Home / සෞඛය / ඉනෙන් පහළ පණ නැති කරවන සයටිකා ස්‌නායු රෝගය

ඉනෙන් පහළ පණ නැති කරවන සයටිකා ස්‌නායු රෝගය

2018-05-10 11:03:00       670
feature-top
ප්‍රශ්නය - පසුගිය සති කිහිපය පුරා ඔබ අප සමඟ සාකච්ඡා කළේ කාන්තාවනට වැළඳෙන මුත්‍ර රෝග පිළිබඳවයි. අද අප යොමු වෙනවා අලුත් මාතෘකාවකට එනම් Ciatica කියන රෝගය වෙත. මෙයට ආයුර්වේදීය නාමයක්‌ තිබෙනවාද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - මෙය ආයුර්වේදය විසින් හඳුනා ගන්නා ලද බෙහෙවින් පැරැණි රෝගයක්‌. ආයුර්වේදය මෙය හඳුන්වන්නේ ගුද්‍රසි යනුවෙන්.

ප්‍රශ්නය - මේ රෝගයේ ස්‌වභාවය කුමක්‌ද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - කොන්දේ පහළ කොටසේ සිට කකුල් දෙක දිගේ පහළට ගමන් ගන්නා අධික වේදනාව තමයි මේ රෝගයේ ස්‌වභාවය. මේ වේදනාව පාදය දිගේ පහළට වගේම පාදය ඉදිරිපස කොටසට දැනෙන්නටත් පුළුවන්. බටහිර වෙදකමේ නම් ගුද්‍රdසි හෙවත් සයටිකා රෝගය හඳුන්වන්නේ 'සයටික්‌ ස්‌නායුව' නමැති ස්‌නායුව ගමන් කරන ප්‍රදේශයේ හටගන්නා වේදනාව ලෙසයි. මෙහි ආයුර්වේදීය අර්ථකථනය මෙයට වඩා වෙනස්‌. එය ඉදිරි ලිපිවලින් විස්‌තර කළ හැකියි. මෙය උග්‍ර සහ නිදන්ගත යන අවස්‌ථා දෙකෙන් පවතිනවා.

ප්‍රශ්නය - මේ රෝගයේ ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - කොන්දේ පහළ කොටස නිතර වේදනා දීම, හිඳගෙන සිටින විට ශරීරයේ පහළ කොටස අතිශයින් වේදනා දීම, ඉඟටියේ වේදනාවක්‌ හට ගැනීම, පාදවල පහළ කොටසේ දැවිල්ලක්‌ හෝ වේදනාවක්‌ හට ගැනීම, පාදය එහා මෙහා කරන විට එය කරගන්නට බැරි තරමට දුර්වල ගතියක්‌, හිරි ගතියක්‌ හට ගැනීම, ශරීරයේ පහළ කොටස නිරන්තරයෙන් වේදනා දීම, හිඳ සිට නැඟී සිටින විට එක්‌වරම විදුලියක්‌ වැනි වේදනාවක්‌ පාදය දිගේ හට ගැනීම මෙහි රෝග ලක්‍ෂණ සිය ගණනක්‌ අතුරින් ප්‍රමුඛ ඒවා ලෙස හඳුන්වන්නට පුළුවන්.

ප්‍රශ්නය - මේ රෝගය හට ගන්නේ කොහොමද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - Spinal disc herniation කියලා තත්ත්වයක්‌ තිබෙනවා. මෙයින් සිදුවන්නේ ස්‌නායු තෙරපීමයි. තවත් තිබෙනවා Spinal stenosis කියලා තත්ත්වයක්‌. මෙහිදී සිදුවන්නේ කොඳු ඇටපෙළ දෙපස තිබෙන හිස්‌ ඉඩ ක්‍රමයෙන් අවහිර වීමට පටන් ගැනීමෙන් සුසුම්නාව තෙරැපීමට පටන් ගන්නවා. මෙයට අමතරව ගර්භනී සමයේදීත් සයටිකා රෝගය හට ගන්නවා. එයට හේතුව දරුගැබ නිසා ශරීරයේ උඩ කොටසේ බර වැඩි වීමයි. මේ අවස්‌ථාවේදී කළ හැකි ප්‍රතිකාරයක්‌ නැහැ.

ශරීරයේ ස්‌නායු පීඩනයට ලක්‌ කරන අභ්‍යන්තර ගෙඩි සහ අර්බුද නිසාත් සයටිකා තත්ත්වය ඇති වෙනවා.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »