Home / සෞඛය / පාකින්සන් සඳහා දිව්‍යමය ඖෂධයක්‌ වූ ලුණුවිල

පාකින්සන් සඳහා දිව්‍යමය ඖෂධයක්‌ වූ ලුණුවිල

2017-12-05 09:17:00       130
feature-top
ප්‍රශ්නය - පාකින්සන් රෝගය පිළිබඳ දීර්ඝ සාකච්ඡා පසුගිය සතිවල මේ පිටුවෙන් සිදුකෙරුණා. සමහර රෝග එක ඖෂධ වර්ගයකින් සුව කරන්නට පුළුවන්. එය සුවිශේෂ ඖෂධයක්‌ විය හැකියි. පාකින්සන් සුවයට යොදාගත හැකි මෙවැනි ඖෂධයක්‌ තිබෙනවාද?

වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - පාකින්සන් කියන්නේ ඉතා සංකීර්ණ රෝගයක්‌. ඒ නිසාම එය තනි බෙහෙතකින් හෝ බෙහෙත් දෙක තුනක මිශ්‍රණයකින් සුව කරන්න බැහැ. මෙය ස්‌නායු පද්ධතිය පරිහානියට පත් කරන රෝගයක්‌. මෙහෙම වෙන්නේ මේ රෝගය මගින් මොළයේ සෛල විනාශයට පත්වන නිසයි. පාකින්සන් රෝගීන්ට අවසන් වශයෙන් ඇවිද ගැනීමටවත්, අත් සෙලවීමටත් බැරි වෙනවා. කතා කරන විට හරියාකාරව වචන පිටවීම සිදුවන්නේ නැහැ. එහෙම වෙන්නේ මොළයේ සෛල විනාශ වීමත් එමගින් ස්‌නායු පරිහානියට පත්වීමත් නිසයි. හැබැයි මේ තත්ත්වයට බලපෑම් කළ හැකි තනි ඖෂධ තිබෙනවා. ඒවා තවත් ඖෂධ සමඟ මිශ්‍රකර ගත යුතුයි.

ප්‍රශ්නය - මොනවද මේ තනි ඖෂධ

වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - වඳුරු මෑ ලෙස හැඳින්වෙන ශාකය ඉන් එකක්‌. Mucuna Pruriens තමයි එහි උද්භිද විද්‍යාත්මක නාමය. මෙය සර්ව කල්පය පැළයක්‌. ආයුර්වේද සහ යුනානි යන ඖෂධ ක්‍රම දෙකටම ඖෂධය යොදා ගන්නවා. සර්ප දෂ්ටනවලදී විෂ නාශකයක්‌ ලෙස මෙය යොදා ගන්නවා. ආයුර්වේදයේදී මෙය වැඩිපුරම යොදා ගන්නේ කම්පවාත හෙවත් පාකින්සන් රෝගය සුවපත් කිරීමටයි.

ඊළඟ ඖෂධය තමයි ලුණුවිල. එහි උද්භිද විද්‍යාත්මක නාමය තමයි Bacopa Monneri සියලුම ඝර්ම කලාපීය රටවල වැවෙන ලුණුවිල මහා බ්‍රහ්මයා විසින් උපදවන ලද බෙහෙත් පැළයක්‌ ලෙස ඇතැම් හින්දු භක්‌තිකයන් විශ්වාස කරනවා. ඇදුම සහ අපස්‌මාර රෝගය සඳහා ප්‍රතිකාර කරන්නට අතීතයේ සිට මෙය යොදා ගනු ලැබුවා. ඊට අමතරව ගෙඩි, වණ, පිළිකා, ප්ලීහාව ඉදිමීම, ප්‍රදාහ තත්ත්වයන්, ලාදුරු, ලේ මදිකම, ගැස්‌ට්‍රයිටිස්‌ යන රෝගවලට දෙන ඖෂධවල ප්‍රධාන ක්‍රියාකාරි සංඝටකයක්‌ හැටියටත් ලුණුවිල පාවිච්චි කරනවා. නවීන විද්‍යාත්මක පරීක්‍ෂණ මගින් සොයාගෙන ඇති පරිදි රුධිර සංසරණය යථා තත්ත්වයට පත් කරන්නට ලුණුවිලවලට පුළුවන්. පාකින්සන් රෝගියකුගේ රුධිර සංසරණය යථා තත්ත්වයට පත් කරන්නට හැකි නම් මොළයට ලේ ගමන් කර සුව වීමට පටන් ගන්නවා.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »