Home / සෞඛය / පලතුරු ගුණ

පලතුරු ගුණ

2017-10-17 08:49:00       826
feature-top
* කැටකාල
 
 කැටකාල ගඩාගෙඩි විශේෂයකි. එමෙන්ම දේශීය ඔසුවකි. පුරාණ හන්දි වෙදකමේ භග්න සන්ධානය සඳහාත් තැලීම් ඉදිමීම් සඳහාත් ආයුර්වේද බෙහෙත් නිෂ්පාදනය සඳහාත් යොදාගනු ලැබේ. මෙය හටගනු ලබන ගෙඩි දේශීය පලතුරක්‌ ලෙස අනුභවයට ගනු ලැබේ. කසට රසයෙන් යුක්‌තය. ගෙඩි කුඩාය. ගසේ කඳ වටේ අඟලක්‌ පමණ දිගින් යුතු උල් කටු තිබෙනු දැකිය හැකිය. තද අරටුව පවතී. ඉඩම්වල වැටවල් සෑදීම සඳහා කම්බි කණු සඳහාත් ගෙවල්වලට ජනෙල් උළුවහු සඳහා ජනෙල් කඳන් උළුවහු කඳන් වශයෙන් ද ලොකු ගස්‌ කපා ඉරවා ගනු ලැබේ. ලොරි බොඩි සඳහා කණු ද ඉරවා ගනු ලැබේ. එසේම ගම්බද නිවාස තැනීමේදී මැටි ගසා සාදන ගෙවල්වල මැටි ගැසීමට පෙර බිත්ති වට්‌ටම් බැඳීම සඳහා ද කැටකාල කණු සිටවා උණපතුරු බැඳ ඒවා වසා මැටි ගසනු ලැබේ. දක්‍ෂිණ ලංකාවේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ වීරකැටිය, මුල්කිරිගල, කඩවල, බඡ්ජැන්කැලේ, ගල්කඩුල්ල, ඕකෙවෙල, මොදරවාන, වතුමුල්ල, ගෝවගල, නුගේවෙල, පල්ලත්තර, කිරම, රදනිආර, බුද්ධියගම, කැප්පිටියාව යන ගම් ප්‍රදේශවල බහුල ලෙස මෙම ගස දැකීමට හැකි වේ.
 
 * වල් කැකිරි (හාංගිල්ලා)
 
 මෙය ගම්බද ප්‍රදේශවල පොල් ඉඩම්වල සහ කැලෑ රොදවල කරිවිල කොළයට සහ කිරිබදුවැලේ කොළයට සමානව වැල ගස්‌වල එතී විහිදී පැතිර යති. ගෙඩි පොකුරු වශයෙන් හැදෙයි. කොලපාටය. කැකිරි ගෙඩියේ මෙන් කුඩා දාර පවතී. එය ඉදුණු පසු රතු පැහැයෙන් යුතුය. මෙය ගිරවුන් සහ කොණ්‌ඩ කුරුල්ලන් ආහාරයට ගනිති. කුරුල්ලන්ට ගිරවුන්ට ආහාරමය පලතුරක්‌ වුවද ජනයා අතර ජනප්‍රිය වීමක්‌ හෝ පලතුරක්‌ ලෙස පිළිගැනීමක්‌ හෝ නොමැත. ගඩා ගෙඩි වශයෙන් පිළිගැනීමක්‌ නොමැත. එහෙත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට දේශීය වෙදකමට බෙහෙත් වර්ග නිෂ්පාදන ක්‍රියාවලියට උපයෝගි කර ගැනීමට සිදුවෙති. මේ වැලේ විශේෂිත ඖෂධීය ගුණය වනුයේ පිළිකා රෝග මර්දනය කිරීමේ ප්‍රවනතාවයත් ලේවල සීනි අවම කිරීමේ ගුණයත් යන දෙකය.
 
 * ලෙලිකන නාරං
 
 ගෙවතුවල අලංකාරය උදෙසා වවනු ලබන පලතුරු විශේෂයකි. ලෙල්ල තුනීය. මෙම නාරං ගෙඩිය ඉදුණ පසු ගෙඩිය පිටත් ඇතුළතත් රෝස පැහැයෙන් යුක්‌ත වේ. මෙය කුඩා ගෙඩි වශයෙන් විශාල ලෙස ඵලදායී ගෙඩි හට ගනු ලැබේ. සාමාන්‍ය ඇඹුල් රසැතිය. මෙහි ආයුර්වේදීය ගුණාත්මකභාවය වනුයේ මුඛයේ වියළි ස්‌වභාවය නැතිකර කටහඬ ස්‌වරය වැඩි කිරීම ආහාර රුචිය වැඩි කිරීමය.
 
 * ලාවුළු
 
 ලාවුළු ඉතා ගුණදායක රසවත් මිහිරි පලතුරකි. පැණි රස වැඩි පිටි ගතිය බහුලය. ඉදුන විට කහ පැහැයෙන් යුතු ලාවුළු ගෙඩිය අතින් පොත්ත ඉවත් කර කෑමට ගනු ලැබේ. ලාවුළු වර්ග දෙකකි. එක්‌ වර්ගයක්‌ ගෙඩි විශාල ලෙස වැඩෙන ගෙඩි රවුම් වර්ගයයි. එහි ගෙඩි විශාල ප්‍රමාණයක්‌ ගසේ හටගනී. එමෙන්ම ලාවුළු ගස ද විශාලව වැඩෙයි. අනෙක්‌ වර්ගය නම් ගෙඩි දිගටි හැඩයට හැදෙන පඳුරු සහිත ලාවුළු වර්ගයයි. අවුරුද්ද මුළුල්ලේම මෙම ලාවුළු පල දරති. වෙළෙඳපොළේ ලාවුළු ගෙඩියක මිල රුපියල් දහයක්‌ පමණ වෙති. මුස්‌ලිම් ජනතාවගේත් දෙමළ ජනතාවගේත් ප්‍රියතම පලතුරකි. එම පලතුරේ ඖෂධීය ගුණය වනුයේ ශාරීරික ශක්‌තිය ලබාදීම, ප්‍රජනන ශක්‌තිය ලබාදීම සහ වඳභාවය තුරන් කිරීමේ ගුණාංගය.
 
 * ගිරිතිල්ල (මාන්ඩවැල)
 
 ගොඩබිම් පොළවේ පොල්මන්ඩිවල (පොල්වතුවල) කොළය තරමක්‌ පළල ඉතා සරුවට වැඩෙන බිම විහිදී යන වැල් විශේෂයකි. ගෙඩි පොකුරු වශයෙන් සෑදෙති. එම ගිරිතිල්ල ගෙඩි ග්‍රාමීය ප්‍රදේශවල පැරණි ගැමියන් එළවළු සඳහා පිළියෙළ කර පරිභෝජනයට යොදාගනු ලැබේ. එම ගිරිතිල්ල කොල මැල්ලුම් වශයෙන්ද යොදා ගනු ලැබීය. මෙය ගඩා ගෙඩි විශේෂයක්‌ වුවත් ජනයා එතරම් දැනුවත් වී නොමැත. ගිරිතිල්ල ඇතැම් ගම්මානවල පැරණි අය මාන්ඩවැල් නමින් ද හඳුන්වාලීය. මෙම වැලේ මුලත් කොළත් ගෙඩිත් ආයුර්වේද චිකිත්සාවලියේදී බෙහෙත් උදෙසා යොදාගැනීමට සිදුවෙයි. විශේෂයෙන් වාත රෝගවලදී ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෙයි.
 
 කුරුල්ලන්ගේ ප්‍රියතම ආහාරයකි. ඉදුන ගිරිතිල්ල ගෙඩිවල රසය. ඉදුන ලාවුළුවල රසය ගෙන දෙයි. පිළිකා රෝගය වැළඳීමේ ප්‍රවනතාවය නැති කිරීමේ ප්‍රතිශක්‌තිය මාන්ඩවැලේ පංචාංගයේ පවතී. ඉදුන මාන්ඩ පලතුරු සහිත වැලේ අන්තර්ගත වෙති.
 
 * ජෑම් (සින්චව්)
 
 මෙම ජෑම් පලතුරු කෑමට ළමුන් ප්‍රිය කරති. මියුරු රසැතිය. වෙළඳපොළේ අලෙවි කිරීමට හෝ දැකීමට නොමැතිය. හැඩහුරුකම අනුව තිබ්බටු ගෙඩිවට සමානය. එතරම් කුඩාය. ඉදුන විට රත්පැහැති හුරුය. මිහිරි පැණි රසින් යුක්‌ත වේ. කොණ්‌ඩ කුරුල්ලන්ගේ සහ කහ කුරුල්ලන්ගේ ආහාරයක්‌ වන අතර එම කුරුල්ලන්ගෙන් පැමිණීම අතු පතර විහිදී ගිය ජෑම් ගස්‌වල වසා සිටිනු දැකීම අඩුවක්‌ නොමැත. නගරබද සහ ගම්වල මිදුලේ හිසට සෙවනක්‌ කයට සෙවනක්‌ ලබාගැනීමට ගෙවතු වගාවක්‌ සහ ගෙවතු අලංකාරය පිණිසත් ජෑම් ගස්‌ වවනු ලැබේ. ග්‍රීස්‌ම සෘතු සමයේ කයට සිසිලක්‌ ලබාගැනීමට ජෑම් ගස යට ඉඳ ගැනීම දැකිය හැකිය. ගෙමිදුල අලංකාරයත් මිහිරි පලතුරක්‌ ලෙසත් හඳුන්වාදිය හැකිය. එමෙන්ම ආයුර්වේදීය ඖෂධීය ගුණ වශයෙන් දැක්‌විය හැකිවනුයේ රක්‌ත පිත්ත රෝගයට ගුණදායක වනු ලැබීමයි. දාහය පිපාසය සංසිඳවාලයි.
 
 * සැපදිල්ලා
 
 මිහිරි රසැති පලතුරකි. පසෙහි තෙතමනය ර¹පවතින සරු පසෙහි හොඳට අතු පතර විහිදී වැඩෙන ශාකයකි. එමෙන්ම එම සැපදිල්ලා ශාකයෙහි අතිවිශාල ගෙඩි ප්‍රමාණයක්‌ හටගනී. කෑම සඳහා හොඳටම ඉදිය යුතුය. හොඳට නොඉදුනහොත් කෑමට අසීරුය. හේතුව ඇලෙන සුළුගතිය පවතී. ලාටු වැනි වෙති. අමුවෙන් හෝ බාගයට ඉදුන සැපදිල්ලා කෑමට නොහැකිය. හේතුව කොහොල්ලා කාටුව කටේ බැඳෙන බැවින් හොඳට ඉදුණු සැපදිල්ලා ගෙඩි කෑමට ළමුන් ප්‍රිය කරති. මෙය ගෙවල් ඉදිරිපිට ගෙවතු අලංකාර කර ගැනීමට වගා කිරීමට ලංකාවේ සිංහල කතුන් උද්යෝගී වෙති. ඇල්මක්‌ දක්‌වති. මෙහි පවතින ආයුර්වේදීය ඖෂධ ගුණාත්මකභාවය වනුයේ සෙම් රෝග මර්දනය කිරීමේ ප්‍රවනතාවයයි. විටමින් සී බහුලව පවතී. කෑම රුචිය වැඩි කිරීමේ ගුණය පවතී.
 
 * පෙයාර්ස්‌
 
 පෙයාර්ස්‌ කටට රසැති කා හටත් ප්‍රියජනක මිහිරි පලතුරක්‌ ලෙස ලංකාවාසී බහුතරයකගේ පිළිගැනීමයි. මෙහි ප්‍රමාණය අලිගැට පේර ගෙඩියකට සමාන කළහොත් නිවැරදිය. කොල පාටය. එක ගෙඩියක බර ග්‍රෑම් දෙසීයක්‌ තුන්සීයක්‌ පමණ වෙති. ඇතැම් අය මෙය කැබලිවලට කපා හපා කන අතර තවත් සමහරු බ්ලේන්ඩර් ජූස්‌ සාදා බීමක්‌ ලෙස ද පිළියෙළ කර පානය කරති. මෙය වෙළෙඳපොළේ දැකගැනීමට තිබේ. එක ගෙඩියක්‌ රුපියල් සියයකට අලෙවි වෙති. ආයුර්වේද ගුණාත්මකභාවයට නැඹුරු වනුයේ ශීත ගුණයයි. මනුෂ්‍ය ශරීරයේ පවතින දාහය නැසීමේ ගුණය, විඩාව සංසිඳවීමේ ගුණය පවතී. සමට ද ඉතා ගුණදායකය. රක්‌තවාතයට සහ වකුගඩු ආශ්‍රිත රෝග සමනය කිරීමේ ප්‍රබල ඖෂධයක්‌ වශයෙන් ද මෙම මිහිරි පෙයාර්ස්‌ පලතුර ලංකා ඉතිහාසයට දේශීය වෛද්‍ය ඉතිහාසයට එක්‌වි ඇත. ඇදුම, හතිය පවතින රෝගීනට පෙයාර්ස්‌ අනුභවය සුදුසු නැත.
 
 මෙම පලතුර පෙයාර්ස්‌ අපේ රටට විදේශීන් විසින් ගෙන එන ලද පලතුරක්‌ වශයෙන් සඳහන් කළ යුතුය. ඉතා සරුවට වැඩෙනුයේ බහුලව වගා කරනුයේ නුවරඑළියේ මාතුඩුගල රාගල සහ බදුල්ල, වැලිමඩ යන ප්‍රදේශවලය. එම ප්‍රදේශවලින් නෙලාගනු ලබන අස්‌වැන්නට පෙයාර්ස්‌ ඵලදාව වෙළෙඳපොළට ප්‍රවේශ වෙයි. අඩි හත අටක්‌ තරම් උසට පෙයාර්ස්‌ ගස වැඩී අතු විහිදී පවතී.
 
 * ස්‌ට්‍රොaබෙරි
 
 ස්‌ට්‍රොaබෙරි පලතුර පුවක්‌ ගෙඩියක්‌ තරම් ප්‍රමාණයෙන් යුතු ඉවතලීමට කිසිවක්‌ නැති සම්පූර්ණ ගෙඩිය එහෙම පිටින්ම කෑමට පුළුවන් තද රතු පාටින් යුක්‌තය. වෙළෙඳපොළේ ඉල්ලුමක්‌ පවතින මිල ගණනින් වැඩි ගෙවතු අලංකාරය සඳහා ධනෝපායන මාර්ගයක්‌ ලෙසත්, නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ වැසියන් වගාකර තිබෙනු දැක ගැනීමට පුළුවන. මෙහි ආයුර්වේදයට සාපේක්‍ෂව ද්‍රව්‍ය ගුණ විංÆණය අනුව ඖෂධීය ගුණය ලෙස මුඛය සහ ගලනාලය, ආමාශය, කුඩා අන්ත්‍ර, මහා අන්ත්‍ර පිරිසිදු කරලීමේ ගුණ සහ කටහඬ මිහිරි කරවීමේ ගුණ ර¹ පවතී. අපට උරුම පලතුරක්‌ වශයෙන් සඳහන් කර නොමැතිය. විදේශිකයන් විසින් මෙය මෙරටට ගෙන්වන ලද්දකි. එහෙත් අතීතයේ මෙම පලතුර මෙහි වගාකර නොතිබුණද වර්තමානයේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ ජනයා ඉතා උෙද්‍යාaගිමත්ව වගා කරති. ස්‌ට්‍රොaබෙරි වගාවට තරම් සුදුසු සරු පසක්‌ කාලෝචිත දේශගුණයක්‌ එහි පවතී.
 
 (ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පලතුරු සංවර්ධන වැඩසටහනට දිරිදීමක්‌ ලෙස මෙම ලිපි පෙළ ලියා පළකරන ලදී.)
 
 මූලගිරි රජමහ විහාරස්‌ථානයේ රාජකීය වෛද්‍ය පෙළපතේ, සර්වාංග රෝග පිළිබඳ ආයුර්වේද වෛද්‍ය ඒ. වනිගපුර
 



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »