Home / සෞඛය / මුත්‍රා මාර්ගයේ ආසාදන කාන්තාවන්ට වැඩියි

මුත්‍රා මාර්ගයේ ආසාදන කාන්තාවන්ට වැඩියි

2017-08-08 10:59:00       855
feature-top
 මුත්‍රා මාර්ගයේ ආසාදන එනම් ර්‍ණයූරින් ට්‍රැක් ඉන්ෆෙක්ෂන්ස්” වඩා බහුලව ඇති වන්නේ කාන්තාවන්ටයග පිරිමින්ගේ මුත්‍රා මාර්ගයට වඩා කෙටි මුත්‍රා මාර්ගයක් පැවතීම නිසා මෙම අවදානම ඉහළයග

මුත්‍රා මාර්ගයේ ආසාදන ඇතිවන්නේ රෝග කාරක බැක්ටීරියා මුත්‍රා මාර්ගයට ඇතුළු වීම හේතුවෙනිග බොහෝවිට ලිංගික ප්‍රදේශවල පිරිසිදු භාවය දුර්වල වීමල යට ඇඳුම්වල අපිරිසිදුකම මෙන්ම වැසිකිලි ගොස් පිරිසිදුවීමේදී නොසැලකිල්ලෙන් මල කොටස් මුත්‍රා මාර්ගයට ඇතුළු වීමෙන් :විශේෂයෙන් කාන්තාවන්ට- මෙම ගැටලුව ඇති වෙයිග

මුත්‍රා මාර්ගයේ ආසාදන නිසා උණ ඇතිවීම සුලබයග විශේෂයෙන් ඇඟ සීතල කර උණ ගැනීම වරින් වර දැකිය හැකියග අනෙකුත් රෝග ලක්ෂණවන්නේ අධික වෙහෙස දැනීමල මුත්‍රා දැවිල්ලල නිතර නිතර මුත්‍රා කිරිමේ අවශ්‍යතාවය සුළු ප්‍රමාණයෙන් මුත්‍රා පහවීමල මුත්‍රා සමඟ ලේ මිශ්‍රව තිබුණහොත් මුත්‍රා රතු පැහැ ගැනීමල මුත්‍රාවල වලාකුළු වැනි අපැහැදිලි ගතියක් පැවතීම මුත්‍රා වලින් ගඳක් නිකුත් වීම යටි බඩ රිදීම උදරයේ පහළ කොටසේ පිපුන ස්ථානයක් තිබීමල කොන්ද රිදීම යනාදිය පවතියිග

පූර්ණ මුත්‍රා පරීක්ෂාවක් තුළින් මුත්‍රා ආසාදනයක් පවතින බව සොයාගත හැකියග මුත්‍රා සාම්පලය තුළ අඩංගු සැරව සෛල :පස් සෙල්ස්- සහ රුධිර සෛල :රෙඩ් සෙල්ස්- ප්‍රමාණය මත මෙම නිගමනය කෙරේග ආසාදනයකට මුල් වූ රෝගකාරකයා හැඳින නිශ්චිත ප්‍රතිකාර ලැබීමට නම් මුත්‍රා රෝපණ පරීක්ෂාවක් හා ප්‍රතිජීවක සංවේදිතා පරීක්ෂණයක් :යුරින් කල්චර් සහ ඒ බී ඇස් ටී- කිරීම අවශ්‍යයග

නිතර නිතර මුත්‍රා ආසාදන ඇතිවීම වකුගඩු කෙරෙහි බලපෑ හැකි නිසා ඒ ගැන විමසිලිමත් වීම සහ වෛද්‍ය උපදෙස් මත රෝගය වැළැක්වීම සඳහා පියවර ගැනීම වැදගත්යග

curtesy :dinamina.lk

More News »