Home / සෞඛය / කොඳුඇටපෙළ ඇදවන අය මේ කසාය බීලා බලන්න

කොඳුඇටපෙළ ඇදවන අය මේ කසාය බීලා බලන්න

2017-08-15 10:05:00       855
feature-top
ප්‍රශ්නය - කොඳු ඇට පෙළ ඇදවීමේ ආත්‍රයිටීස්‌ තත්ත්වය ගැන අප පසුගිය සතියේදී සාකච්ඡා කළාග එවැනි රෝග තත්ත්වයක්‌ යටතේදී ගත යුතු ආහාර සහ අනුගමනය කළ යුතු ජීවන රටාව කුමක්‌දරෑ

වෛද්‍ය වසන්ත උදයජීව - ඉතාම ලෙහෙසියෙන් ජීරණය වන තෙල් සහිත ආහාර ගැනීම තමයි වඩාත් සුදුසුග ගිතෙල්ල පිරිසිදු බටර්ල එළවළු සුප්ල කොට්‌ටන් යනාදිය ඉතාම යෝග්‍යයිග බත්ල පාන්පිටිල මුං ඇට වැනි ආහාර ඉවත් කළ යුතුයිග කායික සහ මානසික විඩාව වළක්‌වා ගත යුතු අතර මද රස්‌නය සහිත තල තෙල් වලින් සිරුර සම්බාහනය කර ගැනීමට හැකිනම් බෙහෙවින් වටිනවාග ඒ අතර මා තවත් අත්බෙහෙත් දෙකක්‌ කියන්නම්ග සුදුලූනු බික්‌ දෙකක්‌ අඹරා කිරි වීදුරුවකට දමන්නග එය මද ගින්නේ හතරෙන් එකකට හින්දවන්නග ඉන්පසු එම මිශ්‍රණය පෙරා එක්‌ කොටසක්‌ උදය වරුවෙත්ල අනෙක්‌ කොටස සවස්‌ වරුවෙත් පානය කරන්නග මේ ආකාරයෙන් සතියකට දින 3 ක්‌ හෝ හතරක්‌ දිගටම කරන්නග දෙවන අත් බෙහෙත මෙයයිග අබ තෙල් හෝ තල තෙල් තේ හැන්දක්‌ ගෙන එය තාච්චියකට දමා උණුසුම් වන විට අඹරාගත් සුදුලූනු බික්‌ තුන හතරක්‌ සහ සූදුරු තේ හැන්දක්‌ දමා දුඹුරු පැහැ වන තුරු බැදගන්නග ඉන්පසු එය ලිපෙන් බා මද රස්‌නය තිබියදී කොඳුඇටපෙළ දිගේ තවරා හොඳින් තවන්නග ඉන් පසු මද රස්‌නය සහිත ලුණු පොට්‌ටනියකින් ප්‍රදේශය තවා ගන්නග

ප්‍රශ්නය - පසුගිය සතියේදී ඔබ සඳහන් කළ විදියට මෙය හට ගන්නේ කොඳු ඇට පෙළ මත දැඩි පීඩනයක්‌ යෙදවීම නිසයිග ඊට අමතර ආයුර්වේද අර්ථකථනයක්‌ තිබෙනවදරෑ

වෛද්‍ය වසන්ත උදයජීව - ශරීරය තුළ කුපිත වන වාත දෝෂ මගින් පටක ක්‍ෂය කරනවාග එසේම සන්ධිවල ඉහළ කොටසක්‌ අස්‌ථාවර කරනවාග වාතය කුපිත වන්නේ ඉතා වියළිල ඉතා සීතලල ඉතා සැහැල්ලු සහ ඉතා බර ආහාර නිසයිග මෙවැනි ආහාර ගත් විට ශරීරය තුළ වායු වර්ග හටගන්නවාග වැඩි කාල පරතරයක්‌ තුළ ඉතා කුඩා ප්‍රමාණවලිින් ආහාර ගැනීමල ඇඹුල් සහ තිත්ත ආහාර ගැනීමල නිදි වැරීමල දුම් පානයල මත්පැන් පානයල ඕනෑවට වඩා ඇඟ මහන්සි කරන වැඩ කටයුතුවල නිරත වීමල ප්‍රමාණය ඉක්‌මවා ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවීමල සහ මානසික ආතතිය නිසාත් වාත දෝෂ හට ගන්නවාග ඒ නිසා මෙවැනි තත්ත්වයන්ගෙන් වැළකී සිටීම තමයි වඩාත් සුදුසු වන්නේග

ප්‍රශ්නය - කොඳු ඇට පෙළ ඇදවීමේ රෝගයට කසායක්‌ දිය හැකිදරෑ

වෛද්‍ය වසන්ත උදයජීව - පාවට්‌ටාමුල්ල තොටිල පොතුල දේවදාරල පත්පාඩගම්ල එලබටු මුල්ල කටුකරෝසනල වියළි ඉඟුරුග කොත්තමල්ලිල සුවඳ කොට්‌ටම්ල අරළු යනාදිය කලං 1 මංචාඩි 4 බැගින් ගෙන වතුර පත 8 එකට සිඳුවා පෙරා තිප්පිලි කුඩු ඇඟිලි දෙකකට හසුවන ප්‍රමාණයෙන් දෙකක්‌ මුසු කර පත භාගය බැගින් උදේ සහ සවසට දින 12 ක්‌ එක දිගට පානය කළ යුතුයිග තිප්පිලි කුඩු සාදා ගන්නේ කබලේ බැද කුඩුකර ගැනීමෙනුයිග

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »