Home / සෞඛය / කොදු ඇට පෙළේ ආබාධ සුව කරන ගොඩපර දුරු තෙල ගැන විස්‌තර

කොදු ඇට පෙළේ ආබාධ සුව කරන ගොඩපර දුරු තෙල ගැන විස්‌තර

2018-04-01 01:55:00       811
feature-top
ප්‍රශ්නය : කො`දු ඇට පෙළේ ඇති වන ඇට ආශ්‍රිතව අදාල Disc එක අප්‍රාණික වූ තරුණයකු සුවපත් කරන අකාරය ගැන පසුගිය සතියේ ඔබ පැහැදිලි කළා. එය ඔහුගේ උපතින් ආ ආබාධයක්‌ නොවෙයි. පසු කාලයේදී හට ගත් ආබාධයක්‌. අද සාකච්ඡාව ඉදිරියට ගෙන යැමේදී අපට මූලික වශයෙන් කියන්න කො`දු ඇට පෙළේ උපතින් හට ගන්නා ආබාධ මොනවාද කියලා ?
 
 වෛද්‍ය එම්.ඒ.මදනායක - උපතින් එන දොaෂ ගණනාවක්‌ තිබෙනවා. පළමුවැන්න තමයි Chordoma කියන තත්ත්වය. එය අන්තරාදායකයි. කොන්දේ පෘෂ්ඨ රඡ්ජුව මත හට ගන්නා එය කො`දු ඇට පෙළ පුරා පැතිරී යනවා. එය ඉවත් කිරීම ඉතාම දුෂ්කරයි. ඊළ`ගට තිබෙනවා Scoliosis කියලා ආබාධයක්‌. මෙහිදී සිදු වන්නේ කො`දුඇට පෙළේ එක පුරුකක්‌ භාගෙට වර්ධනය වීමයි මෙය උපත් දොaෂයක්‌. තුන්වන ආබාධය Rachischisis එය කොඳුඇට පෙළේ හට ගන්නා ඉතා සංකීර්ණ රෝගී තත්ත්වයක්‌. මෙය හැදුනාම ඇට සැකිල්ලේ ඉණෙන් ඉහළ කොටසට විශාල බලපෑමක්‌ ඇති වී විකෘතිතා හට ගන්නවා. 
 
 ප්‍රශ්නය : දැන් නැවතත් අප හැරෙන්නේ පසුගිය සතියේ සාකච්ඡාවට මුල් වූ තරුණ රණවිරුවා පිළිබ`ද සිද්ධිය වෙතයි. ඔහුගේ එක්‌ කොදු ඇට පුරුකක Disc කොටස අප්‍රාණික වී ඇති බැවින් ඇවිද ගැනීමට බැරි තත්ත්වයක්‌ එනවා. ඔබ ඔහු සුවපත් කරන්නේ කොහොමද ?
 
 වෛද්‍ය එම්.ඒ. මදනායක - මෙහිදී අපට තිබූ ප්‍රධාන අභියෝගය තමයි අප්‍රාණික වූ මෙම Disc එකක්‌ යළි පණ ගන්වන්නේ කොහොමද කියන එක. Disc එකක්‌ හැදිලා තිබෙන්නේ මෘදු අස්‌ථි විශේෂයකින්. එය හරියට ජෙල් එකක්‌ වගෙයි.සෑම කො`දු ඇට පුරුක්‌ දෙකක්‌ම අතර Disc එකක්‌ තිබෙනවා. එය අප ගමන් කරන විට, වැඩ කරන විට දුවන පනින විට හට ගන්නා ගැස්‌සීම් දරා ගන්නා Shock Absorber  එකක්‌ හැටියට මේ Disc ක්‍රියා කරනවා. ඇට පුරුක්‌ එකිනෙක ගැටීමෙන් හා ඇතිල්ලීමෙන් වැළකෙන්නේ මේ Disc එක නිසයි. 
 
 ප්‍රශ්නය : Disc එකක්‌ පරිහානියට පත් වූ විට එහෙමත් නැත්නම් අප්‍රාණික වූ විට මොකද වෙන්නේ ?
 
 වෛද්‍ය එම්.ඒ.මදනායක - අධික වේදනාවක්‌ හට ගන්නවා. දිගු වේලාවක්‌ ඉදගෙන ඉන්නට හෝ හිට ගෙන ඉන්නට බැරි තරමට වේදනාවක්‌ ඇති වෙනවා. දිගු කලක්‌ ප්‍රතිකාර නොකළොත් ඇවිදගන්න බැරි තත්ත්වයක්‌ එනවා.
 
 ප්‍රශ්නය : ඔබ වෙත ගෙනා රෝගී තරුණයාට ප්‍රතිකාර කිරිම ඔබ අරඹන්නෙ කොහොමද ?
 
 වෛද්‍ය එම්.ඒ.මදනායක - මුලින්ම කළේ තෙල් සාත්තුව. මෙය දුර්ලභ වට්‌ටෝරුවකින් හදා ගන්නා තෙලක්‌. එයට ගොඩපර සහ දුරු වර්ග අයත් වනවා. ගොඩපර කියන්නේ ඉතා උසස්‌ ආයුර්වේද ඖෂධයක්‌. උණ, ස්‌නායු පද්ධතියේ ආබාධ වැනි ආබාධ ඇග කෙට්‌ටු කරන anorexia රෝගය හට ගැනීම, අධික පිපාසය වැනි රෝග තත්ත්වයටත් අස්‌ථි වර්ධනයටත් මෙය ඉතාම සුදුසුයි. ඊළඟට අපි ගනිමු මෙම තෙල් වර්ගයට දායක වන දුරු වර්ග. උදාහරණයක්‌ ලෙස සූදුරු ගත්තොත්, රුධිර පීඩනය නිසි තත්ත්වයේ පවත්වාගෙන යාම සඳහා එය ඉවහල් වෙනවා. ඒ වගේම ශරීරයට අවශ්‍ය පොටෑසියම් නිෂ්පාදනයටත් මෙය ඉවහල් වෙනවා. ශරීරයේ තිබෙන සෛල වර්ධනයටත් දියර වර්ධනයටත් මහත්සේ උපකාරී වන දෙයක්‌ හැටියටත් දුරු හඳුන්වන්නට පුළුවන්. 
 
 ප්‍රශ්නය - ඔබ ඔබේ රෝගියාට කළේ තෙල්වලින් කරන ප්‍රතිකාර විතරද ?
 
 වෛද්‍ය එම්. ඒ. මදනායක - කසායත් දිය යුතුයි. එවිට තමයි ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය ඉහළ යැම සිදු වන්නේ. ප්‍රතිශක්‌තිකරණය ඉහළ ගියාම ඕනැම ලෙඩක්‌ සුවපත් කරන්න හුඟක්‌ ලෙහෙසියි.
 
 ප්‍රශ්නය - ඔබේ රෝගියාගේ අද තත්ත්වය කුමක්‌ද?
 
 වෛද්‍ය එම්. ඒ. මදනායක - ඔහුට තිබු ප්‍රධාන අපහසුතා තුන, එනම් කොන්දේ අධික වේදනාව, ඇවිදීමට සහ එක ඉරියව්වකින් හිටගෙන හෝ ඉඳගෙන සිටීමට තිබු අපහසුතාව අද නැතිවෙලා. තව දෙසතියක පමණ බෙහෙත්වලින් පසු ඔහු හොඳටම සුවපත් වේවි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »