Home / සෞඛය / උදරයෙහි මහත හෘද රෝග අවදානම වැඩි කරයි

උදරයෙහි මහත හෘද රෝග අවදානම වැඩි කරයි

2018-05-08 09:43:00       680
feature-top
ශරීරරයෙහි බර නියමිත බරට වඩා වැඩි නොවුවද යමෙකුගේ උදරය මහත නම් එය හෘදයාබාධයක්‌ වැළඳීමේ අවදානම දෙගුණ කරන බව ලොව ප්‍රකට වෛද්‍ය පර්යේෂණ කණ්‌ඩායමක්‌ වන මායෝ සායනය (ක්‌ලින්ක්‌) සිය අධ්‍යයනයකදී අනාවරණය කර ගෙන තිබේ.
 
 තම ශරීරයෙහි බර නියමිත ප්‍රමාණයෙන් පවතින එහෙත් උදරය මහත අය වහාම වෛද්‍යවරයකු හමුවී වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතු බව ලොව ප්‍රකට මායෝ වෛද්‍ය සායනයේ පර්යේෂකයෝ පවසති.
 
 කෙනෙකු නියමිත බරට වඩා අඩු බරකින් යුතුද? සාමාන්‍යය බරකින් යුතු ද, අධි බරැති ද හා තරබාරු ද යන්න මැන බලන ශරීර ස්‌කන්ධ දර්ශකයෙන් (බීඑම්. අයි) මාංශපේශීන්වලට බෙදා හැරෙන තෙල් ප්‍රමාණය මැන බැලීමක්‌ සිදු නොවන බව පර්යේෂකයෝ පවසති.
 
 උදරය ආශ්‍රිතව තැන්පත්වන තෙල් භයානක ගණයේ වන අතර එය උදරයෙහි පහත කොටසෙහි පටකවල ගැඹුරින් තැන්පත්වීම නිසා ඒ ආසන්නයෙහි පිහිටි ප්‍රධාන පෙළේ ඉන්ද්‍රියයන්ට ද, එම තෙල් නිකුත් කෙරෙන බව ඔවුහු කියා සිටිති. මෙසේ නිකුත් කෙරෙන තෙල් අක්‌මාවේ ක්‍රියාකාරීත්වයටද අහිතකර ලෙස බලපාන බව හෙළි වී තිබේ. 
 
 මෙවැනි තත්ත්වයක්‌ තුළ රුධිර පීඩනය හා කොලෙස්‌ටරෝල් මට්‌ටම ඉහළ ගොස්‌ දෙවැනි ගණයේ දියවැඩියාව වැළඳීමට ද අවදානමක්‌ ඇතිවන බව පෙන්වා දෙන පර්යේෂණ කණ්‌ඩායමේ ප්‍රධානියා වන වෛද්‍ය ජෝසේ මෙඩිනා ඉනෝජොසා වෛද්‍යවරුන් පුද්ගලයකුගේ ශරීර ස්‌කන්ධ දර්ශකය පමණක්‌ මැන නොබලා උදරය ආශ්‍රිතව තැන්පත් වන තෙල් ප්‍රමාණය ද මැන බලා යමෙකු අවදානම් තත්ත්වයේ පසුවන්නේ ද යන්න පිළිබඳව අවබෝධ කරගත යුතු බව අවධාරණය කර සිටී.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »