Home / සෞඛය / ඔටිසම් රෝගී දරුවන්ට ගොටුකොළ යුෂ දිය යුතුයි

ඔටිසම් රෝගී දරුවන්ට ගොටුකොළ යුෂ දිය යුතුයි

2017-11-30 11:15:00       249
feature-top
ප්‍රශ්නය - වැඩිහිටියන්ට වැළඳෙන ස්‌නායු මූලික කරගත් පාකින්සන් රෝගයේදී වගේම කුඩා දරුවන්ට වැළඳෙන ස්‌නායු මූලික කරගත් ඔටිසම් රෝගයේදීත් තෛල අභ්‍යංගය හෙවත් සම්බාහනය ඉතා වැදගත් තැනක්‌ ගන්නා බව පෙනී යනවා.

 වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - ඔටිසම් රෝගී දරුවන්ට තෛල අභ්‍යංග කිරීම හෙවත් එවුන්ගේ සිරුරු තෙල් යොදා සම්බාහනය කිරීම කෙතරම් වැදගත් ද යන කාරණය මෙයට පෙරත් අප කතා කර තිබෙනවා. පංචකර්ම ප්‍රතිකාර මගින් ඔටිසම් රෝගයට ප්‍රතිකාර කරන හැටි අප මෙයට පෙර විස්‌තර කර දී තිබෙනවා. බලඅශ්වගන්ධාදි තෛලය මගින් ඔටිසම් ළමුන්ගේ පැත්තකට ඇලවුණු හිස කෙළින් කරන ආකාරය අප විස්‌තර කර දී තිබෙනවා. ඔටිසම් රෝගී දරුවන් අවුරුදු 3 සිටම රෝග ලක්‍ෂණ පෙන්වනවා. මේ නිසා හැම මවක්‌ම, හැම පියෙක්‌ම තම තුන්හැවිරිදි දරුවාගේ ක්‍රියාකාරකම් ගැන සෙවිල්ලෙන් සිටිය යුතුයි. ඔටිසම් රෝගී දරුවාගේ සමාජ සහ සන්නිවේදන කුසලතා නිසි පරිදි වර්ධනය නොවන බව අප කවුරුත් දන්නවා. මෙයට හේතුව ඔහුqගේ මොළය තුළ හට ගන්නා රසායනික සහ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරම් අසම්පූර්ණවීමයි. මේ රෝගයට දුප්පත්කම හෝ පොහොසත්කම කිසිදුÊබාධාවක්‌ නොවෙයි. උගත්කම නූගත්කම ප්‍රශ්නයක්‌ නොවෙයි. ඉතාම උසස්‌ සමාජ පසුබිම් තිබෙන දෙමාපියන් ඉන්නවා ඔටිසම් රෝගී දරුවන් සිටින.
 
 ප්‍රශ්නය - ඔටිසම් රෝගය සම්බන්ධයෙන් ගොටුකොළ ක්‍රියාකරන්නේ කොහොමද?
 
21 5වෛද්‍ය එයි. ඒ. එම්. ලීනා - ගොටුකොළ සහ ලුණුqවිල කියන්නේ කොහොමත් මොළයට හොඳ ආහාරය. ස්‌නායු පද්ධතිය පන ගන්වන ආහාර. ගොටුකොළ සහ ලුණුවිල යොදා තනන මතක ශක්‌තිය ඇති කරන ඖෂධ තිබෙනවා. 1987 දී ඉන්දියානු පර්යේෂකයෙක්‌ වයස 6 - 8 අතර පාසල් දරුවන් 90 දෙනකුට දිපතාම ගොටුකොල ආහාරයට දුන්නා. මෙහි මාත්‍රාව දිනකට ග්‍රෑම් 1 යි. කාලය මාස 3 යි. ක්‍රමයෙන් මේ ළමුන්ගේ මතක ශක්‌තිය තහවුරු වුණා. පාඩම් කරන දේවල් මතක හිටින්නට පටන් ගත්තා. එයින් කියෑවෙන්නේ ළමයින්ගේ ස්‌නායු ශක්‌තිමත් කිරීමට ගොටුකොළ බලපාන බවයි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »