Home / සෞඛය / තුවාල ඇල්දියෙන් හෝදන්න හොඳද?

තුවාල ඇල්දියෙන් හෝදන්න හොඳද?

2018-03-23 12:56:00       633
feature-top
තුවාලයක් හැදුණාම ‍ලේ ගලනවා. ඒක තමයි ස්වභාවය. විශේෂයෙන්ම අත කැපුණාම, කකුලක කටුවක් හෝ ඇණයක් ඇණුනාම, වැටීමක් වෙලා සමසීරුණාම, ‍ලේ ගලනවා. එවන් විටක අපි බොහෝ දෙනෙකු කරන්නේ තුවාලය වූ තැන ‍ලේ ගැලීම් නතර කරන්න තුවාලය වූ ස්ථානය තද කරලා අල්ලාගෙන සිටීම නැතහොත් තදකරලා රෙදි පටියකින් බැඳීමයි.

එහෙත් තුවාලයක් වූ විටදී එම ස්ථානයෙන් ‍ලේ ගැලීමක් වෙන විට එම තුවාලයෙන් ‍ලේ ගලා යාමට ඉඩ ලබා දිය යුතුය. තුවාලය හෝ කැපීම සීරීම වූ ස්ථානය හොඳින් මිරිකා ‍ලේ ගලා යාමට ඉඩ සැලසිය යුතුය. එසේ කිරීමේදී තුවාලය නිසා සම අභ්‍යන්තරයට ගිය විෂබිජ සියල්ලම රුධිරයත් සමඟ ඉවත්ව යනු ඇත. ඉන් අනතුරුව විකිණීමට තිබෙන ආවරණය කර ඇති ප්ලාස්ටරයකින් තුවාල වූ ස්ථානය හොඳින් ආවරණය කළ යුතුය.

මෙසේ ආවරණය කළ තුවාලයට වතුර නොයන ලෙස තබා ගැනීම ඉතාමත් වැදගත්ය. මෙසේ තබා ගත් තුවාලය දින දෙකකින් පසුව නැවත ප්ලාස්ටරය ගලවා නැවත අලුත් ප්ලාස්ටරයක් දැමිය හැකිය. මෙසේ අලුත් ප්ලාස්ටරයක් දැම්මද එය ඇල්දියෙන් නොතෙමිය යුතුය. මන්ද ඇල් දිය තුළ විෂබිජ විශාල සංඛ්‍යාවක් පවතින බැවින් එය තුවාලය ආසාදනය කිරීමට හැකිය. එවිට තුවාල පැසවීමකට ලක්වී රෝගියාට දැඩි වේදනාවක් ඇතිවේ.

විශේෂයෙන්ම තුවාලයක් සිදු වූ විට පිටගැස්මට එන්නතක් විද ගැනීම අත්‍යවශ්‍ය වන්නේය.
බොහෝ දෙනෙකුගේ තුවාල පැසවීමට ලක්වන්නේ තුවාලයට විසබිජ ඇතුළු වන නිසාය. තුවාලයක් සෑදුණු විට බොහෝ දෙනෙකු ගෙදර හෝ ගෙදරට ආසන්න ස්ථානයක සිටින වෛද්‍යවරයකු වෙත ගොස් බෙහෙත් දමති. එහෙත් තුවාලයකට බෙහෙත් දැමිය යුතු හොඳම ස්ථානය වන්නේ විසබිජ විනාශ කර තිබෙන ශල්‍යාගාරයක් තුළ පමණි. අන් ස්ථානයක් තුළ විෂබිජ විශාල වශයෙන් පවතින බැවින් තුවාලය ආසාදනය වීමකට ලක්වේ.

එහෙත් තුවාල වූ ස්ථානයේ රුධිරය හොඳින් මිරිකා ඉවත් කළ පසුව එහි තිබෙන විෂබිජ ඉවත් වීම හා ඒ අවට පිරිසිදු වූ පසුව තවත් පිටතින් කිසිදු විෂබිජයකට ඇතුළු වීමට නොහැකි වන සේ එම ස්ථානය ආවරණය කිරීම මගින් තුවාලය පැසවීමකට ලක් නොවී ඉක්මනින් සුව කර ගැනීමට හැකි වන්නේය.

එහෙත් අපේ බොහෝ දෙනෙකු තුවාලයට වෛද්‍යවරයෙක් ළඟට ගොස් හෝ බෙහෙත් දැමුවද එය පැසවීමකට හෝ සුව වීමට බොහෝ කාලයක් ගත වන්නේ එම තුවාලය තුළට විෂබිජ ඇතුළු වූ නිසාය.


උපුටා ගැනීම රිවිර පුවත්පත ඇසුරෙනි

More News »