Home / සෞඛය / දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පාලනය කිරීමට ස්‌වාභාවික ප්‍රතිකාර හා උපක්‍රම 02

දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පාලනය කිරීමට ස්‌වාභාවික ප්‍රතිකාර හා උපක්‍රම 02

2018-03-21 09:30:00       365
feature-top
දියවැඩියා රෝගීන්ගෙන් බහුතරයකගේ රුධිර පීඩනය වැඩිවීම බහුල ව දැකිය හැකි කාරණයක්‌. දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීම නිසා කල් ගත වීමේ දී මෙම උපද්‍රවය ඇති වෙනවා. දියවැඩියා රෝගය ඇති විට දී රුධිර වාහිනී මත ඇති කරන බලපෑම දීර්ඝ කාලයක්‌ තිස්‌සේ හෙමිහිට සිදු වන දෙයක්‌. එය ජෛව රසායනික පරිවර්තන රාශියක්‌ පසුබිම් කරගෙනයි, ඇති වන්නේ. මෙම තත්ත්වය වැළැක්‌වීම සඳහා රුධිර ගත සීනි ප්‍රමාණය පාලනය කිරීම අත්‍යවශ්‍ය වන අතර ම රුධිරවාහිනි බිත්ති මත ඇති වන අහිතකර බලපෑම් වැළලැක්‌වීම සඳහා ද ප්‍රතිකාර කළ යුතු යි. මෙම අහිතකර ජෛව රසායනික ක්‍රියාකාරිත්වයන් පාලනය කිරීමට සමත් ස්‌වාභාවික ඖෂධ සහ උපක්‍රම පිළිබඳ සාර්ථකත්වය ලොව පුරා සිදු කෙරෙන පර්යේෂණාත්මක අධ්‍යයන තුළින් තහවුරු කර තිබෙනවා.

දියවැඩියාව සහ අධික රුධිර පීඩනය ඇති කරන ආහාර

දියවැඩියාව සහ අධික රුධිර පීඩනය නැති කරන ආහාර

රුධිර පීඩනය වැඩිවීමේ දී විශේෂිත රෝග ලක්‌ෂණ පෙන්වන්නේ නැති නමුත් නිතර පවතින හිසරදය ක්‌ලාන්තය අප්‍රාණික බව දෛනික වැඩ කටයුතු කෙරෙහි නිසි අවධානය යොමු කිරීමේ අපහසුතාව ආදිය රෝග ලක්‌ෂණ ලෙස ඇති විය හැකි යි. දියවැඩියා රෝග තත්ත්වය උග්‍ර වීමේ දී රුධිර පීඩනය වැඩිවීමේ අවධානම වැඩි වෙනවා පමණක්‌ නොව ඒ හේතු කොට ගෙන හෘදයාබාධ වෘක්‌කාබාධ අංශභාග වැනි ඉතා දරුණු රෝග තත්ත්ව ඇති වීමේ අවධානම ද වැඩි වෙනවා. එම නිසා වෛද්‍යවරයකු හමු වී රුධිර පීඩනය පරීක්‌ෂා කරවා උපදෙස්‌ ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

දියවැඩියාව පාලනය කිරීම සඳහා දේහ බර පාලනය කිරීම, ආහාර පාලනය කිරීම, ව්‍යායාම කිරීම, මානසික සමබරතාව පවත්වා ගැනීම, ආතතියට පත් වීමෙන් වැළකීම, දුම් පානයෙන් හා මත්පැනින් වැළකීම සහ යහපත් ජීවන රටාවක්‌ පවත්වා ගැනීම වැදගත් වන්නේ යම් සේ ද එසේ ම රුධිර පීඩනය වැඩි වීම වළක්‌වා ගැනීම සඳහා ද එම උපක්‍රම වැදගත් වෙනවා. ආහාර සඳහා යොදන ලුණු ප්‍රමාණය අඩු කිරීම, මාංශමය ආහාර ගැනීම අඩු කර ශාකමය ආහාර වැඩි වශයෙන් ගැනීම, ස්‌වාභාවික ආහාරපාන සහ ඖෂධ භාවිතයට නැඹුරු වීම මෙම අනතුරුදායක තත්ත්ව ඇති වීම පාලනය කර ගැනීමටත් ඇති වී ඇති උපද්‍රව තවදුරටත් වර්ධනය වීම පාලනය කර ගැනීමටත් හේතු වෙනවා. නූතන විද්‍යාත්මක අධ්‍යයනයන්ගෙන් තහවුරු කර ඇති ඖෂධ මගින් ලබා ගත හැකි සහනය මෙන් ම විධිමත් ලෙස නිර්දේශ කරන ස්‌වාභාවික ප්‍රතිකාර සහ ශාකසාර ඖෂධ මගින් ද විශේෂිත මෙහෙවරක්‌ ඉටු කෙරෙන බව තහවුරු වී තිබෙනවා.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »