Home / සෞඛය / කූඩැල්ලන් යොදා සිරුරේ දූෂිත රුධිරය ඉවත් කරන අන්දම

කූඩැල්ලන් යොදා සිරුරේ දූෂිත රුධිරය ඉවත් කරන අන්දම

2017-09-30 03:56:00       619
feature-top
 විවිධ ප්‍රතිකාර ක්‍රම කොතෙකුත් බිහි වුවත් අතීතයේ පටන් ම පැවත ආ රක්තමෝක්ෂණ ප්‍රතිකාරවලදී කූඩැල්ලන් යොදා සිදු කෙරෙන ප්‍රතිකාර ක්‍රමය වර්තමානයේ ද ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ බහුලව දැකගත හැකියි. රක්තමෝක්ෂණ ක්‍රියාවලිය ආයුර්වේදයට අනුව ප්‍රක්ෂාණකර්ම හා ශිරාවේදනය මඟින් සිදු කෙරේ. කෙසේ වෙතත් මින් බැහැරව රක්තමෝක්ෂණය සිදු කරනුයේ කැපෙන ආයුධවලින් තොරව අනුශස්ත්‍ර භාවිතාවෙනි. එනම් ශෘංඝ, ජලෞකා, අලාබු, ඝටීයන්ත්‍ර මඟිනි. මේවා මඟින් සිදු කෙරෙන රක්තමෝක්ෂය විවිධ ආකාරයෙන් ලෙඩ රෝග ශරීරයෙන් දුරු කර ගැනීමට උදව් වෙයි. වාතයෙන් දූෂිත වූ රුධිරය ඉවත් කරනුයේ ශෘංඝ මඟින් ද සෙම නිසා දූෂිත වූ රුධිරය ඉවත් කිරීමට අලාබු යන්ත්‍ර මඟින් හා පිත හෝ රක්තයෙන් දූෂිත රුධිරය ඉවත් කිරීමට ජලෞකා ක්‍රමය මඟින් භාවිතා කරයි. සිරුරේ අපිරිසුදු වූ රුධිරය ඉවත් කිරීමෙහිලා පහසුම ක්‍රියාවලිය වනුයේ ජලෞකා ක්‍රමවේදයයි. පිත හෝ රක්තජයෙන් දූෂිත රුධිරය සජීවි ව බැහැර කිරීම, ඉක්මන් ක්‍රියාකාරීත්වය හා පහසුවෙන් සුවය ලැබීම වැනි වාසිදායක තත්ත්ව මෙම ජලෞකා ක්‍රමය මඟින් ලැබේ. ජලෞකා ක්‍රමය සඳහා භාවිතා කරනුයේ විශේෂිත කූඩැල්ලන් වර්ගයක් වීම මෙහි විශේෂිතයි.

එබැවින් මෙවර කූඩැල්ලන් ප්‍රතිකාර ක්‍රමය වඩාත් ඵලදායි ක්‍රමවේදයක් බව අපට තොරතුරු කියා දුන්නේ මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍ය අභයතිලක දේවගිරිය.

කූඩැල්ලන් චිකිත්සාවට යෝග්‍ය රෝගීන්

ප්‍රධාන වශයෙන් රක්තජ හා පිත් දෝෂ ප්‍රධාන කොටගත් රෝගාබාධවලට රක්තමෝක්ෂණය ප්‍රතිකාර යෙදීම වඩාත් සුදුසුයි. බොහෝ රෝග ගණනාවකට මෙම චිකිත්සාව යෝග්‍ය වෙයි.

* නහර ගැට ගැසීම වැනි තත්ත්වවලදී

* ඉදිමුම හා ලේ එකතු වී ඇති තත්ත්වවලදී (ඩඥථධබධථච තත්ත්වයේදී වේදනාව අඩු වී දූෂිත රුධිරය ඉවත් වෙයි.)

* සුව නොවන තුවාලවලට ප්‍රතිකාරයක් ලෙස (නහර ගැට ගැසීම නිසා ඇතිවන තුවාල සර්ප දෂ්ට වැනි තත්ත්වවලදී තුවාල)

සන්ධි වේදනාවලදී (ඔස්ටියෝ ආතරයිටීස්)

* රුධිර සැපයුම අඩුවෙන් ඇතිවන තත්ත්වවලදී

* සමහර පටක මිය යාම වැනි තත්ත්වවලදී

කුරුලෑවලදී

* මාංශ පේශීන්වල සිදුවන වේදනාවන්වලදී

* කාපල් ටනල් සින්ඩ්‍රෝම්වලදී

* සයිටිකා රෝගයේදී

* සර්වයිකල් ස්පොන්ඩිලෝසිස් රෝගයේදී

* ඇස් පිහාටු ඉදිමුම්වලදී

* ඇසේ ප්‍රෙෂර්වලදී

* සමහර අර්ශස් රෝගවලදී

* හිසේ ඇතිවන කුෂ්ටවලදී

* සමේ ඇතිවන කුෂ්ටවලදී (උදා. සොරයිසිස්, එක්සිමා)

සමහර සර්පයන්ගෙන් හා කෘමින්ගෙන් ඇතිවන විෂවලදී

රක්තමෝක්ෂණය නොකළ යුතු අවස්ථා

මුළු සිරුරම ඉදිමී ඇති නම් භාවිතා නොකර සිටීම වඩා වැදගත්ය. පාණ්ඩු (රක්තහීන තත්ත්ව නිසා ඇති වූ ඉදිමුම) ගර්භණීභාවය නිසා ඇති වූ කකුල්වල ඉදිමුම් සහ හිමෝෆීලියා වැනි රෝග තත්ත්වවලදී භාවිතා නොකෙරේ. ලියුකේමියා රෝග තත්ත්වයේදී ද කූඩැල්ලන් ප්‍රතිකාරය නොකරයි.

ප්‍රතිකාර සඳහා යොදා ගන්නා කූඩැල්ලන්

පිරිසුදු ජලයේ ජීවත් වන කූඩැල්ලන් මේ ප්‍රතිකාර ක්‍රමයට භාවිතා කරයි.

ආයුර්වේද වර්ගීකරණයට අනුව කූඩැල්ලන් වර්ග 12 කි. ඉන් 6 ක් විෂ සහිත වන අතර 6 ක් විෂ රහිත වේ. මෙහිදී භාවිතා කරනුයේ නිර්විෂ කූඩැල්ලන්ය. මොවුන් ජීවත් වනුයේ පිරිසුදු ජලයේය. හිරුඩො මෙඩිසිනාලිස්ට් නමින් මොවුන් හඳුන්වයි. මොවුන්ගේ ඛේටයේ ප්‍රෝටීන වර්ග 60 ක් පමණ ඇත. සිරුරේ බර මෙන් දස ගුණයක බරක් උසුලා යා හැකියි. මොවුන්ගේ ජීවත්වීමට වසරකට දෙවරක් ආහාර ගැනීම ප්‍රමාණවත්ය.

කූඩැල්ලන් ප්‍රතිකාරය සිදු කරන ආකාරය

මේ සඳහා භාවිතා කරනුයේ විෂ රහිත කූඩැල්ලන් විශේෂයකි. මුලින්ම මොවුන්ව විශේෂ වූ බෙහත් ද්‍රාවණයක ගිල්වා තබන්නේ බඩගිනි ඇතිවීම හා මොවුන්ගේ සිරුරේ ඇති විෂ ඉවත් කිරීමටයි. එසේම සිරුරේ පවතින විෂ කොටස් වමනයට සැලැස්වීම ද සිදු වේ. මින් පසුව සිදුවන්නේ කූඩැල්ලාව වෙනත් පිරිසුදු වතුර භාජනයකට දමා තැබීමයි. දැන් කූඩැල්ලා රෝගියාගේ රෝගී ස්ථානය කරා යොමු කිරිමට සුදුසුම තත්ත්වයක පසු වේ. රෝගී වූ ස්ථානය මත සිදුරක් ඇති කර බඩගිනි වූ කූඩැල්ලාව තබයි. පසුව ඌ අවශ්‍ය පරිදි සපා කා ලේ ඉරීමට පටන් ගනියි. එවිට එහි පවතින දූෂිත රුධිරය කූඩැල්ලා මඟින් උරා ගනී. පසුව කූඩැල්ලා පැය 1/2 හෝ පැයක් ඇතුළත දී රුධිරය බීම නවතා දමයි. ඒ පැය ඇතළත දී කූඩැල්ලාව ඉවත් කරගත යුතුයි. ඉන්පසු උරාබිව් රුධිරය ඌ ලවා වමනය කර වීමට සැලැස්විය යුතුයි. මේ සඳහා ඖෂධීය ද්‍රාවණයක් යොදා ගනී. එසේ වමනය නොකර සිටියහොත් කූඩැල්ලා ජීවිත හානියට පවා පත්විය හැකියි. එම නිසා අනිවාර්යයෙන්ම මෙම අපිරිසිදු රුධිරය වමනය කළ යුතුමය. පසුව කූඩැල්ලාව පිරිසුදු වතුරකට දමා උගේ නිරෝගිභාවය පරීක්ෂා කළ යුතුයි. එහිදී නියමිත පරිදි පිහිනා යාම සිදු කරයි නම් එය සුදුසු තත්ත්වයයි. එසේ නොවුයේ නම් උරා බිව් අපිරිසුදු රුධිරය ඌ තුළ තවමත් ඇති බව නිගමනය කළ හැකියි.

එක් රෝගියෙකුට කූඩැල්ලන් එකවර 6 දෙනෙක් පමණ දැමිය හැකියි. ඔවුන් ද පෙර කී විශේෂිත ම කූඩැල්ලන් විය යුතුයි.

Wmqgd .ekSu wdfrda.Hd mqj;a m; weiqfrks

More News »