Home / සෞඛය / සිරුරේ විෂ නසන පාන වර්ග

සිරුරේ විෂ නසන පාන වර්ග

2018-03-08 11:54:00       805
feature-top
Detox Water කියන්නේ අපිට අලූත් දෙයක් වුණත් විදේශිකයන්ට නම් ඉතාම සමීප පානයක්. එය අප නිතර ගන්නා ජලය තවත් පෝෂණය කොට සාදාගන්නා පානයක්. ජලයට අලූත් පලතුරු, එළවළු, කොළවර්ග එක්කොට සාදාගන්නා මෙම පානයට ‘සිරුරු ශෝධකය’ කියලත් කියනවා. මොකද මෙමගින් සිරුරේ ඇති විෂ ඉවත් කිරීමේ හැකියාව ඇති නිසා.

මෙය විවිධ රසයෙන් හා විවිධ ගුණ ලැබෙන ආකාරයට ගෙදරදීම ඉතාම පහසුවෙන් සාදාගත හැකි පානයක්. එ් එ් පාන වර්ගයට සුවිශේෂී හැකියාවන් තිබෙනවා. අප සාදාගන්නා පානය අනුව එහි ගුණය, ප‍්‍රතිඵල වෙනස් වෙනවා. ආහාර ගැනීමෙන් පසු හෝ දිනකට එක් පානයක් බැගින් හෝ ගන්නවා නම් මෙමගින් ඔබේ සිරුරට ආහාරවලින් සිදුවන අහිතකර බලපෑම අවම කරන්නට පුළුවන්. මේ පාන සියල්ල සාදාගන්නේ එකම ආකාරයකටයි. වීදුරුවකට පහත සඳහන් දේ දමා අයිස් කැට කිහිපයක් එක්කොට එ්වා වැසෙන තෙක් ජලයෙන් පුරවන්න. පැය 4ක් තැබීමෙන් පසු පානයට ගන්න. පානය කිරීමට පෙර පැයක් පමණ ශීතකරණයේ තැබීමෙන් එය අපූරු පානයක් වේවි.

බර අඩු කරගැනීමට 
ලෙමන් පෙති, පිපිඤ්ඤ පෙති, මින්ට් (පෙති හා කොළ කිහිපයක්* + ජලය හා අයිස් කැට

පැහැදිලි සමකට
ලෙමන්, ස්ට්‍රෝබෙරි හා මින්ට්, ජලය + ජලය හා අයිස් කැට

තරබාරු බව අඩු කිරීමට
පිපිඤ්ඤ, මින්ට්, ලෙමන් + ජලය හා අයිස් කැට
ග‍්‍රීන් ටී බෑග් එකක්, මින්ට්, ලෙමන් + ජලය හා අයිස් කැට

පෝෂ්‍යදායී පානයක්
බ්ලැක්බෙරි ගෙඩි, චෙරි, දෙහි + ජලය හා අයිස් කැට
කුරුඳු, ඇපල් + ජලය හා අයිස් කැට
ඇපල්, දෙළුම්, කොමඩු+ ජලය හා අයිස් කැට


උපුටා ගැනීම රිවිර පුවත්පත ඇසුරෙනි

More News »