Home / සෞඛය / පලතුරු ගුණ

පලතුරු ගුණ

2017-09-19 09:43:00       730
feature-top
පරිසරයෙන් ඈත් වී ගියත් බොහෝ ගුණ ඇති ගඩාගෙඩි

වීර

මෙම පලතුර ලංකාවේ දුර්ලභ ඝණයේලා සැලකෙන මිහිරි පලතුරකි. අවුරුද්දකට එකම වාරයක්‌ පමණක්‌ ඵලහට ගනියි. එම ගෙඩි ඉදුණු පසු රත්පැහැයෙන් යුතුය. ලොකු කෝපිගෙඩි තරම් ප්‍රමාණ වත්වේ. කෑමට කවුරුත් ප්‍රිය කරති. මෙම වීර ගස්‌ද දැක ගැනීමට හැකි වනුයේ කතරගම සෙල්ලකතරගම සිතුල්පව්ව යන ප්‍රදේශවලිනි. මෙහි ආයුර්වේද ඖෂධ ගුණය වනුයේ පිළිකා නාශක ගුණයයි. හෘද රෝග මර්ධනය කිරීමේ ගුණය රදාපවතියි.

වේරෑන ගෙඩි

වේරෑනගෙඩි ඉදුණු පසු ළමුන් කෑමට ප්‍රියකරන පැණි රස ඇඹුල් රස දෙකම මුසු පලතුරකි. මෙම පලතුරු දැක ගත හැකි වනුයේ ඇළ දොළ ගංඟා වැව් ආශ්‍රිතව, ඉතා සරුවට වේවැල් වගාව තිබෙනු දැක ගත හැකිව තිබෙන ස්‌ථානවලය. වේරෑන ගෙඩිවල පවතින ආයුර්වේද ඖෂධීය ගුණය වන්නේ, මානසික රෝග, චර්මරෝග ග්ර්භනී රෝග සුවපත් කිරීමේදී බෙහෙත් වර්ග සකස්‌ කිරීම සඳහා සංයෝග කරගනු ලැබීමයි. ඒ බව ආයුර්වේද ඉතිහාසයේ පුරාතණ යුගවල සඳහන්ව පවතී.

එහෙත් මෑත යුගයේ වේවැල් මන්ඬි වැව් ඇළ දොළ ගංඟා ආශ්‍රීත ප්‍රදේශ බැකෝ යන්ත්‍ර මගින් පිරිසිදු කිරීමේදී විනාශ කර දමති. වේවැල් කර්මාන්තයේ නියෑලෙන තවත් පිරිස්‌ ඔවුන්ගේ පාරම්පරික උරුම රැකියාව කිරීම සඳහා වේවැල් මන්ඬිපිටින් කපා විනාශ කරති. එම වේවැල්වලින් කුළු වට්‌ටි කූඩා පුටු මේස ආදිය සකස්‌ කරති.

කැකිරි

මෙයද ලංකාවේ පලතුරු විශේෂයකි. මෙය විශාල ලෙස වගාකරනු ලබනුයේත් සරුවට වැවෙනුයේත් යල්කන්නයේදී කුඹුරු ඉඩම්වලය. මිහිරි ගුණය නිසා ඇතැම් අය සීනි කැකිරි කියා හඳුන්වනු ලැබේ. වෙළෙඳපොලේ බහුලව දැක ගැනීමට පුළුවන. දක්‍ෂිණ ලංකාවේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ වීරකැටිය මැදමුලන අත්තනයාල, ගොණාදෙණි, මීගස්‌ආර, රම්භාවිහාරය, අඟුණුකොළපැලැස්‌ස වාඩිගල, රන්න යන ප්‍රදේහවල ගොවීහු අති බහුල ලෙස කැකිරි වගා කර එහි ඵල නෙලා ට්‍රැක්‌ටර්වලින් ලොරිවලින් වීරකැටිය පොදු වෙළෙඳ පොළට ගෙනවිත් විකුණා මුදල් ලබා ගනිති. ඉදුණු ගෙඩි කහපැහැයෙන් යුතුවන අතර දිගටි හැඩය සහ රවුම් හැඩත් පවතී. ඇතැම් ගෙඩි හොඳට ඉදුණු පසු පොත්ත පිපිරී එහි දාර ඇති වෙති. සුවඳවත් වෙති. ඉදුණු පසු එහි පිටිගතියද ඇති වේ. ඉදෙන්නට පෙර දී වෑංජන සඳහා ද යොදා ගනිති. ඉදුණු පසු ලෙලි හැර කැබලි ලෙස කෑමට ගනිති. කැකිරි ගෙඩියේ ලෙල්ල ඉවත් කර යුෂ ගෙන බීම සඳහා ද යොදා ගනිති. ආයුර්වේද ගුණාත්මක භාවය වනුයේ ශරීරයේ ලේවල පවත්නා ඌෂ්ණත්වය නැති කරලීම අක්‌මාව ශක්‌තිමත් කිරීම වකුගඩු රෝග නිවාරණය කිරීම ශරීරයක ගෙඩි සහ පිළිකා රෝග මර්ධනය කිරීමේ ප්‍රථිශක්‌තිකරණය තිබීමය. ඒවා විශේෂිත ගුණ වනු ඇත. සෙම්ප්‍රතික්‍ෂා රෝග අවස්‌ථාවේ භාවිතය සුදුසු නැත.

කැකිරි වැලක ගෙඩි විශාල ප්‍රමාණයක්‌ හටගනී. කැකිරි වැලේ මල කහපාටින් යුක්‌තය. වගා කර මාස තුනක්‌ පමණ කාලයක්‌ ගතවන විට ඵලදරා වැල වියළී මැරි යයි. සිටවා මාස එකහමාර තරම් කාලය ගත වන විට ඵලදරණු, ලැබේ. පිපිඤ්ඤා කොළය තරමක්‌ විශාල ලෙස සරුවට වැඩී පවතිනු දැකිය හැකිය. කැකිරි ගෙඩි මොනරුන්ගෙන් ප්‍රවේසම්කර ගත යුතු වෙති. උන් හොටයෙන් ඇන ආහාරයට ගනිති.

පලු

පලු ඉතා මිහිරි රසයෙන් යුතු ලංකාවේ පලතුරකි. මෙම දේශීය පලතුර දැක ගැනීමට හැකි වනුයේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේත් මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ කතරගමත් සිතුල්පව්ව යන ප්‍රදේශිකයන් ය. පලු ගස්‌ අඩි අසූවක්‌ සීයක්‌ තරම් උසට වැඩෙන අතු පතර විහිදී ගිය විශාල වෘක්‍ෂයකි. ගස වට අඩි හත අටක්‌ තරම්වෙති. ඵල හටගන්නේ අවුරුද්දකට එක්‌වතාවක්‌ පමණි. හැඩහුරුකමින් කෝපි ගෙඩිතරම් හා නෙළුම් බට්‌ට ඇතුලේ පවතින නෙළුම් ඇට තරම් බවට සඳහන් කළහොත් එය නිවැරදිය. මෙම ගෙඩි ඉදුණු පසු කහ පැහැ ගැන්වේ. සුවඳවත් වෙයිs. ඉදුණු පලුගෙඩි හැමදෙනාම කෑමට ප්‍රිය කරති. වෙළෙඳ පොලේ ඉල්ලුමක්‌ තිබුණද එය දුර්ලභ ඝණයේ ආයුර්වේදීය ඖෂධීය ගුණයෙන් යුතු පලතුරකි. අස්‌ථි ශක්‌තිමත් කිරීමේ ගුණය ඇත.

පලුගසේ පොතු භග්න සන්ධානය සඳහා උපයෝගී කරගනී. එය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ හන්දි වෙදකම සඳහාය. පලුගෙඩි නෙලා ගැනීම උදෙසා පලු ගස්‌මත නැගී එහි අතුකපා ගෙන පලුගෙඩි කඩාගනු ලැබේ. පලුගෙඩි අනුභවයෙන් කටහඩ මිහිරි කරයි. ස්‌වාස රෝග නිවාරණය කරයි.

කොහු කිරිල්ල

ගම්බද ප්‍රදේශවල කැලෑවල ඉබේ හටගනිති. කොළ දිගටිය පඳුරුවශයෙන් වැඩෙති. ඇතැම් කිරිල්ලගස්‌ අඬි අටක්‌ දහක්‌ උසට වැඩෙති. ගසේ කොළ දිගටිය අතු අගිස්‌සේ ගෙඩිවලු සෑදේ. ළමුන් මෙය කඩා කෑමට ප්‍රියකරති. එමෙන්ම ළමුන් උණ බටවලින් තුවක්‌කු සාදා උණ බටයේ කිරිල්ල ගෙඩිය සිරකර ශබ්ද නගා විද උණ වෙඩිල්ලෙන් යම් සතුටක්‌ ලබති. කිරිල්ලගෙඩි කටට දමා කා සාරය උරා බි හපකළ කොහු ටික කටින් විසි කරනු ලැබේ. එනිසා කොහු කිරිල්ල වශයෙන් හඳුන්වනු ලැබේ. මෙහි ඇඹුල් රසයක්‌ කහට රසයක්‌ ගැබ්ව පවතී. කොහු කිරිල්ලවල පවත්නා ඖෂධීය ගුණය වන්නේ. ශරීර ශක්‌තිය ලබාදීම වෙහෙස පීඩාව සංසිදවීම සෙම් රෝග මර්ධනය කිරීමේ ගුණය සහ භග්ග සංධානය කිරීමේ ගුණයය. පුරාණ හන්දි වේදනාවේ කොහු කිරිල්ල ගහේ පොතු හා මුල් තෛල සෑදීම සඳහාත් පොත්තමැල්ලුම් සඳහාත් උපයෝගී කරගනු ලැබීය.

අට්‌ටික්‌කා

සංස්‌කෘත භාෂාවෙන් උදුම්බරා නමින් හැඳින්වේ

අට්‌ටික්‌කා අපේ රටේ අපේම පලතුරකි. අපේ දේශයේ අපේම දේශීය ඖෂධයකි. ගස්‌ විශාල ලෙස වැඩෙති. අතුපතර විහිදී වැඩෙති. මල් හට නොගන්නා පළතුරකි. ගසේ දිනපතා ගෙඩි හටගනී. එය ගෙඩි පොකුරු වශයෙනි. ගෙඩි රවුම්ය කොළපාට මිදි පොකුරු වශයෙන් යයි සඳහන් කරතොත් එය නිවැරදිය. ගෙඩි ඉදුණු පසු රතුපාටින් යුතුවේ. අට්‌ටික්‌කා ගෙඩි වෑංජන පිණිසද, මැල්ලුම් ලෙසින්ද භාවිතයට යොදා ගනු ලබන්නේ ඈත අතීතයේ සිටම ග්‍රාමීය ජනයාය. මෙම හෙළ ඔසුව පිළිබඳව එහි ගුණ සුවඳ එහි රසය ඖෂධීය ගුණය සිංහල ඌරුවට හැදුණු වැඩුණු කොණ්‌ඩය බඳපු අමුඩ ලේන්සුවෙන් නිරුවත වසාගත් ගැමි මිනිසාට විශේෂඥ ඥානයක්‌ තිබූ බවට අවිවාදයෙන් යුතුව පිළිගත යුතුමය.

අට්‌ටික්‌කා ගහේ පොතු එහි පට්‌ටා සහ සියුම්ම ඉරන ලද ලෑලි භග්ග චිකිත්ස්‌සාවේදී ඉපැරණි හන්දි වෙදනාවේ නියලුන ඥාන සම්බාරයෙන් යුතු වෙද උතුමාණෝ දැන සිටියෝය.

අඹරැල්ලා

පිළිකා රෝග මර්දනයට ගුණ ඇඹරැල්ලා ලංකාවේ සෑම ප්‍රදේශයකම ඉතා සරුවට වැඩෙන අඩි තිහ හතළිහක්‌ පමණ උසට වැඩෙන ගසකි "වසරකට වාර දෙකක්‌ පමණ ඵලහට ගනු ලැබේ. ශ්‍රී ලංකාවාසීන් මෙය පලතුරක්‌ ලෙස භාවිතයට යොදා ගනු ලබන්නේ එම ගෙඩි ඉඳුණු පසුය. එසේම ශරීරයට හිතකර ප්‍රිය උපදවන ලෙස එළවළුවක්‌ ලෙසටත් සකස්‌ කර පරිභෝජනයට ගනු ලබන බව ගම් නියම් ගම්වල නගරවල නිවෙස්‌වල කෑම මේසයේත් ගමේ පොල්අතු කඩේ සිට මහ නගරවල සුවිසල් අවන්හල්වල කෑම මේසයේත් දානමය අවස්‌ථාවල දානශාලාවේත් මංගල සාදයේ මගුල් මඩුවේ මගුල් මේසයේත් අවමංගල ගෙදර කෑම මේසයේත් දැකිය හැකි සුලබ දසුනකි. ඇඹරැල්ලා ගෙඩි රවුම්ව පොකුරු ලෙස වලු වශයෙන් හටගෙන තිබෙනු දක්‌නට ඇත.

වරෙක ඇඹුල්රසැති මිහිරි පලතුරති. තවත් විටක මිහිරි රසැති වෑංජනයකි. තවත් විටක මානවයාගේ සිරුරට වැළඳෙන අතිභයානක පිළිකා රෝග මර්දනය කිරීමේ මහා ගුණ දෙන මහා බල සම්පන්න හෙළ ඔසුවකි. වෙළෙඳ පොළේ මිල අඩුය. වටිනාකමින් වැඩිය. වෙළෙඳ පොළේ අති බහුලව විකිණීමට ඇත. සෙමවල ඝණත්වය ලිහිල් කිරීමටත්, ලේවල රුධිර කැටි ගැසීම නතර කරවීමටත් කොලෙස්‌ටරෝල් මර්දනය කිරීමටත් ශරීර ගත ගෙඩි සහ පිළිකා නාශක මර්දන ඖෂධ ගුණයක්‌ ගැබ්ව පවතී.

රෝග සමනය සහ රෝග බෝවීමේ ප්‍රවනතාවය සඳහා මෙවන් ඔසු වර්ග භාවිතය හැර රෝග බෝවී ව්‍යාප්ත වූ පසු කෝටි ගණන් මුදල් කන්දරාවක්‌ වැය කර ප්‍රතිඵල නොලබා බෙහෙත් යෙදීමෙන් ඵලක්‌ නොමැත. ගිය නුවණ ඇතුන්ලවාවත් ඇද්දවිය නොහැකිය. යන ප්‍රස්‌ථාව පිරුළ සිහිගන්වමි.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »