Home / සෞඛය / මැංගුස්‌ටින් බලයෙන් පිළිකා සෛල මර්දනය වන හැටි

මැංගුස්‌ටින් බලයෙන් පිළිකා සෛල මර්දනය වන හැටි

2018-03-27 09:40:00       583
feature-top
ප්‍රශ්නය - පිළිකා රෝගය සුව කිරීමට සහ පැතිරීම පාලනය කළ හැකි නව ඖෂධයක්‌ සොයා ගෙන ඇති බවත් එහි පිළිකා නාශක ශාකසාර සහ ද්‍රව්‍ය 10 ක්‌ අඩංගු බවත් පසුගිය සතියේ ඔබ සඳහන් කළා. පසුගිය සතියේ සාකච්ඡාව අප අවසන් කළේ එම ඖෂධයෙහි අඩංගු Xanthone නමැති සංඝටකය තිබෙන මැංගුස්‌ටින් ගැන කතා කරමිනුයි. මෙහි තිබෙන පිළිකා නාශක මර්දන ගුණය ගැන ඔබට විග්‍රහයක්‌ කළ හැකිද?

වෛද්‍ය රේණුකා අල්විස්‌ - නවීන විද්‍යාඥයන් විසින් විටමින් සොයා ගත්තේ එක්‌දහස්‌ නවසිය ගණන්වල මුල් හරියේදී. එතැන් සිට විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ බෙහෙත් වලින් රෝග සුව කරනවා වෙනුවට ආහාර මගින් රෝග සුව කළ හැකි ද යන කාරණය ගැනයි. විවිධ රෝග මර්දනයට උදව් කරන විටමින් සහ ප්‍රොaටීන සංයුතීන් ආහාර තුළ තිබෙන බව ඔවුන් දැනගැනීමයි එයට හේතුව. මේ සඳහා කළ පර්යේෂණවලදී තමයි විද්‍යාඥයන්ට Xanthone නමැති ද්‍රව්‍යය හමුවන්නේ. එය මැංගුස්‌ටින්වල යහමින් තිබෙන බව ඔවුන් දැනගන්නවා. එයම ගොරකවල තිබෙන බවත් දැනගන්නවා. ඒ කියන්නේ Gareinia‌ පවුලේ ශාකවල Xanthone තිබෙනවා. මැංගුස්‌ටින් උපන් රට ලෙස සැලකෙන තායිලන්තයේ ජනතාව මෙම පලතුර හඳුන්වන්නේ සියලු පලතුරු අතර අග රැජන ලෙසයි. සාමාන්‍යයෙන්, අග්නිදිග ආසියාවේ රටවල ජනයා ලෙඩ රෝග ගණනාවකටම ප්‍රතිකාර කිරීමේදී මැංගුස්‌ටින් ප්‍රයෝජනයට ගැනීමට පුරුදු වී සිටියා. මෙය වසර දහස්‌ ගණනක්‌ පැරණි පුරුද්දක්‌. ලංකාවේ ඇතැම් දේශීය වෛද්‍ය ගුරු කුලවල එහෙමත් නැත්නම් වෙද පරම්පරාවල මැංගුස්‌ටින් අඩංගු බෙහෙත් වට්‌ටෝරු තිබෙන බව අප අසා තිබෙනවා. පාචනය, වණ සහ තුවාල, ප්‍රදාහ තත්ත්වයන් යනාදිය සුවපත් කරන්නට ඔවුන් මැංගුස්‌ටින් යොදා ගන්නවා. මැංගුස්‌ටින් ගෙඩියේ පොත්ත මදය යන හැම තැනකම Xanthone තිබෙන බව විද්‍යාඥයන් සොයා ගත්තේ මෑතකදී. මේ නිසා වසර 2007 දී ඇමරිකාවේ වැඩිම අලෙවියක්‌ තිබෙන පැළ වර්ග තුනෙන් එකක්‌ බවට මැංගුස්‌ටින් පත් වුණා. ඇමරිකාවේ පළකරන Nutrition Journal නමැති සඟරාව තහවුරු කරන පරිදි මැංගුස්‌ටින්වල Xanthone වර්ග දෙකක්‌ තිබෙනවා. ඒවාට පුළුවන් ප්‍රදාහ තත්ත්වයන් මර්දනය කරන්නට. එවිට ලෙඩ රෝග දුරදිග යන්නෙ නැතිව එක තැනක නවතිනවා. උදාහරණයක්‌ හදවත් නාලවල ප්‍රදාහ තත්ත්වය වළක්‌වා ගත්තාම හෘදයාබාධ නවත්වා ගන්නට පුළුවන්. පෙණහලු රෝග වැඩි දියුණු නොවී තබා ගන්නට පුළුවන්. පිළිකාව දුරදිග යන්නෙ නැතිව සීමා කර ගන්නට පුළුවන්. බඩවැලේ එන තුවාල පැතිරීම සහ ඒවා පැසවීම වළක්‌වා ගන්නට පුළුවන්. ආත්‍රයිටීස්‌ පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නෙ බටහිර වෙදකමේ Antibiotic හෙවත් ප්‍රතිජීවක ඖෂධවලින් සිදුවන දේවල් මැංගුස්‌ටින් ගෙඩියට කරන්නට පුළුවන්. දැන් තමයි වැදගත්ම කාරණයට අප එන්නෙ ඇමරිකාවේ ප්‍රකාශයට පත් කරනInternational Journal of Molecalar Scienc සඟරාව තහවුරු කරන පරිදි මැංගුස්‌ටින්වල අඩංගු Xenthone වලට පුළුවන් පිළිකා සෛල මර්දනය කරන්නට. ඒ කියන්නෙ තව දුරටත් පිළිකා සෛල දෙකට බෙදෙමින්, ගුණාකාර වෙමින් වැඩිදියුණු වීම වළක්‌වාලන්නට.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »