Home / සෞඛය / අධි රුධිර පීඩනය සුව කරන ආයුර්වේද ප්‍රතිකාර

අධි රුධිර පීඩනය සුව කරන ආයුර්වේද ප්‍රතිකාර

2018-05-21 10:54:00       367
feature-top
වර්තමානයේ අප දකින ප්‍රධාන හේතුව තමයි ශරීරයේ කොලෙස්‌ටරෝල් තැන්පත් වීම

 නාලවල අභ්‍යන්තර කුහර සිහින් වීම සිදුවෙනවා
 සිහින් වූ නාල හරහා රුධිරය ගමන් කිරීමේදී පෙරට වඩා වැඩි පීඩනයක්‌ දැරීමට සිදුවෙනවා එම පීඩනය හෘදයට බලපානවා

 හෘද පේශිවලට රුධිරය සපයන කිරීටක ධමනියේ කොලෙස්‌ටරෝල් තැන්පත් වීම භයානකය
 කොලෙස්‌ටරෝල් තැන්පත්වීමෙන් ඇතරෝඩා නමැති තෙල් කැටි හට ගැනීම සිදුවෙනවා

 තෙල්කැටි හට ගැනීම නිසා රුධිර නාල අවහිරවී ඉන් ඔබ්බට රුධිරය ගලායැම ඇනහිටිනවා

 මෙලෙස සෛල මැරීයැම නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුනොවී හෘදයාබාධවලට ලක්‌ව මරණයට පත්විය හැකියි
 
 නිරෝගී පුද්ගලයකුගේ තිබිය යුතු රුධිර පීඩනය වනුයේ 80-120 අතර අගයක්‌ වුවත් වර්තමානයේ මෙම රුධිර පීඩන අගය පවත්වාගෙන යැමට බොහෝ දෙනාට නොහැකි වී ඇත. ඊට හේතුවී ඇත්තේ ඔවුන් ගතකරන සමාජ රටාව අනුව අධික තෙල් සහිත ආහාරපාන නිතර ගැනීම, ව්‍යායාම නොකිරීම ආදී කරුණුය.
 
 වෛද්‍යතුමනි, යම් පුද්ගලයකුගේ සිරුරේ රුධිර පීඩනය වැඩිවීමට බලපාන ප්‍රධාන හේතුව කුමක්‌ද?
 
 වර්තමානයේ අප දකින ප්‍රධාන හේතුව තමයි ශරීරයේ කොලෙස්‌ටරෝල් තැන්පත් වීම. අධික වීම මෙලෙස යම් පුද්ගලයකුගේ සිරුරේ කොලෙස්‌ටරෝල් අධික වීමෙන් ඔවුන්ගේ රුධිරනාලවල අභ්‍යන්තර බිත්ති මත ද මේවා තැන්පත් වෙනවා. එවිට එම නාලවල අභ්‍යන්තර කුහරය සිහින් වීම සිදුවෙනවා. එම සිහින් වූ නාල හරහා රුධිරය ගමන් කිරීමේදී පෙරට වඩා වැඩි පීඩනයක්‌ දැරීමට සිදුවෙනවා. මෙලෙස සිරුරේ රුධිර නාල කිහිපයක කොලෙස්‌ටරෝල් තැන්පත්වීම නිසා රුධිරය ගමන් කිරීමට වැඩි පීඩනයක්‌ දැරීමට සිදුවීමෙන් එම පීඩනය හෘදයට බලපානවා. එය හෘදයේ ක්‍රියාකාරිත්වයට අහිත කරයි. 
 
 එසේම හෘද පේශිවලට රුධිරය සපයන කිරීටක ධමනියේ කොලෙස්‌ටරෝල් තැන්පත් වීම භයානකයි. කිරීටක ධමනියේ කොලෙස්‌ටරෝල් තැන්පත්වීමෙන් ඇතරෝඩා නමැති තෙල් කැටි හට ගැනීම සිදුවෙනවා. මෙම තෙල්කැටි හට ගැනීම නිසා රුධිර නාල අවහිරවී ඉන් ඔබ්බට රුධිරය ගලායැම ඇනහිටිනවා. එවිට එම නාල හරහා රුධිරය ගලායන හෘදයේ සෛල කොටස්‌වලට නිසි පරිදි රුධිරය නොලැබීම නිසා එම සෛල මැරීයැම සිදුවෙනවා. මෙලෙස සෛල මැරීයැම නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුනොවී හෘදයාබාධවලට ලක්‌ව මරණයට පත්විය හැකියි.
 
 වෛද්‍යතුමනි, අධි රුධිර පීඩනයෙන් මිදීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද?
 
 තම ශරීර සෞඛ්‍යය පිළිබඳව නිසි සැලකිල්ලක්‌ දැක්‌විය යුතුයි. විශේෂයෙන්ම වයස අවුරුදු 35-40 ඉක්‌මවන සියලු දෙනා ආහාර පාලනය කිරීමට පියවර ගත යුතුයි. තෙල් අධික ආහාර පාන ගැනීම වෙනුවට ශරීරයට හිතකර මේදය සහිත ආහාරපාන නිසි ප්‍රමාණයක්‌ ගැනීමට පුරුදු විය යුතුයි. දිනපතා ව්‍යායාම කළ යුතුයි. වෙහෙසවී වැඩ කටයුතුවල යෙදීම ඉතා හොඳයි. සත්ත්ව තෙල් අධික ආහාරපාන ගැනීම සීමා කළ යුතුම වෙනවා. බිත්තර කහමදය මස්‌ වර්ග පාලනයකින් යුතුව ආහාරයට එක්‌කර ගත යුතුයි.
 
 ඇතැම් දෙනාගේ ආහාර ජීර්ණයේ ඇතිවන යම් යම් ගැටලු නිසාත් සිරුරේ කොලෙස්‌ටරෝල් අධිකව නිපදවනවා. එවිට මේද කොටස්‌ අක්‍රමවත්ව හෝ අවිධිමත් ලෙස රසායනික පරිවර්තනයකට ලක්‌වීම නිසා කොලෙස්‌ටරෝල් ඉහළ යැම සිදුවෙනවා. මෙවැනි ජීර්ණ ගැටලු පවතින විට නිර්මාංශ පුද්ගලයන් පවා කෙලෙස්‌ටරෝල් වැඩිවීමේ ගැටලුවට ලක්‌වෙනවා.
 
 වෛද්‍යතුමනි, ආයුර්වේද ප්‍රතිකාර තුළින් මෙම අධිකව නිපදවන කොලෙස්‌ටරෝල් විනාශ කිරීම සඳහා ප්‍රතිකාර තිබෙනවාද?
 
 ආයුර්වේදයේ මෙම කොලෙස්‌ටරෝල් හඳුන්වන්නේ පිත්තස්‌නේහ ලෙසයි. එනම් නිවැරැදි ලෙස නොදිරවූ මේද කොටස්‌ ලෙසයි. ඒවා ආම රසය ලෙසද හඳුන්වනවා. ආයුර්වේද ප්‍රතිකාර ඇරඹීමට පෙර ශරීරයේ කොලෙස්‌ටරෝල් හටගන්නා ක්‍රමවේදය ද නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි. ඇම පාචක නම් ඖෂධ මගින් රුධිර නාල හෝ වෙනත් තැනක ඇති අහිතකර කොලෙස්‌ටරෝල් නැවත ජීර්ණය කරවීම සිදුවේ. මෘදු විරේචන ඖෂධ මගින් ඒවායේ ඇති අහිතකර පාදාර්ථ මළ මුත්‍රා හා දහදිය මගින් පිටකිරීම සිදුකරනවා.
 
 මෙම ඖෂධ ප්‍රතිකාර සමඟ ලබාදෙන ජීරක එන්සයිම සමබර කරවන ඖෂධ මගින් ශරීරයට අලුතෙන් එක්‌වන මේද කොටස්‌ නිවැරැදි ආකාරයට ජීර්ණය වී ශක්‌තිය ලෙස නැවත ශරීරයට ලබාදීම සිදුකරනවා.
 
 මෙලෙස අප විසින් සිදුකරන ආයුර්වේද ප්‍රතිකාර මගින් ඉතා කෙටි කලකින්ම කොලෙස්‌ටරෝල් අධික වීමේ රෝගයට ගොදුරු වී සිටින රෝගීන්ට සුවය ලබා ගත හැකියි.
 
 එසේම අධික රුධිර පීඩනය ඇතැයි කොලෙස්‌ටරෝල් වැඩියි කියා පවසමින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ඔවුන්ට වෙනත් රෝග තිබේ දැයි කියා පූර්ව විමසීමක්‌ද කරනවා. එවිට බොහෝ රෝගීන් පවසන රෝග කිහිපයක්‌ තිබෙනවා. දියවැඩියාව, ගැස්‌ට්‍රයිටීස්‌, අර්ශස්‌, පීනස, තුනටියේ වේදනාව, හිසේ කැක්‌කුම, ඇඟපත රුදාව, අත්පා හිරිවැටීම, අධික ලෙස කේන්තියැම, මළබද්ධය, වාතරක්‌තය සහ විවිධ සමේ රෝග පවතින බව කියනවා.
 
 එවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ඔවුනගේ පවතින මෙම රෝගවලටත් ප්‍රතිකාර ලබා දෙමින් ඔවුනට ආවේණික වූ ඖෂධ රටාවක්‌ යටතේ කොලෙස්‌ටරෝල් අධික බව සඳහා ප්‍රතිකාර ලබා දෙනවා. මෙවැනි නිවැරැදි ප්‍රතිකාර මගින් කොලෙස්‌ටරෝල් අධික බව නිට්‌ටාවට සුවකළ හැකියි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »