Home / සෞඛය / සැත්කමකින් ඉවත් කළ පසුවත් ගර්භාෂ ගෙඩි (ෆයිබ්‍රොයිඩ්) නැවත හට ගන්නවාද?

සැත්කමකින් ඉවත් කළ පසුවත් ගර්භාෂ ගෙඩි (ෆයිබ්‍රොයිඩ්) නැවත හට ගන්නවාද?

2017-08-24 10:18:00       215
feature-top
 පේරාදෙණිය වෛද්‍ය පීඨයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
චාමින්ද කන්දඋඩ

කාන්තාවන් හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු සොයා බැලීමේදී බහුලව හඳුනාගත හැකි ගැටලුවක් වන්නේ ගර්භාෂ ගෙඩි නැතිනම් ෆයිබ්‍රොයිඩ්ස් ලෙස පොදු ව්‍යවහාරයේ හඳුන්වන බහුල සෞඛ්‍ය ගැටලුවයිග

ගර්භාෂ ගෙඩි කියන්නේ මොනවාදරෑ

ගර්භාෂයේ පේෂියේ ඇතිවන වෙනස්වීමක් නිසා හටගන්නා ගෙඩි මෙනමින් එනම්ල ෆයිබ්‍රොයිඩ්ස් ලෙස හැඳින්වේග

බහුලව දැකගත හැකි මෙම තත්ත්වයේදී බොහෝවිට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නමුත් ගර්භාෂ ගෙඩි ප්‍රමාණයෙන් විශාල වීම නිසා හෝ ගෙඩි හටගන්නා ස්ථානය අනුවත් ගැටලුකාරි ලක්ෂණ පෙන්විය හැකග

මඳසරුභාවය හා ගර්භාෂ ගෙඩි අතර සම්බන්ධයක් තිබෙනවාදරෑ

බොහෝවිට මඳසරුභාවය සහිත කාන්තාවකට ගර්භාෂ ගෙඩි ඇති වී තිබේ නම් එය බොහෝවිට කලින් හඳුනා ගැනීම ද සිදුවිය හැකියග ඒල ඇය නිතර නිතර ස්කෑන් පරීක්ෂණවලට සහභාගි වීම හේතුවෙන්යග

ෆයිබ්‍රොයිඩ් සහ මඳසරුභාවය අතර සම්බන්ධතාවයක් තිබිය හැක යනුවෙන් සඳහන් කළ ද ගර්භාෂ ගෙඩි සහිත සෑම අයෙකුගේම මඳසරුභාවයට එකම හේතුව එය නොවේග එනම් ගර්භාෂ ගෙඩි සහිත සෑම කාන්තාවක්ම මඳසරුභාවයට ලක් නොවේග

ගර්භාෂ ගෙඩියෙන් විශේෂ බලපෑමක් ඇති වනුයේ එහි පිහිටීම අනුවයග යම් අවස්ථාවක එය ගර්භාෂයේ ඇතුළත කුහරයට බාධා ඇතිවන ලෙස පිහිටීමෙන් පුරුෂ හා ස්ත්‍රී බීජ එකතු වීමට බාධා ඇති කළ හැකග

ඊට අමතරව ප්‍රධාන වශයෙන් සංසේචනය වූ කළලය ගර්භාෂයේ ඇතුළත තැන්පත් වීමට මින් බාධාවක් ඇතිවිය හැකග එසේම සංසේචනය වී ගර්භාෂයේ තැන්පත් වූ කළලය ටික දිනකින් ගබ්සා වීමටද ගර්භාෂ ගෙඩිවල පිහිටීම බලපෑමක් විය හැකග

එසේ වුවත් ගර්භාෂ ගෙඩියක් නැතිනම් ෆයිබ්‍රොයිඩ්ස් හඳුනාගත් සැණින් සැත්කමක් සිදු කිරිම අවශ්‍ය නොවේග

මෙවැනි තත්ත්වයකදී ස්ත්‍රිය මෙන්ම පුරුෂයාට අදාළ මඳසරුභාවයට බලපාන සෙසු සියලු කරුණු කාරණාවලට පිළියම් යෙදීමෙන් පසුවත් මඳසරුභාවය හා බැඳුණු ගැටලුව තවදුරටත් පවතී නම් වෛද්‍යවරයා විසින් මෙම ගෙඩි ඉවත් කිරීමට තීරණය කරනු ලබයිග මෙම ගෙඩි ඉවත් කිරීම ඖෂධ භාවිතයෙන් සිදු නොවන අතර ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරිම සිදු වේග

එහිදී උදරයේ පහළ කොටසට කැපුමක් යොදා :ඹ්චනධපධබධථර- මඟින් එය ඉවත් කිරීමේ හැකියාව පවතීග මීට අමතරව ලැපරස්කොපි සැත්කමක් මඟින් ද එය ඉවත් කළ හැකියග

මෙහිදී ෆයිබ්‍රොයිඩ් නැතිනම් ගර්භාෂ ගෙඩිය ගර්භාෂයේ කුහරය තුළට යොමු වී ඇත්නම් යෝනි මාර්ගය හරහා සිදු කරන සැත්කමක් මඟින් ඉවත් කිරීම වඩාත් සුදුසු වේග හිස්ටරස්කොපි ලෙස මෙය හඳුන්වන අතර මඳසරුභාවය සහිත තත්ත්වයන්වලදී සිදු කිරීමට යෝග්‍ය ප්‍රතිකාර ක්‍රමයකිග

ගර්භාෂ ගෙඩි නැවත නැවතත් හට ගන්නේදරෑ

ගර්භාෂ ගෙඩි නැවත නැවතත් ඇතිවීම සිදුවිය හැකග වරක් ඉවත් කළ පසුව ද වසර කීපයකින් :එනම් වසර හතරක්ල පහක් පමණ ගෙවී ගිය විට- නැවත හට ගැනීමේ හැකියාවෙන් යුක්තයග එසේම ගර්භාෂ ගෙඩිි හට ගැනීමට අදාළ නිශ්චිත හේතුවක් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් යම් ජානමය බලපෑමක් තිබිය හැකි බව විශ්වාස කරයිග

ගර්භාෂ ගෙඩි පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිදරෑ

ගෙඩියක් ලෙස වර්ධනය වුවද ෆයිබ්‍රොයිඩ් ගෙඩි පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව 1්‍ර කටත් වඩා අඩුයග

ගර්භාෂ ගෙඩි ඉවත් කළ යුතු අවස්ථා

මාසික ඔසප් වීමේදී අධික ලෙස රුධිරය පිටවෙන්නේ නම් හා වේදනාවක් දැනෙන්නේ නම් දල ගෙඩිය අධික ලෙස විශාල වී ඇතිවිට මෙන්ම ඒ හා සම්බන්ධ ගැටලු මතුවන්නේ නම් උදා - මුත්‍රා සම්බන්ධ ගැටලුල උදරයේ වේදනාව වැනි ලක්ෂණ පෙන්වන්නේ නම් එවැනි අවස්ථාවලදී ගර්භාෂ ගෙඩිය ඉවත් කිරීමට උපදෙස් දෙනු ලැබේග

ඊට අමතරව ඒ පිළිබඳ වරින් වර ස්කෑන්කර පරීක්ෂා කර බැලීම ද සිදු කළ හැකග ඊටත් අමතරව ආර්තවහරණයට ලක් වූ හෝ ආර්තවහරණයට ලක්වීමට ආසන්න කාන්තාවන් හට එම තත්ත්වයත් සමඟ ගර්භාෂ ගෙඩි හැකිලී කුඩා වීම සිදුවිය හැකි බැවින් එවැනි අවස්ථාවවල දී මෙම ගෙඩි පිළිබඳ අනිසි බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවේග


Wmqgd .ekSu wdfrda.Hd mqj;a m; weiqfrks

More News »