කෙසෙල් ගෙඩි 06ක් අනුභව කිරීම මාරාන්තිකයි!
2018-07-06 01:48:00  ★ 661

එක්වර කෙසෙල් ගෙඩි ගණනාවක් අනුභව කිරීම මාරාන්තික විය හැකි බවට ලෝකයේ කතාවක් පවතී.
සත්‍ය වශයෙන්ම එක වරකට කෙසෙල් ගෙඩි 06කට වඩා අනුභව කිරීමෙන් පුද්ගලයෙකු මියයා හැකිද? එම කියමනේ සත්‍යතාව විමසීම උදෙසා විද්‍යාත්මක හේතු සෙවීමටයි මේ ප්රයත්නය.
කෙසෙල් යනු ලොව ජනප්‍රියම පළතුරු වර්ගයක්වන අතර ඉතා මිහිරි රසයකින් යුතු මේ පළතුර ඛනිජ ලවණ සහ විටමින් වර්ගවලින් පිරි මිනිස් සෞඛ්‍යයට ඉතා හොඳ පළතුරකි.
ඉහත කරුණ සත්‍ය නම් කෙසෙල් ගෙඩි රාශියක් එකවර ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට සිදුවිය හැකි හානිය කුමක් ද?
සාමාන්‍ය ප්‍රමාණයේ හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක පොටෑසියම් ඉතා ඉහළ ප්‍රමාණයක් අඩංගුවන අතර එවැනි කෙසෙල් ගෙඩි 06කට වඩා වැඩි ප්‍රමාණයක මිනිස් සිරුරට හානි කළ හැකි තරම් පොටෑසියම් ප්‍රමාණයක් අඩංගුවීමට ඉඩ ඇත.
එසේ නම් පුද්ගලයකුට සිය සිරුරට ශක්තිය සහ පෝෂණය ලබාදෙමින් කෙසෙල් ගෙඩි හයක් හානියක් නොමැතිව අනුභව කළ හැකි නමුත් 07 වැනි කෙසෙල් ගෙඩිය අනුභවයෙන් ඔහු මරණයට පත්විය හැකි ද?
පොටෑසියම් අප සිරුරට බලපාන ආකාරය සොයා බැලීමෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත හැකි ය.
ලන්ඩන් නුවර ශාන්ත ජෝර්ඡ් රෝහලේ ආහාර පුරුදු පිළිබඳ විශේෂඥවරියවන කැතරින් කොලින්ස් පවසන්නේ පොටෑසියම් පුද්ගලයකුගේ ජීවිතයට අත්‍යවශ්‍ය සහ සෘජුවම බලපාන සාධකයක් විය හැකි අතර අපේ සිරුරේ සෑම සෛලයකම පොටෑසියම් අන්තර්ගතවන බවයි.
සෛල තුළ පොටෑසියම් ක්‍රියාකාරීත්වය විස්තර කළ විශේෂඥවරිය කියා සිටියේ පොටෑසියම් මගින් සෛලයක ක්‍රියාකාරීත්වය පවත්වා ගෙන යෑමට අවශ්‍ය සියුම් විදුලි ආරෝපණයක් ජනිත කිරීම සිදුකරන බවයි.
මීට අමතරව අග්න්‍යාංශය විසින් සිදුකෙරෙන රුධිර ග්ලූකෝස් පාලනයටත් පොටෑසියම් උපකාරීවන අතර විශේෂයෙන්ම රුධිර පීඩනය පාලනය කිරීමටත් අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ක්‍රියාකරයි.
සිරුරේ ඇති පොටෑසියම් ප්‍රමාණය ඉතා අඩු මට්ටමකට පහත බැසීම හෝ ඉහළ නැගීම මගින් හෘද ස්පන්දනය අක්‍රමවත් කිරීම, උදරයේ වේදනාවක් ඇතිකිරීම, ඔක්කාරය සහ පාචනය ඇති කළ හැකියි.
සිරුරට එකවර මුදා හැරෙන ඉතා ඉහළ ප්‍රමාණයක පොටෑසියම් ක්ලෝරයිඩ් හෘද ස්පන්දනය සම්පූර්ණයෙන්ම නැවැත්වීමට පවා හේතු විය හැකි ය.
කෙසේ වෙතත් හෘද ස්පන්දනය නවතින තරම් පොටෑසියම් ප්‍රමාණයක් කෙසෙල් ගෙඩි මගින් ලබා ගැනීමට නම් දිනක් තුළ කෙසෙල් ගෙඩි 300ක පමණ ප්‍රමාණයක් අනුභව කළ යුතු බව කැතරින් කොලින්ස් පෙන්වා දී ඇත.
වැඩිහිටි පුද්ගලයකුට දිනකට පොටෑසියම් මිලිග්‍රෑම් 3500ක් පමණ සිරුරට අවශ්‍යවන අතර ග්‍රෑම් 125ක් පමණ බරැති කෙසෙල් ගෙඩියක අන්තර්ගත වන්නේ පොටෑසියම් මිලිග්‍රෑම් 450 පමණවන බව බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය පවසයි.
එබැවින් වැඩිහිටි පුද්ගලයකුට කෙසෙල් ගෙඩි 07ක් පමණ ආහාරයට ගැනීමෙන් විද්‍යාත්මකව අනුමත කරන ලද පොටෑසියම් ප්‍රමාණය කරා ළඟාවිය හැකි ය.
එහෙත් යමෙක් වකුගඩු රෝගයෙන් පෙළෙන්නේ නම් පොටෑසියම් බහුල ආහාර රාශියක් එකවර අනුභව කිරීම එතරම් ශරීර සෞඛ්‍යයට යෝග්‍ය නොවන බව විශේෂඥවරිය වැඩිදුරටත් කියා සිටී.
curtesy :hitnews.lk
සෞඛය
කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය ඇතුළු රෝග රැසකට සුව සදන බාර්ලි වල ඔබ නොදත් ගුණ
2019-02-08 10:48:00
සෞඛය
එඩරු තෙල් තේ හැදී දෙකක් පානය කරන්න හිසරදයක් වූ මල බද්ධයෙන් ඔබට මිදෙන්න පුළුවන්
2019-01-18 11:17:00
සෞඛය
ඔබේ ශරීරයේ ලේ කැටියක් සිරවෙලාද නැද්ද කියලා හරියටම දැනගන්න පුළුවන් ලක්ෂණ 6 ක්
2019-01-03 10:02:00තේ වත්තේ සැරිසැරූ දැවැන්තයා මියයයි
2019-02-16 11:19:00අමල්-නදිමාල් ලංකාවට එවයි..?ආ සැණින්ම අමල් පෙරේරාගෙන් ප්‍රකාශයක්
2019-02-16 10:30:00ජාපනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් - වෙරළාරක්ෂක පුහුණුවට විශේෂ නෞකාවක්
2019-02-16 10:29:00එන සතියේ අලුත් දේශපාලන පිම්මක් පනිනවා..වෙන දේශපාලන ගමනක් යනවා-අමරවීර
2019-02-16 09:31:00ආනයනික කිරිපිටි වල සත්ත්ව තෙල් ? පරීක්ෂණ වාර්තා ලඟදීම
2019-02-16 09:21:00පටු දේශපාලන අරමුණු නිසා ජාතීන් අතර එකමුතු භාවය නැති කරනවා
2019-02-16 09:14:00නවක වද දුන් සිසුන් 54කට සරසවිය තහනම් කරයි..
2019-02-16 09:08:00අධ්‍යාපනය පුද්ගලීකරණයට..රට පුරා පුද්ගලික පාසැල් 400ක් අරඹන්න අනුමතයි
2019-02-16 09:07:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com