Home / සෞඛය / කොඳු ඇටවල කාටිලේජ දියවුණාම සුව කරන හැටි

කොඳු ඇටවල කාටිලේජ දියවුණාම සුව කරන හැටි

2018-02-14 11:04:00       363
feature-top
ප්‍රශ්නය - පසුගිය සතියේ අප සාකච්ඡා කළේ කොඳුඇට පෙළේ ඇට පුරුක්‌ අතර කාටිලේජ දියවීම නිසා පිට මැදින් පහළට නිශ්ක්‍රීය වූ අයකු ගැන. එම තැනැත්තාගේ කාටිලේජ දිරා යැමට හේතු වූයේ හදිසි අනතුරකින් ඇට පුරුක්‌වලට හානි වූ නිසයි. අද ඔබ අපට කියන්නට ඕනෑ ඔබ මේ තත්ත්වයට ප්‍රතිකාර කළේ කොහොමද කියන එක.

වෛද්‍ය එම්. ඒ. මදනායක - වෛද්‍යවරයකුගෙන් ප්‍රසිද්ධියේ නෑසිය යුතු ප්‍රශ්නයක්‌ තමයි රෝගියාට කළ බෙහෙත කුමක්‌ද කියන එක. එය දැන ගැනීමේ අයිතිය තිබෙන්නේ රෝගියාටත්, ඔහුගේ හෝ ඇයගේ භාරකරුවන්ටත් විතරයි. ලෙඩකට බෙහෙත් හදන හැටි ප්‍රසිද්ධියේ කීවම කම්මලේ යකඩ තලන අයත්, කුඹුරු කොටන අයත්, ක්‌ලාක්‌ මහත්තයාත්, කිසිදු දැනුමක්‌ නැතිව හොර වෙදුන් වීමට බලා සිටින අයත් බෙහෙත් හදා ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. එවිට රෝගීන් මැරෙනවා. අඩු ගණනේ ඇඳකට වෙලා අවුරුදු කිහිපයක්‌ විවේකීව ජීවත් වෙන්න පුළුවන් රෝගියා සතියකින් මැරෙනවා. ඒ නිසා අපට බෙහෙත් කිව හැක්‌කේ එක්‌කෝ දළ වශයෙන්. නැත්නම් අත් බෙහෙත් විදියට. හැබැයි කොඳු ඇටවල කාටිලේජ දිය වෙනවාට අත්බෙහෙත් නැහැ. මේ වගේ රෝගියකු ගෙනාවම අප මුලින්ම කරන්නේ කසාය මගින් ශරීරයේ විෂ තත්ත්වයන් නැති කරලා රුධිරය පිරිපහදු කිරීමයි. මොකද මේ රුධිරය තමයි ශරීරය පුරාම ගමන් කරමින් ඒ ඒ තැන්වලට ඖෂධීය සාරය ගෙන යන්නේ. මේ සඳහා රෝගියාගේ ශරීරය පොඩි ළමයකුගේ ශරීරය වගේ විෂ රහිත කළ යුතුයි. කසාය වලින් කරන්නේ ඒක. සතියක්‌ තුළ එමගින් විෂ නැති කරන්න පුළුවන්. මේ කසායවල තිබෙනවා විෂ නැති කරන කොහොඹ, බිංකොහොඹ වැනි දේවල්. ඊළඟට තමයි තෙල් ගාලා පිරිමදින්නෙත් තැවීම සිදු කරන්නෙත්. බෙහෙත් වලින්. ඇට පුරුක්‌ අතර කාටිලේජ වර්ධනය වෙනවද නැද්ද කියන එක මට පිට පිරිමදින විට ඇඟිලිවලින් කියන්න පුළුවන්.

ප්‍රශ්නය - ඔබ පසුගිය සතියේදී කීවා කාටිලේජ වර්ධනයට බණ්‌ඩක්‌කා සුදුසුයි කියලා.

වෛද්‍ය එම්. ඒ. මදනායක - අපේ දේශීය දැනුම එහෙම තමයි. බෙහෙත් කරන අතර බණ්‌ඩක්‌කා ආහාරයට ගැනීම ඉතාම සුදුසුයි. හැබැයි සෙම බහුල රෝගියකු නම් වෛද්‍යවරයාගෙන් උපදෙස්‌ අරගෙන තමයි එය කළ යුත්තේ.

ප්‍රශ්නය - බණ්‌ඩක්‌කාවල ගුණ මොනවද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - බණ්‌ඩක්‌කාවල 90% ක්‌ ම තියෙන්නේ ජලය. ඉතිරි සියයට දහය තුළ විශාල වශයෙන් පෝෂ්‍ය පදාර්ථ තිබෙනවා. මේ එළවළුව විටමින් A බහුලයි. ඊළඟට B1, B2, B6 කියන විටමින් තිබෙනවා. විටමින් C සහ සින්ක්‌, කැල්සියම් දෙකත් මෙහි තිබෙනවා. ෆයිබර් තන්තු සහ Folic අම්ලය මෙහි අඩංගුයි. ඊට අමතරව යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, කැල්සියම්, K විටමිනය, මෙහි තිබෙනවා. බණ්‌ඩක්‌කා ආහාර වේලට යොදා ගත්තාම මළ බද්ධය නැති වෙනවා. කොලෙස්‌ටරෝල් අඩු වෙනවා. ගුද මාර්ගයේ පිළිකා හට ගැනීම වළකිනවා. ආතතිය නැති වී ශරීරයේ ශක්‌තිය ඉහළ යනවා. බඩවැලේ හටගන්නා තුවාල, ඉරිටබල්, බවල් සින්ඩ්‍රම් හෙවත් ආහාර ගත් වහාම මළ පිටවීම. පෙනහලුවල හට ගන්නා ප්‍රදාහය යනාදිය මෙයින් වළකිනවා.

ප්‍රශ්නය - කාටිලේජ වර්ධනයට සුදුසු වෙනත් ආහාර මොනවාද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - රනිල භෝග ඉතා හොඳයි. දොඩම්, දෙළුම්, දුඹුරු සහලින් පිසූ බත්, කජු, රටකජු, ආමන්ඩ් යනාදියත් ඉතාම සුදුසුයි.

kodu1ප්‍රශ්නය - කොඳු ඇට පෙළෙහි කාටිලේජ විනාශ වූ තැන් සහිතව ඔබ වෙත පැමිණි රෝගියාට කළ ප්‍රතිකාරවල තත්ත්වය කුමක්‌ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - මා අපගේ සාම්ප්‍රදායික රහස්‌ වෙදකම් සහිත ආහාර ලබා දීමෙන් පසු රෝගියා සුව වුණා. අවුරුදු පහළොවක්‌ විස්‌සක්‌ තිස්‌සේ විනාශ වූ කාටිලේජ ප්‍රතිසංස්‌කරණය කර රෝගියා ඇවිද්දවීමට අපට ගත වුණේ ඉතා සුළු කාලයක්‌ විතරයි. අද මේ රෝගියා සුවපත් වෙලා සාමාන්‍ය ජීවිතයක්‌ ගත කරනවා.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »