Home / සෞඛය / මද්‍යසාර ඔබගේ ශරීරය දුර්වල කරයි

මද්‍යසාර ඔබගේ ශරීරය දුර්වල කරයි

2017-10-19 09:20:00       618
feature-top
මද්‍යසාර වලින් මොළයට ඇතිකරන බලපෑමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් වැරදි විනිශ්චය, තරහ යැම, අනිසි භය, කතාවේ පැටලිලි සහගත බව, පෙනීමේ (දෘෂ්ටියේ) අපහැදිලි ගතිය, ප්‍රතික්‍රියා දැක්‌වීමේ ප්‍රමාදය වැනි මානසික ගැටලු ඇතිවේ.
 
 තවද සැලසුම් කිරීම, තීරණ ගැනීම සහ ආවේග පාලනය ද දුර්වල කරයි.
 
 මද්‍යසාර භාවිතය නිසා අක්‌මාව, ගලනාළය, උගුර, ස්‌වරාලය, ආමාශය, බඩවැල් හා සම්බන්ධ පිළිකා ඇතුළු වෙනත් පිළිකා බොහොමයක්‌ ඇතිවිය හැකි අතර අක්‌මාවට හා හෘද වස්‌තුවට ද හානි ඇති කරයි.
 
 ගැබිනි කාලයේ මද්‍යසාර භාවිතය නිසා උපදින දරුවාගේ විකෘතිතා/ආබාධ ඇති කරයි.
 
 යොවුන් වියේදී මොළයේ ශීඝ්‍රව වර්ධනයක්‌ සිදුවන හෙයින් එම වයසේදී මද්‍යසාර භාවිතය නිසා සිදුවන හානිය දීර්ඝ කාලීන වන අතර එය යථා තත්ත්වයට පත්කළ නොහැකිය.
 
 ඇබ්බැහිවීම
 
 යමකු මද්‍යසාර දිගින් දිගටම භාවිත කරන විට, එම පුද්ගලයා තුළ එයට දැඩි ඇල්මක්‌ ඇතිවන අතර භාවිත කරන ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩිකිරීමට පෙළඹේ.
 
 මෙය මානසික හා කායික ඇබ්බැහිවීම දක්‌වා වර්ධනය වේ.
 
 මද්‍යසාරවලට ඇබ්බැහි වූ පුද්ගලයාගේ රුධිරයේ මද්‍යසාර ප්‍රමාණය අඩුවන විට ඇඟේ අපහසු ගතිය, දැඩි වේදනාව, මස්‌ පිඩු පෙරළීම සහ ඇඟිලි වෙව්ලීම ඇතිවේ. මෙය විරාමණ අවස්‌ථාව යනුවෙන් හැඳින්වේ.
 
 මෙම විරාමණ ලක්‌ෂණ වලින් මිදීමට මද්‍යසාර වැඩි වැඩියෙන් පානය කිරීමට පෙළඹී, මද්‍යසාර නොමැතිව සිටිය නොහැකි තත්ත්වයකට පත්වේ.
 
 ඇබ්බැහිවීමට බලපාන සාධක
 
 යොවුන් වියේදී මද්‍යසාර භාවිතය පටන් ගැනීම
 දුර්වල පෞරුෂත්වය
  මානසික ගැටලු/රෝග
  ජීවන කුසලතා අඩුකම
  කායික දුර්වලතා/රෝග
  පෝෂණ ඌණතා
 
 මද්‍යසාර වලට ඇබ්බැහිවූවන් සඳහා ප්‍රතිකාරාත්මක සහ පුනරුත්ථාපන සේවාවන් (
 
 1. රජයේ රෝහල්වල පවතින මානසික සෞඛ්‍ය සායන සහ මද්‍යසාර පුනරුත්ථාපන ඒකක.
  2. ප්‍රජා පුනරුත්ථාපන සේවාවන්.
  3. රාජ්‍ය නොවන සංවිධානවල ඇති උපදේශන මධ්‍යස්‌ථාන
 
 ඔබට කළ හැකි දේ
 
 * මද්‍යසාර භාවිතයෙන් වැළකී සිටීමට ස්‌ථිරව අධිෂ්ඨානය කරගන්න.
  * වෙනත් පුද්ගලයකු ඔබව මද්‍යසාර භාවිතයට පෙගළඹවීමට උත්සාහ කරන විට 0 එය එඩිතරව ප්‍රතික්‌ෂේප කරන්න.
  * ඔබගේ ගැටලු සහ හැඟීම් දෙමාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් සහ ආගමික නායකයන් සමඟ සාකච්ඡා කරන්න.
  * ඔබගේ මිතුරන් මද්‍යසාර භාවිතයෙන් වළක්‌වා ගන්න. මද්‍යසාරවල ඇති අනතුරුදායක බව යහළුවන්ට කියා දෙන්න.
  * භාවනා කිරීම වැනි මනස නිරෝගී කරන ක්‍රියාකාරකම්වල යෙදෙන්න.
  * පෝෂ්‍යදායි සමබල ආහාර ගන්න.
  * ක්‍රීඩා කිරීම, මිහිරි සංගීතයට ඇහුම්කන්දීම, පොත්පත් කියවීම, සමාජ සේවා කටයුතු කිරීම වැනි ක්‍රියාකාරකම්වල නියෑලෙන්න.
  * පෞරුෂත්වය වර්ධනය කරගත හැකි ක්‍රියාකාරකම් කරන්න.
  * මානසික රෝග සහ කායික රෝග සඳහා ඉක්‌මනින් ප්‍රතිකාර ගන්න.
 
 මද්‍යසාර හා බැඳුණු මිත්‍යා මත
 
 1. වැරදි මතය ( මද්‍යසාර සිරුර ප්‍රාණවත් කරන උත්තේජකයකි
 
 නිවැරදි තතු (- මද්‍යසාර මඟින් ස්‌නායු පද්ධතියට හානි ඇති කරයි.
 
 පළමුව නිවැරදි විනිශ්චය සහ තීරණ ගැනීමේ හැකියාව දුර්වල කරයි. ඉන්පසු සමායෝජනයේ අඩුවීමක්‌ ඇති කරයි (තමාව පාලනය කරගත නොහැකි තත්ත්වය)
 
 ඉතා වැඩි ප්‍රමාණයකින් මද්‍යසාර භාවිතය නිසා ස්‌නායු පද්ධතියට ඇතිවන බලපෑම හේතුවෙන් හුස්‌ම ගැනීම සහ හෘද ස්‌පන්දනය පවා නැවතිය හැකිය.
 
 2. වැරදි මතය : සිත සැහැල්ලු වීමට සහ ඇඟේ අමාරු අඩුකර ගැනීමට මද්‍යසාර භාවිතය කදිම මාර්ගයකි.
 
 නිවැරදි තතු : මද්‍යසාර භාවිතයේදී සැහැල්ලු බවක්‌ දැනෙයි කියා සිතුනද සැබැවින්ම සිරුරට වැඩි අපහසුතාවක්‌ ඇතිකරනු ලබයි.
 
 3. වැරදි මතය : සැර මද්‍යසාර වර්ග ගැනීමෙන් බියර් හා වයින් වැනි වර්ගවලට වඩා ඉතා ඉක්‌මනින් මත්වේ.
 
 නිවැරදි තතු : මද්‍යසාර යනු මද්‍යසාරමය, වැඩි ප්‍රමාණවලින් ගත් කල බියර් සහ වයින් වලත්, අරක්‌කු, විස්‌කි වැනි සැර මත්පැන් වර්ග වලත් සම ප්‍රමාණවලින් (මට්‌ටමෙන්) මද්‍යසාර පවතින බැවින් එකම ප්‍රමාණයට මත්වේ.
 
 4. වැරදි මතය : කෙනකු වැඩිපුර මද්‍යසාර පානය කිරීම නිසා සිහි මුර්ජා වුවහොත් ඔහුට නිදාගැනීමට සැලැස්‌විය යුතුයි.
 
 නිවැරදි තතු : යම් කෙනකු වැඩිපුර මද්‍යසාර පානය කිරීම නිසා සිහි මුර්ජා වුවහොත් ඔහුට කළ හැකි බරපතළම හානිය නම් කිසිවකුගේ අවධානය යොමු නොවන තැනකට රැගෙන ගොස්‌ නිදාගැනීමට සැලැස්‌වීමය. එම මද්‍යසාර ප්‍රමාණය ඔහුගේ දිවි තොර කිරීමට තරම් ප්‍රමාණවත් වන බැවින් ඔහුව හැකි ඉක්‌මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතා වැදගත්ය.
 
 5. වැරදි මතය : මද්‍යසාර ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි කරයි.
 
 නිවැරදි තතු : මද්‍යසාර වලින් ලිංගික හැඟීම් ඇති වුව ද ලිංගික ක්‍රියාකාරකම් වලට ඇති හැකියාව අඩුකරයි.
 
 මද්‍යසාර අපගේ කිසිදු ප්‍රශ්නයකට විසඳුමක්‌ නොවේ. එය තවත් ෙ€දවාචකයට මුල පිරීමක්‌ පමණි. ඔබගේ ජීවිතය ඉතා අගනේය එයට ඉහළම වටිනාකමක්‌ දෙන්න. බුද්ධිමත්ව සිතන්න, වගකීමෙන් ක්‍රියා කරන්න ·
 
 මානසික සෞඛ්‍ය ඒකකය
 සෞඛ්‍ය අමාත්‍යංශය
 

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »