Home / සෞඛය / ඉරුවාරදේ හැදෙන්නේ මෙහෙමයි

ඉරුවාරදේ හැදෙන්නේ මෙහෙමයි

2018-06-19 01:34:00       666
feature-top
ප්‍රශ්නය - උගුර කන නාසය හෙවත් ENT රෝග සඳහා ප්‍රතිකාර ක්‍රමයක්‌ ආයුර්වේදයේ තිබෙනවා. ශල්‍ය වෛද්‍ය ක්‍ෂේත්‍රයේ පීතෘවරයා වන සුශ්‍රැත ආචාර්යතුමා විග්‍රහ කරන පරිදි උගුර කන නාසය යන තැන් ආශ්‍රිතව අක්‍ෂි රෝග 76 ක්‌, මුඛ රෝග 65 ක්‌ කර්ණ රෝග 23 ක්‌ නිසා රෝග 31 ක්‌ ම සහ ශිරෝ රෝග 11 ක්‌ තිබෙන බව ඔබ සමඟ පවත්වන ලද සංවාදයේදී හෙළි වුණා. අද අප ඔබෙන් විමසන්නට බලාපොරොත්තු වන්නේ ඉරුවාරදය නමැති රෝග තත්ත්වය ගැනයි.

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - සුශ්‍රැත ආචාර්යතුමාගේ අර්ථකථනය අනුව ශිරෝ රෝග11 ක්‌ තිබෙනවානේ. ඉරුවාරදය කියන්නේ ඒ රෝග අතුරින් වැඩිම හිරිහැරයක්‌ ඇති කරන රෝගයයි. මෙය ඉතා බහුලව පවතින රෝගයක්‌.

මෙය වාත පිත්ත කප යන තුනම සම්බන්ධ වෙන අවස්‌ථාවක්‌. මේ තුනෙනුත් පිත්ත දොaෂය වැඩියෙන්ම මෙම රෝගය සමඟÊ සම්බන්ධ වෙනවා. ඉරුවාරදයට ආයුර්වේදයේ කියන නියම නම තමයි සූර්යාවර්තය කියන එක. නමේ විදියට අපි මෙය සංසන්දනය කරන්නේ කෝටරක ප්‍රදාහයටයි. සූර්යාවර්තය, ඒ කියන්නේ සූර්යයාගේ ආවර්තය කියන රෝගය හටගන්නේ ඉර නැගෙගෙන ඇවිත් මුදුන් වෙලා ක්‍රමයෙන්බැස යන ආකාරයටයි. මේ රෝගයට පිත සම්බන්ධයි කියන්නේ ඇයි?. පිතේ ස්‌වභාවයයි ඉරේ ස්‌වභාවයයි අතර තිබෙනවා සමාන ලක්‍ෂණ. පිතේ තිබෙනවා උෂ්ණ ගුණය සහ ශීත ගුණය.

මේ අනුව ඉරුවාරද රෝගියාට උදේ කාලයේ තියෙන සෙම් ගතිය දවල් වනවිට අඩු වෙලා පිත් ගතිය ඉහළට එනවා.

සවස්‌ වන විට ක්‍රමයෙන් පිත් ගතිය අඩුවෙලා වාත ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ සූර්යයාගේ ආවර්තනයත් එක්‌ක මේ රෝගය ටිකෙන් ටික මතුවන බවයි. ඉර මුදුන් වන විට රෝග තත්ත්වය හොඳටම වැඩිවෙලා සවස්‌ වන විට අඩුවෙලා යනවා.

ප්‍රශ්නය - ඔබ කියන්නේ සූර්යෝදගමනයත් එක්‌ක මේ රෝග තත්ත්වය වැඩිවන ආකාරයයි. අපට පැහැදිලි කර දෙන්න පුළුවන් ද සූර්යයා ක්‍රමයෙන් නැගෙන විට ශරීරය තුළ හට ගන්නා ක්‍රියාවලිය කුමක්‌ද කියලා.

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - අපේ හිස්‌ කබල සහ පිටත සම අතර හිස්‌ අවකාශ කිහිපයක්‌ තිබෙනවා. අප ඒවාට කියන්නේ කෝටරක කියලා. නවීන විද්‍යාවේදී කියනවා හිසේ සමබරතාව පවත්වාගෙන යන්නට මේ කෝටරක උපකාරී වෙනවා කියලා. මේ හිස්‌ අවකාශය තුළ තිබෙනවා සෙම....

ප්‍රශ්නය - මේ හිස්‌ අවකාශවලින් ශරීරයට තිබෙන ප්‍රයෝජනය කුමක්‌ද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - අපේ හිස්‌කබල සහ සම අතර කිsසිදු හිස්‌ අවකාශයක්‌ නැතිව සම හිස්‌කබලටම ඇලිලා තිබෙනවා නම් අපට කතා කරගන්න පවා බැරි වෙනවා. හිස්‌ කබලේ දෙදරීම් ඇති වෙනවා. ඒ වගේම මේ අවකාශ නිසා හිස්‌ කබල සහ එහි සම ආශ්‍රිතව ඪැබඑසක්‌එසදබ (වාතය ගමන් කිරීම) නිසි ආකාරයට සිදු වෙනවා. අපේ හිසට තිබෙන එකම දොරටුව තමයි නාසය. කට කියන්නේ ගෙලින් පහළට තිබෙන විවරයක්‌. අනෙක කට හිස්‌කබල සමඟ සම්බන්ධ වන්නේත් නාසය හරහායි.

iruwarade1ප්‍රශ්නය - ඒ අනුව ඔබ කියන්නේ නාසයෙන් මොළයට ප්‍රවේශ විය හැකි ගමන් මාර්ගයකුත් තිබෙනවාද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - ඔව්· අප නශ්‍ය කර්මයක්‌ එනම් නස්‌නයක්‌ කරනවා කියලා හිතන්න. නශ්‍ය කර්මවලදී පැහැදිලිව කියනවා ශීර්ශයට තිබෙන ද්වාරය නාසය කියලා. අපි ඉරුවාරදය හැදුනාම නස්‌න කරනවා. නාසය තුළට තෙල් බින්දු කිහිපයක්‌ හෝ කිසියම් ඖෂධීය සාරයක්‌ දමනවා. එවිට එම වායුව නාසය ඔස්‌සේ අර කලින් කියාපු කෝටරක තුළට ගමන්කරලා එහි තිබෙන ආසාදිත තත්ත්වයන් නැති කරනවා. සෙම නිසා විවිධ ආසාදනයක්‌ හට ගන්නට පුළුවන්. සමහර රෝගීන් අපට ඇවිත් කියනවා මට ඔලුව උස්‌සන්න බැහැ, එහෙමත් නැත්නම් පහත් කරන්න බැහැ බරයි කියලා. එතකොට අපි නාසයට උරන්න දුමක්‌ දෙනවා. නාසය හරහා මේ ඖෂධීය දුම කෝටරකවලට ගමන් කරනවා. ඉන් පස්‌සේ ආසාදන නැති කරනවා. අනෙක මේ කෝටරක ඇතුලේ තිබෙනවා ශ්ලේශ්මල කලාපයන් හෙවත් ඵමජදමි පැපඉර්බැ එකක්‌. මෙහි තිබෙනවා පොඩි තෙත් ගතියක්‌. පිතේ බලපෑම වැඩිවුණාම මේ තෙත් කලාපය වියෑලෙනවා. එතකොට කෝටරක හරහා ගමන් කරන්න වාතයට බැරි වෙනවා. ඔලුව රිදෙන්න පටන් ගන්නේ එවිටයි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »