Home / සෞඛය / වකුගඩු රෝග හඳුනා ගැනීම

වකුගඩු රෝග හඳුනා ගැනීම

2017-09-25 09:26:00       755
feature-top
වකුගඩු පටකවලට දිගින් දිගටම හානි සිදුවීම සමඟ වකුගඩුවල කාර්යක්‌ෂමතාව ක්‍රමයෙන් අඩුවේ. විෂ ද්‍රව්‍ය පෙරා ඉවත් කිරීමේ හැකියාව දුබල වේ. මේ නිසා නයිට්‍රජනීය අපද්‍රව්‍ය රුධිරයේ එකතුවන්නට පටන් ගනී. සාමාන්‍යයෙන් රුධිරයේ යූරියා ප්‍රමාණය ඩෙසිලීටරයට 7-20 අතර ප්‍රමාණයේ පවතී. එම අගය 45 මට්‌ටම ඉක්‌ම වූ පසු බාහිර ක්‍රමවේදයකින් රුධිරය පිරිසිදු කිරීම අවශ්‍ය වේ.

වකුගඩු රෝගය සෑදී ඇති බව බොහෝ දෙනා දැනගන්නේ අහම්බෙනි. මාස කීපයක සිට දැනෙන මහන්සිය, තෙහෙට්‌ටුව, නින්ද නොයැම වැනි අපහසුතාවන් පිළිබඳව ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු හමුවූ විට එවැනි අය රුධිර පරික්‌ෂාවට මුලදීම යොමුකරයි. මෙම රුධිර පරීක්‌ෂාවෙන් වකුගඩු රෝග ලක්‌ෂණ මතුවී තිබේදැයි හඳුනා ගැනීමට පුළුවන. මේ අතර කකුල් ඉදිමීම නිසා එම රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීමට පැමිණි විට එම රෝගීන්ගේ රුධිරය පරීක්‌ෂා කිරීමෙන්ද වකුගඩු රෝග ලක්‌ෂණ හඳුනාගත හැකිය. කකුල් ඉදිමීම වකුගඩු රෝගයේ එක්‌ බාහිර ලක්‌ෂණයකි. මුත්‍ර පරීක්‌ෂා කිරීමෙන්ද වකුගඩු රෝගයේ ලක්‌ෂණ හඳුනාගත හැකිය.

වකුගඩු රෝගය හඳුනාගැනීම

රුධිරයේ ඉහළ ක්‍රියෑටිනින් මට්‌ටමක්‌ ඇති බව තහවුරු වුවහොත් ඒ සමඟම මුත්‍රාවල ඇල්බියුමින් හා ක්‍රියෑටිනින් අනුපාතය මැන බැලීමේ පරීක්‌ෂාවක්‌ සිදුකරයි. ඒ සඳහා උදැසන පිටකරන මුත්‍ර පරීක්‌ෂාවට යොමුකළ යුතුය. ඊළඟට රෝගියාගෙන් විස්‌තර දැනගැනීමෙන් ද, රෝග පරීක්‌ෂාවෙන් ද, රුධිර පරීක්‌ෂාවෙන් ද කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු රෝගියාට ඇත්තේ කෘෂිකාර්මික වකුගඩු රෝගයක්‌ ද යනුවෙන් තේරුම් බේරුම් කරගත හැකිය. රෝගියා තරුණ වයසේ අයකු නම් එම පවුලේ ඥතියකුට වකුගඩු රෝගය තිබේ නම් තවදුරටත් රෝගියා පිළිබඳ නිවැරදි නිගමනයක්‌ ගැනීම සඳහා බයොප්සි පරීක්‌ෂණයකට එනම් තුනී ඉඳිකටුවක්‌ වැනි උපකරණයක්‌ සම තුළින් ඇතුළට යවා වකුගඩුවේ ඉතා කුඩා කොටසක්‌ ලබාගෙන එය අන්වීක්‌ෂීය පරීක්‌ෂාවකට භාජනය කිරීමෙන් වකුගඩුවේ තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක්‌ ලබාගත හැකිය. විශේෂයෙන් මේ පරීක්‌ෂණය මඟින් වකුගඩුවේ වෘක්‌කාණුවල කවර කොටසකට හානියක්‌ වී තිබේදැයි හඳුනාගත හැකිය.

ප්‍රතිකාර

දිගුකාලීන වකුගඩු රෝගයකදී බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සිදු කෙරෙනුයේ ''බෝලය එන එන හැටිය පහරදීමක්‌'' ලෙස හඳුන්වා දීමට පුළුවන. රුධිර පීඩනය වැඩිවන විට එයට ප්‍රතිකාර කරයි. කොලොස්‌ටරෝල් වැඩිවන විට ඊට ප්‍රතිකාර කරයි. විටමින් ඩී අඩුවන විට විටමින් ලබාදෙයි. යූරික්‌ අම්ලය වැඩිවන විට ඒ සඳහා ඖෂධ ලබාදෙයි. යකඩ හෝ හිමොග්ලොබින් අඩුවන විට ඒ සඳහා ඖෂධ ලබා දෙයි. නමුත් වකුගඩු කුට්‌ටම දිනෙන් දින රෝගී වේ. යටකී සියලු ආබාධ මනාව කළමනාකරණය කිරීමෙන් වකුගඩු රෝගයේ උග්‍රවීම පමාකරනු ලබයි.

වකුගඩු පටකවලට දිගින් දිගටම හානි සිදුවීම සමඟ වකුගඩුවල කාර්යක්‌ෂමතාව ක්‍රමයෙන් අඩුවේ. විෂ ද්‍රව්‍ය පෙරා ඉවත් කිරීමේ හැකියාව දුබල වේ. මේ නිසා නයිට්‍රජනීය අපද්‍රව්‍ය රුධිරයේ එකතුවන්නට පටන් ගනී. සාමාන්‍යයෙන් රුධිරයේ යූරියා ප්‍රමාණය ඩෙසිලීටරයට 7-20 අතර ප්‍රමාණයේ පවතී. එම අගය 45 මට්‌ටම ඉක්‌ම වූ පසු බාහිර ක්‍රමවේදයකින් රුධිරය පිරිසිදු කිරීම අවශ්‍ය වේ.

කෘෂිකර්මික වකුගඩු රෝගීන් ගැන සළකා බලන විට රුධිරයේ මෙම මට්‌ටමට යූරියා වැඩිවන විට එවැනි රෝගීන්ගේ වෘක්‌කාණුවලින් පෙරීමේ ශීඝ්‍රතාවය මිනිත්තුවට මිලිලීටර් පහේ මට්‌ටමත් වඩා අඩුවේ. මෙවැනි අවස්‌ථාවල ඇතැමුන්ගේ පෙනහලු ඉදිමීමට ද ඉඩ තිබේ. රුධිරයේ පොටෑසියම් අයන ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ යයි. එවැනි අවස්‌ථාවක කළයුතු ප්‍රතිකර්මය වන්නේ රුධිර කාන්දුකරණය කිරීමයි.

රුධිර කාන්දුකරණයේදී සිදුවන්නේ යන්ත්‍රයක්‌ මගින් රුධිරය පිරිසිදු කිරීමයි. මෙය පහසුවෙන් කළහැකි දෙයක්‌ නොවේ. රුධිරය පිරිසිදු කිරීමට නම් ශරීරයේ රුධිරය යන්ත්‍රයට ගත යුතුය. මෙහිදී අතේ ශල්‍යකර්මයක්‌ සිදුකිරීමෙන් එකතු කරන ධමනි, සිරා මූට්‌ටුවකින් ශරීරයේ අපිරිසිදු රුධිරය යන්ත්‍රයටත්, යන්ත්‍රයෙන් පිරිසිදු කරනු ලබන රුධිරය නැවත ශරීරයටත් රුධි හුවමාරුව සිදුකරයි. මේ සඳහා පැය 4 සිට පැය 8 ක්‌ දක්‌වා කාලයක්‌ ගතවේ. රෝගියාගේ රෝගයේ ස්‌වභාවය අනුව මේ ක්‍රියාව සතියකට වරක්‌ දෙවරක්‌ හෝ තුන්වරක්‌ සිදුකරනු ලැබේ. සැබවින්ම ''රුධිර කාන්දුකරණය' යනු ප්‍රතිකාරයක්‌ නොවේ. මරණයට කැපවී සිටින රෝගියකුගේ මරණය පමාකිරීම මෙයින් සිදුකෙරේ.

රුධිර කාන්දුකරණයට සමාන තවත් රුධිරය පිරිසිදු කරන ක්‍රමයක්‌ ඇත. ''පරිතාණ කාන්දුකරණය'' නමින් මෙය හඳුන්වයි. මෙහිදී සිදුකෙරෙනුයේ උදර කුහරයට ඇතුළු කරන කැතීටරයක්‌ මාර්ගයෙන් ද්‍රdවණයක්‌ හඳුන්වා දී රුධිරයේ ඇති අපද්‍රව්‍ය උරාගැනීමෙන් පසු එය පිටතට ගෙන ඉවත් කිරීමයි. මේ ක්‍රමය කීපවරක්‌ සිදුකිරීමෙන් රුධිරය පිරිසිදු වේ. රුධිර කාන්දුකරණයට සාපේක්‌ෂව පරිතාණ කාන්දුකරණය මිල අඩු ක්‍රමවේදයක්‌ වුවද එහි කාර්යක්‌ෂමතාව අඩුය. බැක්‌ටීරියා ආසාදන ඇතිවීමේ සම්භාවිතාව ඉහළය.

දිගුකාලීනව පවතින වකුගඩු අකරණීය රෝගයට බටහිර වෙදකමේ ඇති නිශ්චිත ප්‍රතිකාරය වකුගඩු බද්ධයයි. රෝගී වූ වකුගඩු ශරීරයේ එසේම තිබියදී කාර්යක්‌ෂමතාවක්‌ ඇති වකුගඩුවක්‌ බද්ධ කිරීම මෙහිදී සිදුවේ. වකුගඩුවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙන් 30% ක්‌ තිබුණත් ජීවත් වීමට ගැටලුවක්‌ නැත. මේ නිසා වකුගඩු දෙකෙන් එකක්‌ දන් දුන් පුද්ගලයාට හානියක්‌ සිදුවන්නේ නැත.

බද්ධ කිරීම සඳහා දෙවැදැරුම් ක්‍රමයකට වකුගඩු ලබා ගනී. ඥතීන් හෝ ඥතීන් නොවන කෙනෙකුගෙන් වකුගඩුවක්‌ ඉල්ලා ගැනීම එක්‌ ක්‍රමයකි. පුද්ගලයකු මියගිය සැණින් වකුගඩු පටක මියයැමට පෙර වකුගඩු ලබාගෙන අදාළ රෝගියාට බද්ධ කිරීමය. හදිසි අනතුරකින් මරණයට පත්වූවත් හෘදය තවමත් ක්‍රියාකරන පුද්ගලයකුගේ වකුගඩු ලබා ගැනීමට මෙහිදී ප්‍රමුඛතාව ලැබේ. මේ කුමන ආකාරයකට වකුගඩුව ලබා ගත්තත් වකුගඩු දෙන්නාගේත් ලබන්නාගේත් රුධිර ගණ සහ HLA නමින් හඳුන්වන රුධිර ගැළපීම අනිවාර්ය අවශ්‍යතාවකි. වකුගඩු බද්ධයේදී මතුවන එක්‌ ප්‍රධාන ගැටලුවක්‌ වන්නේ බද්ධ කළ වකුගඩුව ග්‍රාහකයාගේ ශරීර ක්‍රියාකාරීත්වයෙන් ප්‍රතික්‌ෂේප කිරීමයි. එය පාලනය කිරීමට ග්‍රාහකයාගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දමනය කිරීමට අදාළ ඖෂධ ලබාදෙයි. එවිට ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය අඩුවන නිසා ආසාදන ඇති වීමේ සම්භාවිතාව ඉහළ යයි.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »