Home / සෞඛය / නිසි ප්‍රතිකාර නොගත්තොත් නහර ගැට ගැසීමේ රෝගය දරුණු වෙයි! - තායිවානයේ පර්යේෂණයකින් හෙළිවෙයි

නිසි ප්‍රතිකාර නොගත්තොත් නහර ගැට ගැසීමේ රෝගය දරුණු වෙයි! - තායිවානයේ පර්යේෂණයකින් හෙළිවෙයි

2018-03-02 01:03:00       543
feature-top
නහර ගැට ගැසීමේ රෝගය හෙවත් "වෙරිකොස්‌ වෙයින්ස්‌" රෝගයෙන් පෙළෙන රෝගීන් තම රෝග තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් එම රෝගය මාරාන්තික දරුණු ලේ කැටි ගැසීමක්‌ දක්‌වා වර්ධනය වීමේ දැඩි අවදානමක්‌ පවතින බව තායිවානයේ වෛද්‍ය පර්යේෂකයන් පිරිසක්‌ විසින් සිදුකරන ලද නවතම පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.

පර්යේෂකයන්ට අනුව පුද්ගලයන් හාර ලක්‌ෂ විසි පන් දහසක්‌ දෙනා යොදාගෙන සිදුකරන ලද මෙම පර්යේෂණයේදී නහර ගැට ගැසීමේ රෝගයෙන් පෙළෙන අයකු පාදවල ලේ කැටි ගැසීමේ රෝගය හෙවත් "ඩීප් වේන් ත්‍රොම්බොසිස්‌" රෝගයට ගොදුරු වී පාද කැපීමට ලක්‌වීමට හෝ මරණයට පත්වීමේ අවදානම පස්‌ ගුණයකින් වැඩිවන බව අනාවරණය වී තිබේ.

එමෙන්ම නහර ගැට ගැසීමෙන් පෙළෙන අයකු මාරාන්තික පෙණහලු රෝග දක්‌වා ගමන් කළ හැකි ලේ කැටි වර්ධනය වීමේ තත්ත්වයකින් හෙවත් "පුල්මොනර එම්බොලිසම්" රෝගයට ගොදුරු වීමේ අවදානම දෙගුණයකින් වැඩි බව පර්යේෂකයෝ පෙන්වා දෙති. එම රෝගීන්ට අත් හා පාදවලට රුධිරය ගලා යැම අඩුකරලන තත්ත්වයට ගොදුරු වීමේ අවදානම ද දෙගුණයකින් වැඩි බව හෙළි වී තිබේ.

මෙතෙක්‌ පැවති මතය වූයේ නහර ගැට ගැසීමේ රෝගය බරපතළ සෞඛ්‍ය ප්‍රශ්න ඇති නොකරන්නක්‌ බවයි. එහෙත් පර්යේෂණය සිදුකරන ලද චයිනා වෛද්‍ය සරසවි පර්යේෂණ කණ්‌ඩායමට අනුව ලේ නහරවල ඉදිමීමේ තත්ත්වය බරපතළ සෞඛ්‍ය ගැටලු ඇතිවීමට බලපානු ලබයි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »