Home / සෞඛය / ක්ලාන්තයක් ඇතිවූ විට කළ යුතු දේ

ක්ලාන්තයක් ඇතිවූ විට කළ යුතු දේ

2017-08-22 01:02:00       571
feature-top
 රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය
මහින්ද හේමප්‍රිය

අම්මේ නංගි කලන්තෙ දාල වැටිලාග සිහිය නැහැ වගේග

දුවේ දුවලා ගිහින් වතුර ටිකක් ගේන්න

දුවගේ මුහුණට වතුර ටිකක් ඉහලා ටික වෙලාවකින් තමයි දුවට සිහිය ආවේග

මෙවැනි සිද්ධින් ඔබ ජිවිතයේ හොඳාකාරව දැකලා ඇතිග වතුර ටිකක් ඉස්ස පමණින් සිහිය ආවත් ක්ලාන්තය ඇතිවන්නේ කුමන හේතු පදනම් කරගෙනද කියා ඔබ දැනගැනිම ඉතා අවශ්‍ය කාරණාවක්ග

හදිසියකින් යම්කිසි පුද්ගලයකුට ක්ලාන්තයක් ඇතිවුවිට එය නිසි ලෙස හඳුනා ගැනීමල සිදු කළ හැකි ප්‍රතිකාර විධි හා මෙය වැළැක්වීම වැනි කාරණා ගැන අද අපි කතා කරමුග

අපගේ ශරීරයේ අපේ පාලනයකින් තොරව ක්‍රියාත්මක වන ස්වයං සාධක ස්නායු පද්ධතියට අයත් ප්‍රත්‍යානුවේගී ස්නායුවක ක්‍රියාකාරීත්වය නිසාල ක්ලාන්තය සිදුවනවාග නමුත් මේ ආකාරයට ඇතිවන ක්ලාන්තයට අමතරව තවත් විවිධ වූ වෛද්‍යමය හේතු කාරණා නිසාද සිහි නැතිව ඇද වැටෙන්න පුළුවන්ගමේ නිසාම සාමාන්‍ය ක්ලාන්තයක්ල වෙනත් හේතුවකට ඇතිවිය හැකි ක්ලාන්තයකින් වෙන් කරවා ගැනීම වෛද්‍යවරයකුට හැකියාවක් තිබෙනවාග

රෝගියා විසින් දෙනු ලබන රෝග විස්තරය අනුව වලිප්පුවල කරකැවිල්ලල රුධිර සීනි අඩුවීමල හිස බර ගතිය ආදී ලෙස වූ වෙනත් කාරණා නිසාද ක්ලාන්තය ඇතිවිය හැකියිග විශේෂයෙන් නිතර නිතර ක්ලාන්තයට ලක්වන පුද්ගලයන් වෛද්‍ය උපදෙස් හා අවවාද ලබා ගත යුතු වෙනවාග

වළක්වාගත හැකි අවස්ථා

මෙලෙස ඇතිවන ක්ලාන්ත තත්ත්වයට ඇති ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන කොට පළමුවෙන්ම සිතිය යුතු කාරණය වන්නේ ර්‍ණවැළැක්වීමයි” මෙහිදී වැළැක්විය යුත්තේ ක්ලාන්තයට හේතුවිය හැකි යැයි රෝගියා අත්දැක ඇති කාරණා හා අවස්ථා ආදියයිග :ඒමධඪඤචදජඥ ධට බපඪඨඨඥපඵ- මේවා වන්නේ රුධිරය දැකීමල රුධිරය සිරින්ජයකට ලබා ගැනීම බලා සිටීමල වැඩි වේලාවක් සිටගෙන සිටීමල එකවරම සිට ගැනීමල දැඩි ඔසප් වේදනාල නින්ද නොමැති වීමල බඩගින්නේ සිටීමල විජලනයල තද උෂ්ණාධික පරිසරයක සිටීමල ආදී කාරණා ඒ අතර වනවාග

නමුත් දැඩි ආවේග හා ශෝකජනක අවස්ථාවන් :ඡ්යබපඥථඥ ඥථධබඪධදඵ- හදිසි අනතුරුවලින් ලේ ගැලීම ආදිය ප්‍රයෝගිකව වැළැක්වීම හෝ පාලනයක් කළ නොහැකි දෙයක් වන බව මතක් කළ යුතුව තිබෙනවාග

ලවණ අඩංගු දියර පානය කිරිමට දෙන්න

ඒ වගේම එන්නතක් ලබාදීමේදී සිහි නැතිවන අයට කකුලක් මත අනිත් කකුල දමා තද කරගෙන සිටීමෙන් :ඛ්පධඵඵඪදඨ තඥඨඵ චදඤ බඪඨඩබඥදඪදඨ බඩඥථ- රුධිර ගමන අඩු වී ක්ලාන්තය ඇතිවීම අවම කළ හැකි වනවාග ඒ වගේම ක්ලාන්තය ඇතිවිය හැකි අවස්ථාවලට මුහුණ දීමට පෙර හොඳින් දියර පානයක් කිරීම මඟින් :විශේෂයෙන් ලුණු හා ලවණ අඩංගු දියර- රුධිර පරිමාව තරමක් වැඩිකර අඩු රුධිර පීඩනයට මුහුණ දිය හැකි වෙනවාග

මීට අමතරව අධික රුධිර පීඩන ඖෂධ ප්‍රතිකාර මඟින්ල සිට ගන්නා විට ක්ලාන්තය ඇති කරනා අවස්ථාවල ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත්ග

මේ අයුරින් ප්‍රථමාධාර දෙන්න

සම්පූර්ණ සිහි නැතිවීමකදීල උගුරේදී දිව පහළට වැටී සිදුවන හුස්ම ගැනීම අවහිර වීම වැළැක්වීමට :හිස පසෙකට හැරවන සේ- බිම දිගාකර තබා නිකට ප්‍රදේශයෙන් හිස මඳක් ඉහළට එසවීමත් ජීවිතය බේරා ගන්නා ප්‍රථමාධාර ක්‍රියාවක් ගග

නිතර නිතර සෑදෙන ක්ලාන්තවීම සඳහා ඖෂධ ප්‍රතිකාර නියම කෙරෙන බවද මතක තබා ගත යුතුයිග කෙසේ වෙතත් මේ සඳහා අදාළ හේතුව දැනගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවාග

අවසාන වශයෙන් පැවසිය යුත්තේල කෙටි කාලයකට සීමාවන ක්ලාන්තයන් ශරීරයට එතරම් බලපෑමක් හෝ විශේෂ රෝගයක රෝග ලක්ෂණ වීමට ඇති ඉඩකඩ අඩු අතර ඇදගෙන වැටීමේදී සිදුවිය හැකි බාහිර අනතුරු හා තුවාල විම් නම් සමහර අවස්ථාවල බරපතළ තත්ත්වයන් ඇති කරන බැව් සඳහන් කළ යුතයිග

ක්ලාන්තය ඇතිවූ විට ඔබ කළ යුතු දේ

වඩාත් වැදගත් ක්‍රියාමාර්ගය වන්නේ ක්ලාන්තය ඇතිවිම පිළිබඳ පෙර ලකුණු දැනෙන පුද්ගලයකු නම් වහාම හිස පොළොවට සමාන්තර වන සේ බිම දිගාවීම දෙපා පොළොවෙන් ඉහළට ඔසවා ගෙන තැබීමට කටයුතු කිරිමත් හෝ එවැනි දෙයක් කිරීම අපහසු අවස්ථාවක අවම වශයෙන් ඉඳගෙන සිටියදී තම හිස බිමට දමාගෙන සිටිමත් යන කරුණුයිග

Wmqgd .ekSu wdfrda.Hd mqj;a m; weiqfrks

More News »