Home / සෞඛය / හරි විදියට නාගන්නේ මෙහෙමයි..

හරි විදියට නාගන්නේ මෙහෙමයි..

2018-01-26 03:00:00       48
feature-top
නෑම කියන වචනයට විවිධ අරුත් තියෙනවා.නෑම කියන වචනයට හැදිලා තියෙන සමාජ සංස්කෘතික තේරුම් ගැන ඉතින් කවුරු කවුරුත් හොඳ හැටි දන්නවනේ. මේ කියන්න යන්නෙ ඒ නෑම ගැන නෙමෙයි. ස්නානය ගැන. වතුරෙන් හිසේ සිට පාදාන්තය දක්වා වැඩි වෙලාවක් දෝවනය කිරීම සහ පිරිසිදු කිරීම තමයි ආයුර්වේදයේ ස්නානය හැටියට හැඳින්වෙන්නේ.

ලංකාව වැනි රටක උෂ්ණ රටක ජීවත්වන අපට ස්නානයෙන් ලැබෙන සැනසිල්ල ඉමහත් සැනසිල්ලක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ස්නානය තුළින් පිරිසිදු වීම පමණක් නොව මාංසපේශී ලිහිල් වීම, පටකවලට තෙතමනය ලබාදීම, ඛනිජ ලවණ සමට ලැබීම, විෂ පදාර්ථ බැහැර වීම සහ තුවාල සුවවීම වේගවත් වීම ත් සිදුවෙනවා.

දිනපතා ස්නානය කිරීම සෞඛ්‍ය රැුකගැනීම සඳහා ඉතාම වැදගත් වන නමුත් ස්නානය කළ යුතු වෙලාව හඳුනාගැනීම ඉතා වැදගත්. මොකද වැරදි වෙලාවල නාගන්න ගියොත් ඒ නෑම නවතින්නෙ ලෙඩෙක් වීමෙනුයි. ආයුර්වේදයට අනුව නම් ස්නානය කළ යුත්තේ උදෑසනයි. මධ්‍යහනයට පෙර ස්නානය කිරිම සුදුසු බව ආයුර්වේද මතයයි. නමුත් ස්නානය කරන වේලාව තමන් කරන රක්ෂාව, තමාගේ සෞඛ්‍ය තත්ත්වය මත රඳා පවතිනවා. අළුයම ගෙදරින් පිටත් වෙලා වැඩට යන කෙනෙකුට උදේ නෑම වෙනුවෙන් නිවාඩු දාන්න පුළුවන්කමක් නැහැනේ.  එවන් අය පුරුද්දක් වශයෙන් හැමදාම අළුයම නෑම නම් නොකළ යුතුයි. අඩු තරමින් සතියකට නාන වතාවල් ගණන අඩු කරගැනීමෙන් එවැනි අයට නිරෝගිව ඉන්න පුළුවන් වෙනවා.

කොහොමටත් සෙම් රෝගවලට නිතර ගොදුරු වෙන අය හෝ පීනස් තත්වයන්ගෙන් පීඩා විඳින අය අළුයම නෑම නම් යහපත් පුරුද්දක් නොවෙයි. කාටත් වැඩිපුරම ගුණදායක වෙන්නේ ඉර හැරෙන්නට පළමුව උදේ වරුවේ ඉර පායා ඇති විට ස්නානය කිරීමයි.

ස්නානය කිරීමේදී වඩාත්ම හිතකර වනුයේ ශරීර උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයක පවතින ජලයයි. වඩා උණුසුම් ජලය හෝ වඩා සිසිල් ජලය දිනපතා ස්නානය ශරීරයට සුදුසු නොවේ. ස්නානය කරන අවස්ථාවේදී කඩින් කඩ සීතල ජලයද උණු ජලයද මාරුවෙන් මාරුවට භාවිතා කිරීම මගින් රුධිර සංසරණය ඉතා යහපත් අතට හැරෙන බවට නව විද්‍යාත්මක වාර්තා දක්වනවා.

උෂ්ණාධික දවස්වලට නම් වතුරේ මිනිත්තු 20කට වඩා සිටීම ඇ`ගට ගුණ බව කියැවෙනවා. නමුත් සාමාන්‍ය දිනවල මිනිත්තු 10ත් 15ත් අතර කාලයක් ස්නානය කිරීම ප‍්‍රමාණවත් වෙනවා.

නානවිට හිසේ සබන් හෝ ෂැම්පු ගැල්වීම කවුරුත් අනිවාර්යයෙන් සිදු කරනවානේ. වඩාත් යහපත් ප‍්‍රතිඵල බලාපොරොත්තු වෙන සමහර තරුණියන් ස්නානය අතරතුරදී දෙවතාවක් ෂැම්පු ගැල්වීම සිදු කරනවා. ඒක නම් හොඳ වැඩක් නෙමෙයි. මොකද ඒ හේතුව නිසා හිසේ සම වියැලෙනවා. කෙස්ගස්වල ඇති ස්වභාවික තෙල් ආවරණය ඉවත්වෙලා යනවා. එවිට කෙස්ගස්වලට ලැබෙන්නේ වියළි දුර්වල පෙනුමක්. නිතර උණුසුම් ජලය භාවිතයෙන් කෙස්ගස් සෝදන අයටත් මේ තත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වියළිබව වැඩි වෙලා මේ අයගේ කෙස්ගස් මැදින් කැඞී යනවා.

කොහොමටත් ස්නානය අවසන් වී හිස වියැළුණු විට කොණ්ඩයට සිලිකන් තෙල් ගල්වන්නට පුළුවන් නම්  ඕනෑම කෙනෙකුට දීප්තිමත් කෙස් කලඹක් ලබා ගන්න පුළුවන්.

ආයුර්වේදයට අනුව ස්නානය කිරීමේදී මදටිය කොළ පොතු, අමු කහ, කොහොඹ කොළ, ඇත්තෝර කොළ, වෙනිවැල් ගැට ආදී විෂබීජ නාශක පිරිසිදු කාරක ඖෂධ වර්ග යොදා ගත හැකි බව දැක්වෙනවා. ඒවා සමටත් ගුණදායකයි. බෙහෙත් ඖෂධ ස්නානය කරද්දී ඒවායේ සුවඳට මානසික ඉහිල්තාවත් සිද්ධවෙනවා. හැබැයි ඒ ඖෂධ ඇතුළත් කර සැ¥ බව කියන කෘත‍්‍රීම ෂැම්පු, ක‍්‍රීම්, ආලේපන, සබන් ආදියේ නම් ඒවා ඇත්තටම ඇතුළත් ද කියලා හොයලා බලන්න වටිනවා.

වැර යොදා සම මත සබන් හෝ පිරිසිදුකාරක ආලේප කිරීම ම`ගින් සම මත ඇති ආරක්ෂක හිතකර බැක්ටීරියා ස්ථරය ඉවත්වී ආසාදනවලට ගොදුරු විය හැකියි. එසේම නානවිට සමේ ගැල්වීමට හානිකර නොවන සුමුදු පිරිසිදුකාරක තෝරාගන්නත් අමතක කරන්න එපා.

නීරෝගීමත් බව උදෙසා ස්නානය කිරීමෙන් අනතුරුව ශරීරය හා හිස හොඳින් පිස දැමිය සිදුකළ යුතු අතර ඒ සඳහා පිරිසිදු රෙදි කඩක් භාවිත කළ යුතුයි. තුවාය කියන්නේ පවුලේ සැමට හවුලේ භාවිතා කරන්න පුළුවන් දෙයක් නොවෙයි. පෞද්ගලික සනීපාරක්ෂාව ගැන හිතන කවුරුත් තමාටම කියලා පිරිසිදු තුවායක් තබා ගත යුතුමයි. නැතිනම් හිස්සොරි සහ උකුණන්ගේ පටන් තව බොහෝ බෝවෙන තත්ත්ව ගණනාවක ගොදුරක් බවට පහසුවෙන් පත් වීමේ අවදානමක් තියෙනවා.

දිග කොණ්ඩයක් තියෙන කෙනෙකුට ස්නානයෙන් අනතුරුව කොණ්ඩය වේලා ගැනීම අසීරු කාරණාවක් තමයි. ඒත් හැමදාම පුරුද්දක් විදියට හිසකෙස් වේලන උපකරණය භාවිත කරන්න එපා. කෙස්ගස් වියළී කැඞී ගොසින් තුනී දුර්වල කෙස්කළඹක් තමයි එවිට ඔබට ඉතුරු වෙන්නේ.

ඒ වගේම දිග කොණ්ඩයක් තියෙන කිසිවෙක් ස්නානය කළ විගසම කොණ්ඩය පනාවෙන් හෝ බ‍්‍රෂ්වලින් පීරීමෙන් වැළකී සිටිය යුතුයි. එවිට ස්නානයේදී වතුරට බුරුල් වී තිබෙන කෙස්ගස් මුල ඇදෙන නිසා කෙස්ගස් වැඩි ප‍්‍රමාණයක් ගැලවී යාම සිද්ධ වෙන්න පුළුවන්. හරි විදියට නෑම හරි සරල දෙයක් නොවෙන බව මේ ලිපිය කියවූ ඔබට අවබෝධ වෙන්න ඇති.


උපුටා ගැනීම රිවිර පුවත්පත ඇසුරෙනි

More News »