Home / සෞඛය / ඔයත් දවල්ට නිදාගන්න පුරුදු වුන කෙනෙක්ද...?දවල්ට නිදාගත්තොත් දියවැඩියාවට මඟ පෑදෙයි?

ඔයත් දවල්ට නිදාගන්න පුරුදු වුන කෙනෙක්ද...?දවල්ට නිදාගත්තොත් දියවැඩියාවට මඟ පෑදෙයි?

2018-01-17 12:50:00       363
feature-top
දියවැඩියාව ලෙසට ප්‍රකට රෝග තත්ත්වය ආයුර්වේදයේ විග්‍රහයට අනුව ප්‍රමේහ රෝග විස්‌සට අයත් මධුමේහ රෝග තත්ත්වය ලෙසට පැහැදිලි කළ හැක. මෙම රෝගය ද ආයුර්වේදයට අනුව වාත, පිත්ත, කප ආදී ලෙසට වූ දොaෂ තත්ත්වය ප්‍රකට කර පැනනගී. චිකිත්සාවේදී (ප්‍රතිකාරයේදී) එම භේදය වටහා ගැනීම ඉතාම වටී.
 
 දියවැඩියා රෝග තත්ත්වය ආගන්තුක හේතූන් ඇසුරු කර එනම් ආහාර පාන රටාව, අවිධිමත් ඖෂධ භාවිතය, රසකාරක හා රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර පාන පරිභෝජනය, පැණි රස සහ පිෂ්ටය අධික ආහාර පාන භාවිතය සහ අධික මාත්‍රාවෙන් මත්පැන්වලට භාජනය වීම, ව්‍යායාමයෙන් තොර වීම, දිවා කාලයේ නිදා ගැනීම, මානසික ආතතිය යන කාරණා ආගන්තුක හේතු ලෙසින් ප්‍රධාන වේ.
 
 මෙහිදී රෝගය සුව කිරීම සඳහා ඖෂධ ප්‍රතිකාර චිකිත්සාව වැදගත් වන තරමටම ඉහත සඳහන් ආහාර පාන රටා, ඇවතුම්, පැවතුම් ආදිය පාලනය කිරීම ද වැදගත් වේ.
 
 ප්‍රවේණිගත දියවැඩියා රෝග තත්ත්වය (පරම්පරාවෙන් පරම්පරාවට) ඉහත සඳහන් කළ තත්ත්වයට වඩා තරමක්‌ වෙනස්‌ වූවකි. ඇතැම් හෘද රෝග, ආමවාත, අධි රුධිර පීඩනය ආදී ලෙසටම ජානමය හේතූන් නිසා පරම්පරාවෙන් පැවැත එන දියවැඩියා තත්ත්වය ඇති වීමේ හැකියාව ඇත.
 
 කුමන හේතූන් නිසා හට ගත්ත ද මෙම රෝගයේදී ඇති කරන උපද්‍රව එක හා සමානය. මෙහි ඇති භයානකත්වය නම් රෝගය නිසි ලෙස සුවපත් කර හෝ පාලනය නොකළ විට ඇති කරන උපද්‍රව ශරීරයේ බහුවිධ ඉන්ද්‍රියයන් විනාශ කර දැමීමට තරම් ප්‍රබල වීමයි.
 
 එහිදී රෝගය නිසා ඇති කළ යම් යම් වූ උපද්‍රව මාරාන්තික උපද්‍රව බවට ද සඳහන් කළ හැක. උදාහරණයක්‌ ලෙසට හදවත, මොළය, වකුගඩුවලටයි. ආයුර්වේද විග්‍රහයට අනුව මෙම රෝග තත්ත්වයේදී සිදුවන ප්‍රධානම තත්ත්වය ශරීරරගත ජීව ධාතු ශරීරයෙන් ගිලිහී යැමයි. එසේ වූ කල අදාළ ඉන්ද්‍රියයන් සහ පද්ධතීන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කරයි. එනිසාම මෙම රෝග තත්ත්වය කෙතරම් භයානකදැයි අවබෝධ කර ගත හැක.
 
 දියවැඩියා රෝගයේදී ශාරීරිකව ඇති කරන වෙනස්‌කම් කිහිපයක්‌ මෙලෙස දැක්‌විය හැක. එනම් ශරීරරයේ අප්‍රාණික බව, නිදිමත ගතිය, අලස බව, අධික පිපාසය, වැඩි වාර ගණනක්‌ මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය, ශරීරය අසාමාන්‍ය ලෙස වැහැරීම යන ප්‍රධාන ලක්‌ෂණ ප්‍රකට ය.
 
 එහෙත් ඇතැම් රෝගීන් තුළින් මේ කිසිදු ලක්‌ෂණයක්‌ විද්‍යමාන නොවීමටට ද පුළුවන. එබැවින් කළ යුතු හොඳම දෙය රෝගයට අදාළ වන රුධිර වාර්තාවක්‌ වසරකට වරක්‌ හෝ පරීක්‌ෂාවකට ලක්‌කර ගැනීමයි. 
 
 අතීතයේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ දී මේ ආකාරයට මධුමේහ එනම් දියවැඩියා තත්ත්වය පරීක්‌ෂා කර බැලීමට උපයෝගී කොට ගත් පරීක්‌ෂණ ක්‍රම කිහිපයක්‌ම පැවැතිණි. ඉන් ප්‍රධාන පරීක්‌ෂණ ක්‍රමයක්‌ ලෙසට යම් කිසි රෝගියකුගෙන් ලබා ගත් මුත්‍ර සාම්පලයක්‌ සුදුසු ස්‌ථානයක තබා ඒ කෙරෙහි ඇදෙන කුහුඹුවන් වැනි සතුන් පරීක්‌ෂණයෙන් ද, මුත්‍රවල පවතින පෙණ ස්‌වභාවය හා ගන්ධය මගින් ද යන ආදී ලෙසට රස, දර්ශන, ගන්ධ ආදී ලෙසට රෝග නිර්ණය කර ගැනීමේ ක්‍රම කිහිපයක්‌ පැවැතිණි. නූතන පරීක්‌ෂණ රටාවලදී රසායනාගාර මුත්‍ර පරීක්‌ෂණවලින් දියවැඩියාව නිර්ණය කිරීමේදී මුත්‍ර සමග පිටවන සීනි සංයුතිය ප්‍රකටව දැකිය හැකි වන්නේ රුධිරයේ සීනි මට්‌ටම 160 ද ඉක්‌ම වූ පසුව ය. එනිසා නවීන පරීක්‌ෂණ ක්‍රම උපයෝගී කර ගන්නා විට පළමුව වඩාත් වැදගත් වන්නේ රුධිරයේ සීනි මට්‌ටම ගණනය කර ගැනීමයි. දෙවනුව මුත්‍රාවල සීනි ප්‍රමාණය බලනු ලැබේ.
 
 අතීතයේ ආයුර්වේද ක්‍රමය තුළ මුත්‍රා පරීක්‌ෂා කර බැලීමේදී රස, ගන්ධ, දර්ශන යන තුනම උපයෝගී කර ගැනීමේදී ඊට ආවේණික රෝගය නිර්ණය කර ශාරීරික ලක්‌ෂණ පරීක්‌ෂා කර බැලීමේදී රෝගය මුලින් හඳුනා ගනු ලැබූහ. එවිට උග්‍ර ලක්‌ෂණ දක්‌වා රෝගය ඈතට දිව යැමක්‌ නැත.
 
 රෝගය උග්‍ර වූ විට හදවතට ඇති කරන බලපෑම, වකුගඩුවලට බලපෑම, මොළයේ සෛල සහ පර්යන්ත ස්‌නායුවලට ඇති කරන බලපෑම ඇස චර්මය ආදි ඉන්ද්‍රියන්ට ඇති කරන බලපෑම සුළුපටු නොවේ. යහපත් රුධිර සංසරණයක්‌ එනම් ඔක්‌සිජන් වායුව සහිත රුධිර සංසරණයක්‌ නො වීම නිසා සහ ස්‌නායු දුර්වලතාවයට පත් කරන නිසා ඇතැම් තුවාල ආදිය සුව නොවී කොටස්‌ ඉවතක්‌ කිරීමට පවා සිදුවේ. ඉබේ තුවාල ඇති වන තත්ත්වයට පත් වේ.
 
 මධුමේහ රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී පළමුව කළ යුතු වන්නේ ශරීරයේ රස සහ රක්‌ත ධාතුව පවිත්‍රතාවයට ඇවැසි උපක්‍රම අනුගමනය කිරීමයි.
 
 එහිදී බලයට සාපේක්‌ෂ මාත්‍රාවෙන් ශෝධන චිකිත්සාවන් එකක්‌ හෝ කිහිපයක්‌ උපයෝගී කරගැනීම වඩාත් යෝග්‍ය ය. නැතිනම් ප්‍රතිකාරය අපවිත්‍ර වූ රෙදි කඩකට සායම් දැමීමේදී ඵලක්‌ නොවන්නා සේ ය.
 
 ඉන්පසු අග්න්‍යාශය ශක්‌තිමත් කිරීමේ වැඩපිළිවෙළට යොමු විය යුතු ය. අග්න්‍යාශගත ඉන්සියුලින් නිෂ්පාදනය කරන බීටා සෛල අකර්මණ්‍ය වූ විට රුධිර ගත සීනි පාලනය කිරීමේ හැකියාව ගිලිහී යයි. දියවැඩියාව වූ කලී එම තත්ත්වයයි. එබැවින් අග්න්‍යාශයේ ඇති එම සෛලවල ශක්‌තිය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ගනු ලබන චිකිත්සා උපක්‍රම රෝගය සුව කිරීමේ ප්‍රධානතම කාර්යයයි. ඉන්පසු ක්‍රියාකාරී අග්න්‍යාශයික ශක්‌තිය නො ගිලිහී පවත්වාගෙන යැමට අවශ්‍ය ප්‍රතිකර්ම අනුගමනය කළ යුතු ය.
 
 ස්‌නායු මණ්‌ඩලය සහ උපද්‍රවවලට බඳුන් වූ ඉන්ද්‍රියයන් කෙරෙහි අවධානය යොමු කර එම උපද්‍රව සඳහා ද ප්‍රතිකාර ලබාදීම ඊළඟ කාර්යයයි.
 
 දේශීය සහ ආයුර්වේද ප්‍රතිකාරවලට අනුව දියවැඩියාව නොහොත් මධුමේහ රෝගයේදී කරනු ලබන ප්‍රතිකාර පද්ධතියක්‌ පවතින බව දැන් ඔබට අවබෝධයක්‌ ඇත.
 
 මේ මගින් රෝගයට හේතු වූ කරුණු කාරණා මුලිනුපුටා දැමීම සහ රෝගය නිසා ඇති වූ ශාරීරික දුබලතා යථා තත්ත්වයට පත් කර ගැනීම පුරාණ දේශීය වෛද්‍ය ග්‍රන්ථවල මෙන්ම ආයුර්වේදයේ ග්‍රන්ථවල සටහන්ව ඇති චිකිත්සාවන් සැබැවින්ම විශ්මයජනක බව සැබෑ වනු ඇත.
 
 මෙම රෝග තත්ත්වයට පුරාණ ඖෂධ වට්‌ටෝරු මගින් සාර්ථක ප්‍රතිඵල ඖෂධ ආරම්භ කළ අවස්‌ථාවේ පටන් දැන ගත හැකි වන්නේ නිදිමත, අප්‍රාණික බව, අලස බව ආදී වූ බොහෝ ශාරීරික අපහසුතා මග හැරී යන බව දැනෙන නිසාවෙනි. එතැන් පටන් පියවරින් පියවර රෝගය මැඩ පවත්වමින් ස්‌ථිර සුවය ලබාගැනීමේ හැකියාව ඇත.
 
 රෝගය වෙනුවෙන් ජීවිත කාලය පුරා ඖෂධ ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක්‌ නැත. නමුත් පරිස්‌සම් විය යුතු ය. රෝගියාගේ රෝග තත්ත්වය අනුව ප්‍රතිකාර ගත යුතු කාල සීමාව වෙනස්‌ වනු ඇත. නූතනයේ කාර්ය බහුල ජීවන තත්ත්වය නිසාවෙන් නිපද වූ ඖෂධ භාවිතයට තිබීම සැබැවින්ම රෝගීන්ට පහසුවක්‌ වී තිබේ.
 
 අතීතයේ පොත්පත්වල ඒ පිළිබඳ සටහන් වී තිබීමෙන් පෙනෙන්නේ පුරාණ සෘෂිවරුන් සෑම කාරණාවක්‌ පිළිබඳව සිත් යොමු කර ඇති බවකි.

Courtesy : hirutv.lk/blog


More News »