Home / සෞඛය / නින්ද නොයැමේ රෝගය ඇල්සයිමර්ස්‌/ඩිප්‍රෙෂන් රෝග වලට මග හදයි

නින්ද නොයැමේ රෝගය ඇල්සයිමර්ස්‌/ඩිප්‍රෙෂන් රෝග වලට මග හදයි

2018-06-04 11:11:00       690
feature-top
ප්‍රමාණවත් නින්දක්‌ නොලබන අයට ඝෘණාත්මක සිතුවිලි ඇතිවීම ප්‍රමාණවත් නින්දක්‌ ලබන අයට වඩා වැඩි බවත් ඔවුනට එම තත්ත්වයෙන් මිදීමේ හැකියාව ද අඩු බව හෙළිවී තිබේ
 
 නින්ද නොයැමේ රෝගයෙන් හෙවත් "ඉන්සොම්නියා" රෝගයෙන් පෙළෙන්නන්ගේ නිරෝගී ස්‌නායු සෛල ඉවත් වීම හේතුවෙන් "ඇල්සයිමර්ස්‌" වැනි රෝගවලට ගොදුරුවීමේ අවදානමක්‌ පවතින බව බටහිර වෛද්‍ය පර්යේෂකයෝ අනාවරණය කර ගෙන තිබේ.
 
 නින්ද නොයැම පිළිබඳව පර්යේෂණය කළ පර්යේෂණ කණ්‌ඩායමේ නායක ඉතාලියේ ඇන්කෝනා හි හෙලිතාක්‌ෂණික සරසවියෙහි වෛද්‍ය මිචෙලේ බෙල්ලෙ සිට අනුව නින්ද අහිමි වීම හේතුවෙන් පුද්ගලයෙකුගේ මොළය කාදමන තත්ත්වයක්‌ උද්ගත වේ. මෙහිදී පර්යේෂණය සඳහා මීයන් කණ්‌ඩායම් හතරක්‌ යොදා ගෙන ඇති අතර ඉන් එක්‌ මීයන් කණ්‌ඩායමකට පැය හයත් අටත් අතර කාලයක්‌ නින්ද යැමට සලස්‌වා අනෙකුත් මීයන් කණ්‌ඩායම් තුනට අවදියෙන් සිටීමට පර්යේෂකයින් ඉඩ සලස්‌වා තිබේ.
 
 මෙහිදී නිදා නොගෙන සිටි මීයන්ගේ මොළය විනාශ වන අයුරුත් දැක ඇති අතර හොඳින් නිදාගත් මීයන්ගේ මොළයෙහි එම තත්ත්වය හටගෙන ඇත්තේ අඩු වශයෙන් බව අනාවරණය වී තිබේ.
 
 මෙයට පෙර නින්ද නොයැමේ තත්ත්වය ගැන සිදු කරන ලද පර්යේෂණවලදී පැය අටකට වඩා අඩු කාලයක්‌ නිදා ගන්නා අයට කාංසාව හා විශාදය (ඩිප්‍රෙෂන් යන රෝග තත්ත්වයන් හට ගැනීමේ අවදානමක්‌ ඇතැයි හෙළි විය. එමෙන්ම ප්‍රමාණවත් නින්දක්‌ නොලබන අයට ඝෘණාත්මක සිතුවිලි ඇතිවීම ප්‍රමාණවත් නින්දක්‌ ලබන අයට වඩා වැඩි බවත් ඔවුනට එම තත්ත්වයෙන් මිදීමේ හැකියාව ද අඩු බව හෙළිවී තිබේ.
 
 පර්යේෂණයට සහභාගි වූ ඇමරිකා එක්‌සත් ජනපදයේ බින්ග්හැම්ටන් සරසවියේ මහාචාර්ය මෙරඩිත් කොල්ස්‌ට අනුව මෙම පර්යේෂණයන්ට ලක්‌වූ ප්‍රමාණවත් නින්දක්‌ නොලබන අයගේ සිතුවිලි හිසෙහි සිරවී ඇති අතර ඔවුන්ගේ සෘණාත්මක චින්තනය මත එම තත්ත්වය මඟහරවා ගැනීම අපහසු වී ඇත.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »