Home / සෞඛය / උරහිසේ වේදනාවට හේතු මෙන්න

උරහිසේ වේදනාවට හේතු මෙන්න

2018-03-14 10:12:00       322
feature-top
උරහිසේ ඇතිවන වේදනාවන්ගෙන් බොහෝ දෙනකු මේ වන විට පීඩාවිඳිති. ඇතමුන් මේ ගැන මුලින් නොසලකා හැරීම හේතුවෙන් එහි වේදනාවන්වැඩිවේ. යමෙකුගේ උරහිසේ වේදනාවක් ඇති වූ විට ඔවුන් පවසන්නේ ඒ අතින් වැඩිපුර වැඩ කරන නිසා වෙන්න ඇති යනුවෙනි.

තවත් අය කියන්නේ අත යට කර නිදා ගැනීම නිසා මෙසේ උරහිසේ
වේදනාවක් ඇති වන බවය.

ඒ කෙසේ වෙතත් උරහිසේ වේදනාවක් ඇති වන්නේ විවිධ හේතු කාරණා බලපාන නිසයි.
සාමාන්‍යයෙන් උරහිස සෑදී ඇත්තේ මාංශපේශී, ඛන්ඩරා හා අස්ථි මෙන්ම උරහිස් හන්දිය දායක වී ඇත. උරහිසේ වේදනාවක් ඇති වීමට නම් මෙමකොටස්වල ව්‍යාකූලතාවක් හේතු කාරක වන්නේය.

උදාහරණයක් ලෙස කීවොත් මාංශ පේශිවල සිදුවන ඉරීමක් හෝ තදවීමක්, අස්ථිවල සිදුවන බිඳීමක්, හා උරහිස් සන්ධිවල ඇතිවන ආතරයිටිස් තත්ත්වයක් හඳුන්වා දිය හැකිය.

එහෙත් ඔබගේ ශරීරයේ වෙනත් ස්ථානයක වේදනාවක් සමඟග ඇතිවන වෙනසක්උරහිසේ වේදනාවක් ලෙස දැනෙන්ට පුළුවන.

බෙල්ල ආශ්‍රිතව , මහාප්‍රාචීරය ආශ්‍රිතව ඇතිවන ව්‍යාකූලතාවක් හෝ ස්නායුවල
තෙරපීමක් නිසා මෙසේ උරහිසේ වේදනාවක් ඇතිවිය හැකිය.

තවද හෘදයේ ඇතිවන වේදනාවන්ද උරහිසේ වේදනාවක් ඇති වීමට හේතුවක් වන්නේය. එපමණක් නොව පෙණහැල්‍ලේ හට ගන්නා කුඩා ගෙඩි විශේෂයක් ද උරහිසේ වේදනාවක් ඇති කිරීමට හේතුවක් වන්නේය.
ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙකු නම් රුධිරගත සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන්ද උරහිසේ අධික වේදනාවක් හටගනී. මෙසේ හට ගන්නා

වේදනාව ක්‍රමයෙන් උරහිස දිගේ පහළට ඇදී යනු ඇත.
මෙසේ උරහිසේ වේදනාවක් ඇති වු විට වෛද්‍යවරයෙකු වෙත යෑම අනිවාර්ය වේ. එහෙත් ඇතැම් විට වෛද්‍යවරයා හමුවෙන තෙක් එමවේදනාව දරා සිටීමට නොහැකි නම් පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් ගැනීම කළ හැකිය.
එසේම උරහිසට සිදු වූ අනතුරක් හේතුවෙන් වේදනාවක් දැනෙන්නේ නම්රෙදි කැබැල්ලක ඔතන ලද අයිස් කැටයක් ආධාරයෙන් උරහිස තැවිය හැකිය.

එසේම මද රස්නේ උණු වතුරෙන් තැවීම හෝ වේදනාව සමනයට පත් කළ හැකි ආ‍ලේපනයක් භාවිතා කළ හැකිය.
වේදනාව දැනෙන උරහිස ආශ්‍රිත අතින් කරනු ලබන වැඩ සීමා කිරීම කළ හැකිය.

ඔබගේ උරහිස් වේදනාව වෛද්‍යවරයෙකු වෙත පෙන්වා ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර හෝ ඔහුගේ උපදෙස් මත භෞතචිකිත්සක ප්‍රතිකාර ගත යුතුය

එසේමඋරස් හන්දියට සැලකිය යුතු අනතුරක් සිදු වී ඇත්නම් උරස් හන්දිය රතු වී, ඉදී ඇත්නම් උණ ගැනෙණු ඇත.
ශ්වසනයේ අපහසුවක් හෝ පපුව ප්‍රදේශයේ කැක්කුමක් වැනි තත්ත්වද මේත් සමගම ඇති වේ නම් වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත් වේ.

උරහිසේ වේදනාවන් සඳහා ඖෂධ, ප්‍රතිකාර හෝ භෞත චිකිත්සක ප්‍රතිකාර කළ හැකිය. මෙහිදී ව්‍යායාම, කෙටි තරංග, අදෝරක්ත කිරණ උපයෝගි කරගනු ලැබේ.


උපුටා ගැනීම රිවිර පුවත්පත ඇසුරෙනි

More News »