Home / සෞඛය / හිතෙන හිතෙන වෙලාවට මේ කෑම නම් කන්න එපා

හිතෙන හිතෙන වෙලාවට මේ කෑම නම් කන්න එපා

2017-11-09 10:27:00       292
feature-top
 අපිට ඉතින් කෑම කන්න වෙලාවක් නෑනේ. අහුවෙන අහුවෙන වෙලාවට කන්න තමයි පුරුදුවෙලා ඉන්නේ. මෙහෙම කියන අය ඕනෑතරම්.

ඒත් ඒකනම් එතරම් හොඳ දෙයක් නෙවෙයි. ඔබ ආසම කෑම කන්න දවසේ හොඳම වෙලාව තෝර ගත්තොත් නම් සෞඛ්‍යයට හිතකර අතරම ලෙඩ රෝගත් අඩුවේවි.

හදවතට ගුණ Dark Chocolate  කන්න හොඳම වෙලාව උදෑසනයි

මේ කියන්නේ නිකන් චොක්ලට් නෙමෙයි. කළු චොකලට් Dark Chocolate ගැනයි. මේවා උදේට තමයි කන්න හොඳම වෙලාව. ඇයි දන්නවද? හදවතට හිතකරයි. ඒ වගේම තරුණ පෙනුම රැක ගන්නත්, වයසට යන එක ප්‍රමාද කරන්නත් උදව් වෙනවා. දවල්ට, හවසට තේ පානය කරන වෙලාවට කෑවොත් නම් ශරීරයේ මේදය තැන්පත් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. පෝෂණවේදීන් කියන්නේ අධි රුධිර පීඩනය අවම කර ගැනීම, හෘදයේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගැනීම, මතක ශක්තිය වැඩි කිරීම මෙන්ම හෘදයාබාධ වලක්වා ගැනීමටත් කොකෝවා ප්‍රතිශතයෙන් ඉහළ කළු චොකලට් දිනපතා ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙන බවයි. කොහොම වුණත් කළු චොකලට් උදේට තමයි කන්න හොඳම වෙලාව.

රාත්‍රියට බර වැඩි පැස්ටා

පැස්ටා කන්නත් සුදුසු උදේටයි දවල්ටයි පමණයි. රාත්‍රියට සුදුසු නැහැ. පැස්ටා එකට මසුත් එකතු වුණොත් එහි ඇති කැලරි ප්‍රමාණය ඉතාම වැඩියි. පැස්ටා කියන්නේ බර ආහාරයක්. රාත්‍රි ආහාරයට ගත්තොත් ආහාර දිරවීමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්. කොහොම වුණත් පැස්ටා කියන්නේ සිරුරට එතරම් හොඳ ආහාරයක් නම් නෙමෙයි. අඩුවෙන් කනවනම් තමයි වඩා හොඳ.

මස් වර්ග ආහාරයට ගන්නේ නම් හොඳම වෙලාව දහවලයි

මාංශ සඳහා විශේෂ ප්‍රියතාවයක් දක්වන කෙනෙක් නම් වඩාත් හොඳයි කළුකුම් මස්, කුකුළු මස්, අඹරන ලද හරක් මස් හෝ ඌරු මස් වැනි රතු පැහැති මස් වර්ග ආහාර සඳහා තෝරා ගැනීම. මොන මස් කෑවත් කන්න ඕනෙ දවල්ට. මොකද දන්නවද මස් කියන්නේ දිරවන්න ලොකු කාලයක් ගතවෙන කෑමක්. ඉතින් දවල්ට කෑවම ප්‍රශ්නයක් නෑ. දවසම තියෙනවා දිරවන්න.බොහෝ අය රෑ ආහාරයට තමයි මස් වර්ගයක් එකතු කරගන්නේ. එය එතරම්ම හොඳ දෙයක් නොවෙයි. ආහාර දිරවන්න කාලයක් යන නිසා රෑට කාලා නිදාගත්තම ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට හානි වෙන්න පුළුවන්.

ඇපල් වුණත් ගුණ උදේට

ඇපල් කන්න කියලා තියෙන්නේ උදේට විතරයි. රෑට කන්න එපා. මොකද දන්නවද ඇපල්වල පොත්තේ පෙක්ටින් පෝෂකය අඩංගුයි. එය දිරවන්න අපහසු නිසා රෑට කන්න නම් සුදුසු නැහැ.

හිස්බඩ ගුණ නැති දොඩම්

කවුද අකැමැති දොඩම් කන්න. දොඩම් කියන්නේ ඉතාම ගුණ පලතුරක්. විටමින් ඒ බහුල නිසා එමගින් ඇස් පෙනීම වැඩි දියුණු කරයි. විටමින් ඡ් මඟින් සම පැහැපත් කරවයි. හෘද ස්පන්දන වේගය පාලනය කරන අතරම පෙනහළු හා මුඛ පිළිකා අවදානම අවම කරයි. උදේම ඇහැරුණු විගස නම් දොඩම් කන්න එපා. මොකද හිස්බඩට, දොඩම්වල තියන ආම්ලික බව නිසා ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන්. දොඩම් ආහාරයට ගන්නවානම් සුළු කෑමකින් පසුව ආහාරයට ගන්න. දොඩම් වඩාත් සුදුසු දහවල්ටයි.

රාත්‍රියට අගුණ තක්කාලි

තක්කාලි කියන්නේ ගුණ කෑමක්. ඒත් රෑට කන්න හොඳ නෑ. ඔක්සිලික් අම්ලය තියන නිසා රෑට තක්කාලි කෑවොත් ශරීරය ඉදිමුමකට ලක්වෙන්න පුළුවන්. උදෑසන ආහාරයට ගැනීමෙන් අහිතකර තත්ත්වයක් ඇති වන්නේ නැහැ.

curtesy : tharunie.lk

More News »