Home / සෞඛය / දත් මදිද්දී බුරුසුව ගැනත් හිතන්න

දත් මදිද්දී බුරුසුව ගැනත් හිතන්න

2018-03-15 10:56:00       362
feature-top
බුරුසුව

ඔබගේ දත් බුරුසුව අන් අය සමග හවු‍ලේ භාවිතා නොකරන්න.දත් බුරුසුවේ කෙඳි ඈත් වූ විට එය ඉවත් කර නව බුරුසුවක් භාවිතයට ගැනීම සුදුසුය. ගෙවී ගිය බුරුසුවකින් මැදීමෙන් දන්ත පථ නිසි ලෙස ඉවත් නොවේ.දත් මැදීමෙන් පසු දත් බුරුසුව හොඳින් සෝදා සපයා ඇති කවරයෙන් (Cover/cap) නිසි ලෙස ආවරණය විය හැකි ලෙස සැකසූ සිදුරු සහිත කවරයක් භාවිතයෙන් බුරුසුවේ තෙතමනය නොරැඳෙන අතර ඉක්මනින්ම වියළාගත හැකි වේ.බුරුසුව නැවත භාවිත කරන විට යළි සේදීමෙන් වළකින්න. මෙමගින් දන්තා‍ලේපයේ පෙණ නැගීම අවම වන බැවින් ඉක්මනින් කෙළ ගැසීමට අවශ්‍ය නොවේ.

දන්ත ෆ්ලෝරෝසියාව වළක්වා ගැනීම

භූගත ජලයෙහි ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය 1නනථ ට (වතුර ලීටර එකක ෆ්ලෝරයිඩ් අයන මි.ග්‍රෑම් 1ක්) වඩා අධිකව පවතින ප්‍රදේශවල දන්ත ෆ්ලෝරෝසියාව සඳහා අවදානමක් ඇත.එම ප්‍රදේශවල භූගත ජලය (ගැඹුරු ළිං හා නළ ළිං) පානයට හා ආහාර පිසීමට යොදා ගැනීමෙන් දත් වර්ධනය වන කාලයේදී (උපතේ සිට අවු. 8 දක්වා) දන්ත ෆ්ලෝරෝසියාව ඇතිවිය හැකිය.නමුත් ෆ්ලෝරයිඩ් අයන වැදෑමහ හරහා ගමන් නොකරන බැවින් ගැබිනි සමයේදී එම ජලය භාවිතයට ගැනීමෙන් නූපන් දරුවාගේ වැඩෙන දත්වලට අවදානමක් නැත.ඔබ භාවිත කරන ජලයේ ෆ්ලෝරයිඩ් ප්‍රමාණය පරීක්ෂා කර ගැනීමට ඔබගේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ හෝ ජාතික ජල සැපයුම් හා ජලාපවාහන මණ්ඩලයේ සහාය ලබාගත හැකිය.ඔබගේ ජල ප්‍රභවයේ ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය අධික නම් එම ජලය පානයට හා ආහාර පිසීමට භාවිත නොකරන්න. එහෙත් මෙම ජලය පිරිසිදු කිරීමට, සේදීමට හා නෑමට භාවිත කළ හැකිය.ෆ්ලෝරයිඩ් ෆිල්ටරයක් මගින් පෙරා එම ජලය පානයට හා ආහාර පිසීමට භාවිත කළ හැකිය.වැසි ජලය ටැංකිවලට එකතු කොට පානයට හා ආහාර පිසීමට භාවිත කළ හැකිය.

සායනික ප්‍රතිකාර

ෆ්ලෝරයිඩ් සත්කාරය (ෆ්ලෝරයිඩ් ජෙල් හා ෆ්ලෝරයිඩ් වාර්නිෂ් ආ‍ලේපනය)කිරි දත් දිරායාම (පූර්ව ළමාවියේ දන්ත ව්‍යසනය) ප්‍රතිකාර කළ හැකි හා වළක්වා ගත හැකි තත්ත්වයකි.දිරායාමේ මුල් අවස්ථාවේ ඇති දත් මත (සුදු/දුඹුරු ලප) නැවත කැල්සියම් තැන්පත් කර දිරායාම නැවැත්වීමටත්, දැනටමත් කුහර ඇතිවී ඇති දත් තවදුරටත් දිරායාම වැළැක්වීමටත් ෆ්ලෝරයිඩ්වලට හැකියාවක් ඇත.කිරි දත් දිරායාමේ අවදානම වැඩි දරුවන්ට ෆ්ලෝරයිඩ් සත්කාරය අවශ්‍ය වේ. එවැනි දරුවන්ට බහුවිධ ෆ්ලෝරයිඩ් සත්කාරය (ෆ්ලෝරයිඩ් දන්තා‍ලේප/ෆ්ලෝරයිඩ් ජෙල්/ෆ්ලෝරයිඩ් වාර්නිෂ්) හඳුන්වා දිය හැකිය.නියමිත උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීම සඳහා දන්ත සායනයක් වෙත යොමුවන්න.


උපුටා ගැනීම මීවිත පුවත් පත ඇසුරෙනි

More News »