‍ෂණවලදී ශාක සාර ඖෂධ 20 - 30 අතර ප්‍රමාණයක්‌ අන්තර්ගත වන කසාය වර්ග අප නියම කරනවාග එසේම මහා හරි නමැති පාරම්පරික තෙල් වර්ගය හිසට දමා සම්බාහනය කරනවාග

:වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි සමගින් සාකච්ඡා කර සකස්‌ කළ ආත්‍රයිටිස්‌ රෝගය පිළිබඳ ලිපි පෙළෙහි අවසන් කොටස ලබන 6 වැනි ඉරිදා මේ තීරුවෙහි පළවේග මොළයේ පිළිකාව සම්බන්ධ ලිපි පෙළෙහි ඊළඟ කොටස්‌ 13 වැනි ඉරිදා සිට පිළිවෙළින් පළවනු ඇතග-

නොමිලේ විස්‌තර සඳහා
0713464276රැ 0759061771
අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »