Home / සෞඛය / වැඩි වේලාවක්‌ හිඳගෙන සිටීමෙන් දියවැඩියා හා හෘද රෝග අවදානමක්‌

වැඩි වේලාවක්‌ හිඳගෙන සිටීමෙන් දියවැඩියා හා හෘද රෝග අවදානමක්‌

2018-01-22 09:25:00       556
feature-top
මෙසේ පිටතට නොපෙනෙන උදරය හා අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වටා තැන්පත්වී ඇති තෙල් හේතුවෙන් පිළිකා, ආඝාතය (ස්‌ට්‍රොaක්‌) හා හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩිවන බව පෙර අධ්‍යයනවලදීද හෙළිවී තිබේ
 
 දවසේ වැඩි වේලාවක්‌ 
 
 හිඳගෙන සිටින අයගේ ශරීරයේ ඉන්ද්‍රියයන් වටා තෙල් තැන්පත්වී දෙවැනි ඝනයේ දියවැඩියාව හා හෘද රෝග වැළඳීමේ අවදානම වැඩි කරවන බව එක්‌සත් රාජධානියේ ලෙස්‌ටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
 
 මෙසේ වැඩි වේලාවක්‌ හිඳගෙන සිටින අයගේ ඉන්ද්‍රියයන් වටා හා උදරය වටා තෙල් තැන්පත් වීම ඉතා ඉහළ මට්‌ටමක පවතින බව මෙම අධ්‍යයනයේදී හෙළිවී තිබේ.
 
 විශේෂයෙන්ම අක්‌මාව අග්න්‍යාශය හා වකුගඩු වටා තැන්පත් වන තෙල් ප්‍රමාණය පිටතට දිස්‌ නොවූවත් ලෙඩ රෝග සෑදීමට තරම් භයානක බව හෙළිවී තිබේ.
 
 මෙසේ ඉන්ද්‍රියයන් වටා අධිකව තෙල් තැන්පත් වීම හරහා ඉන්සියුලින් ප්‍රතිරෝධ තත්ත්වයක්‌ හට ගැනීමෙන් දෙවැනි ඝනයේ දියවැඩියා රෝගයට එය මඟ පාදන බව පර්යේෂකයින්ගේ මතයයි.
 
 දිගු වේලාවක්‌ හිඳගෙන සිටින අයගෙන් වඩාත් හානිකර වූ බලපෑමකට ලක්‌ වනුයේ සිය විවේක කාලය තුළදී කිසිදු කාර්යයක්‌ නොකර සිටින අය බවද අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ.
 
 මෙම අධ්‍යයනය මෙහෙයවූ ලෙස්‌ටර් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ජෝ හෙන්සන්ට අනුව බොහෝ දෙනාට ඉන්ද්‍රියයන් ආශ්‍රීත රෝගා බාධයන් වැළඳීමට මෙම ඉන්ද්‍රියයන් වටා තැන්පත් වන තෙල් මඟ හදයි. ඔහුට අනුව ඉතා කෙට්‌ටු ශරීරයන් සහිත අයගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වටාද මෙසේ අති භයානක අයුරින් තෙල් තැන්පත් වී තිබිය හැකිය.
 
 මෙසේ පිටතට නොපෙනෙන උදරය හා අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වටා තැන්පත්වී ඇති තෙල් හේතුවෙන් පිළිකා, ආඝාතය (ස්‌ට්‍රොaක්‌) හා හෘද රෝග ඇතිවීමේ අව¯නම වැඩිවන බව පෙර අධ්‍යයනවලදීද හෙළිවී තිබේ.
 
 මෙහිදී වෙෙද්‍ය හෙන්සන් හා ඔහුගේ පර්යේෂණ කණ්‌ඩායම දෙවැනි ඝනයේ දියවැඩියාව වැළඳීමේ අවදානමක්‌ ඇති පුද්ගලයින් 124 දෙනෙකු එම්.ආර්.අයි ස්‌කෑන් යන්ත්‍රය හරහා ස්‌කෑන් පරීක්‍ෂාවට ලක්‌ව තිබේ.
 
 තවද ඇක්‌සෙලරෝ මීටර් නමැති උපාංගය ඔවුන්ගේ ඉණ ප්‍රදේශයට සවිකර සතියකට කොපමණ කාලයක්‌ හිඳගෙන සිටින්නේ දැයි මැන බැලීමට ලක්‌කර තිබේ.
 
 මෙහිදී අනාවරණය වී ඇත්තේ මෙසේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ආශ්‍රීතව තැන්පත් වන තෙල් හා හිඳගෙන සිටීම අතර ශක්‌තිමත් සබඳතාවයක්‌ පවතින බවයි.
 
 මෙම අධ්‍යයනයෙහි ප්‍රතිඵලවලට අනුව දිගු වේලාවක්‌ හිඳගෙන සිටීමෙන් ඇතිවන බෝනෝවන රෝගාබාධයන් වළක්‌වා ගැනීමට සතියකට විනාඩි 150 ක්‌ පමණ කායික ව්‍යායාමවල යෙදීම මහෝපකාරී වේ.
 
 මෙම අධ්‍යයනයේ වාර්තාව ''ස්‌ථූලභාවය'' පිළිබඳ සඟරාවෙහි පළකර තිබේ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »