Home / සෞඛය / "වයසට යද්දිත් ඇස් ආරක්ෂිතයි"

"වයසට යද්දිත් ඇස් ආරක්ෂිතයි"

2018-07-14 12:02:00       379
feature-top
දෛනිකව දොඩම් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් අන්ධ බාවයට පත්වීමේ සම්භාවිතාව 60% කින් අවම කර ගැනීමට හැකි බව පර්යේෂකයින් අනාවරණය කර ගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් වයස් ගත වීමත් සමග පුද්ගලයින්ගේ ඇස් පෙනීමේ හැකියාව ක්‍රමක් ක්‍රමයෙන් අඩුවන අතර එම තත්ත්වය මග හරවා ගැනීමට දෛනිකව දොඩම් ගෙඩියක් පරිභෝජනයට ගැනීමෙන් හැකිවන බවයි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවියේ මහචාර්ය බාම්නි ගොපිනාත් විසින් සිදුකල පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබෙන්නේ.

දොඩම්වල බහුලව අන්තර්ගත වන ප්‍රබල ඔක්සිකාරයක් වන "ෆ්ලේවනොයිඩ් (Flavonoids)" හේතුවෙන් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රසාරණයට එය ඉවහල් වන අතර වයස්ගත අන්ධ බාවය මගහැරවීමට එය බෙහෙවින් උපකාරී වන බව සිදුකල පර්යේෂණ මගින් හදුනාගන ඇති බවයි මහාචාර්ය බාමිනි ගොපිනාත් සදහන් කලේ.

මෙම පර්යේෂණය සදහා අවුරුදු 49 සිට අවුරුදු 64 දක්වා වන වයස් පරතරය ඇති පුද්ගලයින් 2037 දෙනෙක් මේ සදහා යොදවා ගෙන තිබුනා.

curtesy :nethnews.lk


More News »