Home / සෞඛය / තයිරොයිඩයට හැදෙන වෙන පිළිකා මොනවද?

තයිරොයිඩයට හැදෙන වෙන පිළිකා මොනවද?

2017-09-20 10:39:00       713
feature-top
ප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළේ පැපිලරි කාසිනෝමා නමැති තයිරොයිඩ් පිළිකා තත්ත්වය ගැනයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ හට ගන්නා පිළිකා වර්ග අතුරින් වැඩියෙන්ම සුවපත් කළ හැක්‌කේ පැපිලරි කාසිනෝමාව බව ඔබ අපට පැහැදිලි කළා. තයිරොයිඩ් ග්‍රන්ථියට වැළඳෙන සෙසු පිළිකා වර්ග ගැන නැවත මතක්‌ කර දිය හැකිද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - Anaplastic thyroid cancer, Medullary thyroid, follicular thyroid යනුවෙන් තව වර්ග 3 ක්‌ තිබෙනවා. මෙයින් පළමු වන වර්ගය වන Anaplastic පිළිකාව ඉතාම සංකීර්ණයි. එහි ව්‍යqහයේ තිබෙන අවුල් සහගත ස්‌වරූපය නිසා රෝග නිශ්චය ඉතාම දුෂ්කරයි. ඒ වගේම එයට බෙහෙත් අහන්නේ නැති ගතියක්‌ තිබෙනවා. මෙහි ආක්‍රමණශීලී ස්‌වභාවය ඉතාම වැඩියි. ඒ අනුව පිළිකාව තිබෙන ප්‍රදේශයේ අවට ඇති සෛල ඉතා ඉක්‌මනින් විනාශ කරමින් පැතිර යන්නට එයට පුළුවන්. මේ සියලු කරුණු සලකා බලන විට එය සුව කිරීමේ සම්භාවිතාව ඉතාම අඩුයි. එනම් 7% - 14% වගේ ප්‍රමාණයක්‌. කොහොම වුණත් මෙය හට ගන්නා මුල් අවධියේදී හඳුනාගත් විට සුව කරන්න පහසුයි.

ප්‍රශ්නය - නවීන වෛද්‍ය විද්‍යාව තුළදී මෙය සුව කරන්න යොදා ගන්න ප්‍රතිකාර මොනවද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - විකිරණ ප්‍රතිකාර සහ රසායනික ප්‍රතිකාර යන දෙක මේ සඳහා යොදා ගන්නවා.

ප්‍රශ්නය - මෙය හට ගැනීමට හේතු මොනවද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - විකිරණයට නිරාවරණය වූ හෝ විකිරණ ප්‍රතිකාරවලට නිරාවරණය වූ අයට (හිසට හෝ ගෙලට) ඇනාප්ලාස්‌ටික්‌ පිළිකාව හැදෙනවා. එවැනි නිරාවරණයන් හෝ ප්‍රතිකාරවලින් වසර 5 සිට 20 දක්‌වා කාලය තුළදී මේ පිළිකාව හට ගන්නට පුළුවන්.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අනෙක්‌ තයිරොයිඩ් පිළිකාවලට පොදු රෝග ලක්‍ෂණ, එනම් ගෙල ඉදිරිපස ගෙඩියක්‌ හට ගැනීම, ස්‌වරභංගය හෙවත් හරි හැටි කතා කර ගන්නට බැරි වීම, ගෙල ප්‍රදේශයේ ග්‍රන්ථීන් ඉදිමීම, ආහාර ගිලීමට අපහසු වීම, හුස්‌ම ගැනීමට අපහසු වීම, උගුර සහ ගෙල ප්‍රදේශවල වේදනාවක්‌ හට ගැනීම, සෙම්ප්‍රතිශ්‍යාවට සම්බන්ධ නැති වේලුම් කැස්‌සක්‌ නිතර හට ගැනීම වැනි දේවලට රෝගියා මුහුණ දෙනවා.

ප්‍රශ්නය - මේ රෝගයට ප්‍රතිකාර කරන විට ඔබ නූතන වෛද්‍ය විද්‍යාවේ එන විද්‍යාගාර වාර්තා හෝ චිකිත්සක වාර්තා සැලකිල්ලට ගන්නවද?

වෛද්‍ය වික්‍රමාරච්චි - ඔව්. නවීන විද්‍යාව හරි දියුණුයි. ඒ මගින් රෝග හඳුනාගැනීමටත්, එම රෝගය පවතින අවස්‌ථාව (Stage) හඳුනා ගැනීමටත් එමගින් පුළුවන්. ඒ නිසා එවැනි වාර්තා කියවා බැලීමටත්, රුධිර පරීක්‍ෂණ වාර්තා කියවීමටත් දේශීය වෛද්‍යවරයා මෙන්ම ආයුර්වේද වෛද්‍යවරයාත් දැන ගත යුතුමයි. තමන්ට ආවේණික වෛද්‍ය ක්‍රමය පහසුවෙන් පරිහරණය කරන්නට එය ලොකු උදව්වක්‌ විය හැකියි. විය යුත්තේත් එයම තමයි.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »