Home / සෞඛය / ඇඟ කෙට්‌ටුද, මෙන්න බෙහෙත්

ඇඟ කෙට්‌ටුද, මෙන්න බෙහෙත්

2017-08-27 10:29:00       613
feature-top
ප්‍රශ්නය - පසුගිය සතියේ පළවූ මේ ලිපියේ මුල් කොටසින් ඔබ පෙන්වා දුන්නා ආහාර නිසා රෝගී පරපුරක්‌ බිහිවන අයුරුග එසේම කෙනකුගේ පැවැත්මට බලපාන ප්‍රමුඛ සාධක ලෙස ආයුර්වේදයේ දක්‌වා තිබෙන ආහාරල නින්දල ලිංගික කටයුතු යනාදිය පමණ ඉක්‌මවා කිරීමට ඇබ්බැහි වුණාම පුද්ගලයකුගේ ශාරීරික සහ මානසික සමතුලිතභාවය වියෑකී යන බව ඔබ සමඟ අප කළ සාකච්ඡාවේදී සඳහන් වුණාග අද මා ඔබෙන් අසන්නේ වැදගත් ප්‍රශ්නයක්‌ග මේක බොහෝ මවුවරුන්ට මෙන්ම නව යොවුන් අයටත් තිබෙන ප්‍රශ්නයක්‌ග ඒ තමයි සමහර අම්මලා හැම විටම පැමිණිලි කරනවා කොතරම් කන්න දුන්නත් තමන්ගේ දරුවා කෙට්‌ටු බවග ඒ අතර සමහර නව යෞවන යෞවනියන් කියනවා කොතරම් ආහාර ගත්තත් ශරීරය කෙට්‌ටු බවග සමහර තරුණියන් හිතනවා ශ්වේත ප්‍රදරය හෙවත් සුද යැම නිසා තමන් කෙට්‌ටු වනවා කියලාග ඒ අතර තරුණ පිරිමි ළමුන් හිතනවා ස්‌වප්න මෝචනය වගේ දේවල් නිසා ඇඟ කෙට්‌ටු වන බවග ඇත්තටම මෙයට හේතුව මොකද්දරෑ

වෛද්‍ය අයේෂා කළුආරච්චි - ශ්වේත ප්‍රදරය සහ ස්‌වප්න මෝචනය කියන සාධක දෙක ප්‍රමාණය ඉක්‌මවා දරුණු ලෙස සිදු වෙන්නට පටන් ගත්තාමත් ශරීරය කෙට්‌ටු වෙනවාග මෙහිදී කෙට්‌ටු වීම දෙආකාරයෙකින් සිදු වෙනවාග

පළමුව රෝග තත්ත්වය නිසා කෙට්‌ටු වෙනවාග දෙවනුව රෝග තත්ත්වය නිසා ඇතිවන මානසික ආතතිය නිසා සිදු වෙනවාග ඒ කියන්නේ සමහර තරුණියන් ,අනේ මට සුද යනවා, කියා ලතවෙමින් ඒ ගැන කල්පනා කරනවාග එවිට හටගන්නා මානසික ආතතිය නිසා ආහාර අවශෝෂණය හරියාකාරව සිදු වෙන්නේ නැහැග පිරිමි ළමයින්ගේ තත්ත්වයත් එයමයිග එහෙත් වැදගත් ම සාධකය වන්නේ ආහාර රටාවේ වරදයිග ඒ අතර සමහරු ඉන්නවාල හොඳට බඩගිනි එනවාග කොයි වෙලාවේ ආහාර දුන්නත් කන්න පුළුවන්ග හැබැයි ආහාර දිරවලා ඇඟට අවශෝෂනය කරන්න ශක්‌තිය නැහැග ආයුර්වේදයේ එනවා ශක්‌තීන් දෙකක්‌ග එකක්‌ -වරණ ශක්‌තියල අනෙක අභ්‍යාවරණ ශක්‌තියග -වරණ ශක්‌තිය කියන්නේ ජීරණය කර ගැනීමේ ශක්‌තියග සමහරුනට මේ ශක්‌තිය නැහැග හැබැයි ආහාර ගැනීමේ ශක්‌තිය හෙවත් අභ්‍යාවරණ ශක්‌තිය තිබෙනවාග

මේ ගැන හරියටම දැන ගනිමු ලබන සතියේග

නොමිලේ විස්‌තර සඳහා
- 0766739977ල 011-5708567

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »