Home / සෞඛය / ගැස්‌ට්‍රයිටිස්‌ නසන අළු පුහුල් හකුරු ඖෂධය

ගැස්‌ට්‍රයිටිස්‌ නසන අළු පුහුල් හකුරු ඖෂධය

2017-11-08 09:33:00       155
feature-top
ප්‍රශ්නය - පසුගිය දිනවල අප අර්ශස්‌ රෝගය ගැන කතා කළා. පාඨකයන් අපෙන් ඉල්ලනවා ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ගැන අලුත්ම ආයුර්වේද දත්ත, ප්‍රශ්න සහ ලිපි පෙළක්‌ පළ කරන ලෙස.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඔබ දන්නවා අප කරන්නේ දේශීය වෙදකම සහ ආයුර්වේද වෙදකම යන දෙකම ආශ්‍රයෙන් සකසා ගත් ප්‍රතිකාර ක්‍රමයක්‌. ඒ අතර ගැස්‌ට්‍රයිටිස්‌ හෙවත් අම්ල පිත්ත රෝගයට අප ප්‍රතිකාර කරන්නේ ස්‌ථිර වශයෙන් ම දේශීය වෛද්‍ය ක්‍රමයට අනුකූලවයි.

ප්‍රශ්නය - ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට ඇසිඩ් සම්බන්ධ වන්නේ කොහොමද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - උදරයේ තිබෙන හයිෙඩ්‍රාක්‌ලෝරික්‌ අම්ල ප්‍රමාණය වැඩි වීමෙන් ආමාශය සහ මහාන්ත්‍රය මුලික කරගෙන පීඩනයක්‌ හට ගන්නවා. මල බද්ධය හා අර්ශස්‌ නිසා මේ පීඩනය හට ගන්නා අවස්‌ථා තිබෙනවා. ඒ වගේම එසේ නැතිව නිකම්ම ගැස්‌ට්‍රයිටිස්‌ හටගන්නා අවස්‌ථාවනුත් තිබෙනවා.

ප්‍රශ්නය - මේ රෝගයේ ස්‌වභාවය සහ එයට මුල්වන හේතු ගැන මේ පුවත්පත අවස්‌ථා ගණනාවකදී ම කරුණු පැහැදිලි කර තිබෙනවා. ගැස්‌ට්‍රයිටිස්‌ සඳහා තාවකාලිකව ලබාගත හැකි ප්‍රතිකාර තිබෙනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට තාවකාලික ප්‍රතිකාර නැතිව රෝගය නිට්‌ටාවටම සුව කර ගන්නට ප්‍රතිකාර ලබා ගැනීම තමයි වඩාත් සුදුසු. මන්ද යත් එක්‌ අවස්‌ථාවක්‌ එනවා තාවකාලික බෙහෙත් තවදුරටත් අහන්නේ නැති. කොහොම වුණත් පාඨකයාගේ පහසුව තකා අත් බෙහෙත් ස්‌වල්පයක්‌ කියන්නම්.

1. මිරිස්‌ කුඩු ග්‍රෑම් භාගයක්‌ මී පැණි හැන්දක්‌ සමඟ කලවම් කර උදේ සවස පානය කරන්න. උදේට හැන්දයි. හවසට හැන්දයි. මෙය ගෑස්‌ ගතිය අඩු කිරීම සඳහා ඉතා සුදුසු අත්බෙහෙතක්‌.

2. ගැස්‌ට්‍රයිටිස්‌ නිසා හට ගන්නා වමනය නැතිකර ගැනීමට ලෙමන් යුෂ ඉතා සුදුසුයි. මෙහිදී දෙහි නොව ලෙමන්ම තෝරා ගත යුතුයි.

3. කැබලිවලට කපා තම්බන ලද අළු පුහුල් හකුරු සමඟ අනුභව කරන්න. පුහුල් ග්‍රෑම් 100 ක්‌ පමණ අනුභව කළ යුතුයි. බඩ පිපුම සහ උදර දහය මේ මගින් නැතිවී යනවා.

4. අරළු බුලු නෙල්ලි කුඩු තේ හැන්දක්‌ වතුර වීදුරුවක ප්‍රමාණයට දමා හොඳින් උතුරුවා වීදුරු භාගයකට හිඳ ගන්න. මෙය මද උණුසුම් තත්ත්වයේ තිබියදී මී පැණි හැන්දක්‌ හෝ එළඟිතෙල් හැන්දක්‌ යොදා පානය කරන්න.

ප්‍රශ්නය - ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය සුව කළ හැකි පාරිම්පරික ඖෂධ ඔබ සතුද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඔව්. ඒවා වසර 400 ක්‌ විතර පැරැණි ඖෂධ වට්‌ටෝරු. ඒවා මගින් ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය සුව කරන ක්‍රමය ගැන ලබන සතියේ කතා කරමු.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »