Home / සෞඛය / වෙසෙස් සුව මවන මී ඇට තැම්බුම් පානය

වෙසෙස් සුව මවන මී ඇට තැම්බුම් පානය

2018-11-01 01:55:00       159
feature-top
මී පොතුද හොඳ ඖෂ­ධ­යකි. වැඩි­පු­රම යොදා­ගන්නේ කැඩුම්-බිඳුම් අව­ස්ථා­වල ප්‍රති­කාර සඳ­හාය. සන්ධි වේදනා අමාරු නැති කිරී­මට මී ගසේ පොතු කෂාය කොට පානය කිරීම ගුණ­දා­ය­කය. මී ගසේ පොතු වියළා කුඩු කර­ගෙන සෙම් සහිත අව­ස්ථා­වල කෝපි මෙන් වත් කොට පානය කළ හැකිය; නැත හොත් කිරි සමඟ මිශ්‍ර කර පානය කළ හැකිය. නිවෙ­සට පැමි­ණෙන මීයන් වැනි සතුන් වළ­ක්වා­ලී­මට සත්ත්ව වික­ර්ෂ­ක­යක් ලෙස සුදුසු නැක­තක් බලා මී පොතු නිවෙසේ තැන්-තැන්වල තැබී­මට කට­යුතු කරත.

මාලේ­වන දේශීය වෛද්‍ය විද්‍යා­ය­ත­නයේ කථි­කා­චාර්ය, දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීග­නා­රච්චි සමග කළ සංවාදයක් ඇසු‍ෙරන් සැකසිණි.

දේශී­යව මී යනු­වෙන් හඳු­න්වනු ලබන, Madhuca උද්භිද ගණ­යට අයත් ශාක විශේෂ 7ක් පමණ මෙර­ටදී හමු වන අතර, එයින් විශේෂ 4ක් අප රටට ආවේ­ණික වේ. ඒ අතු­රින් ප්‍රධා­නම ශාකය වන්නේ වියළි කලා­පයේ ජලා­ශ්‍රිත ප්‍රදේ­ශ­වල බහු­ලව දක්නට ලැබෙන මී ගසයි. මිටර 20ක් පමණ උසට ඍජුව වැඩෙන මී ගස උද්භිද විද්‍යා­ත්ම­කව හඳු­න්වන්නේ madhuca longifolia ලෙසිනි. දේශීය ආහාර රටා­වත්, කාෂි­ක­ර්මා­න්ත­යත් සමඟ අපූරු සබැ­ඳි­යා­වක් ඇති මී ගස දේශීය වෙද­ක­මේ­දීද බෙහෙ­වින් වැද­ගත් වේ.

මෙර­ටදී හමු වන පරි­සර හිත­කාමි ශාක අත­රද මුල් තැනක් ගන්නා මී ගසේ නොමේරූ කොළ­වල සහ ළපටි කොට­ස්වල සියුම් බූවක් දක්නට ලැබේ. මී මල් කහ සුදු පැහැති වන අතර ජූනි, ජූලි මාස­වල හට­ගනී. කොළ සහ කහ පැහැති ඵලය තුළ දුඹුරු පැහැති දිලි­සෙ­න­සුලු බීජ ඇත. ඝන පොත්ත අළු පැහැ­තිය. මී ගස ගොවි­තැ­නේදී බොහෝ සේ ප්‍රයෝ­ජ­න­වත්ය. මෙහි කොළ අගනා පොහො­රකි. කුඹුරු අද්දර බහු­ලව හමු­වන මී ගස්වල ගෙඩි කෑමට සහ මල් පැණි ඉරී­මට එන වවු­ලන්ගේ වසු­රුද කුඹු­රට හෝ ගොවි බිමට පොහොර සප­යයි. මී ශාක­යට නෑකම් ඇති ශාක­යන් ලෙස පලු සහ සැප­දිල්ලා හඳු­නා­ගෙන ඇත.

මී ගස සංස්කෘත භාෂා­වෙන් හඳු­න්වන්නේ මධූක කියාය. මී ගසේ හට­ගන්නා මල්වල පැණි අධික ස්වභා­වය නිසා මේ නම යෙදී ඇති බව සිතිය හැකිය. දේශීය වෛද්‍ය ශාස්ත්‍රා­නු­කූ­ලව ලඝු සහ ස්නිග්ධ ගුණ­යක් පවතී. රස­යෙන් මධුර සහ කෂා­යය. විපා­ක­යෙන් මධු­රය. ශීත වීර්ය­යෙන් යුතුය. මේ ගුණ නිසා මිනිස් ශරී­රයේ වාතය සහ පිත කෝප­යෙන් හට ගන්නා රෝග­ව­ලදී මීගසේ පංචාං­ගය භාවිත කර ප්‍රති­කාර කළ හැකිය. මී ගසේ සෙවණ පවා ශරී­ර­යට සිස­ල­සක් ගෙන­දෙන අතර, අධික උෂ්ණ­ත්ව­යක් ඇති උතුරු පළාතේ ගෙව­තු­වල සහ කෘෂි බිම්වල මීගස බහු­ලව වවා තිබේ.

අතී­ත­යේදි මීගසේ ඇට­ව­ලින් හිඳ­ගන්නා තෙල් ආහාර සඳහා භාවිත කොට තිබේ. දැනට අප පොල්තෙල් භාවිත කරන ආකා­ර­ය­ටම මී තෙල්ද ඍජුව සහ වක්‍රව ආහාර සංස්ක­ර­ණ­යේදී යොදා­ගත හැකිය. මී තෙල්වල පව­තින ස්නිග්ධ ගුණය නිසා අර්ශස් රෝගීන්ට මී තෙල්ව­ලින් සැකසූ ආහාර ගුණ­දා­ය­කය. වර්ත­මා­නයේ සම­හර බටර් සහ මාග­රින් නිෂ්පා­දන ආය­තන තම නිෂ්පා­ද­න­වල තත්ත්වය හා ගුණය ඉහළ නැංවීම අර­මුණු කොට­ගෙන මී තෙල් යොදා­ගනී. මී ඇටය මිරී­කී­මෙන් ලබා­ගන්නා මී තෙල්වල ඔලෙ­යික් අම්ලය 45%ක්ද, සිට්රි­යන් අම්ලය 18%ක් ද, ලිනෝ­ලි­යන් 14%ක්ද ඇති බව පර්යේ­ෂ­ණ­ව­ලින් සොයා­ගෙන ඇත.

දේශී­යව ගෘහි­ණි­යන් විය­ළුණු මී ඇට කොටා, වණ්ඩුවේ තම්බා­ගෙන එම මිශ්‍ර­ණය පැහැ කඳ­කට දමා තෙර­පී­මෙන් තෙල් සිඳ­ගනී. ඖෂ­ධීය අව­ශ්‍යතා සඳහා තර­මක් විශාල වෙද පට්ට­ලය මී තෙල් සිඳීම සඳහා භාවිත කරයි. වාණිජ නිෂ්පා­ද­න­යන් නම් සිදු කරන්නේ යන්ත්‍රා­නු­සා­ර­යෙනි. මේ කුමන ආකා­ර­යෙන් තෙල් සිඳ­ග­ත්තද අතු­රු­ප­ල­යක් ලෙස ඉතිරි වන මීමුරු වණ්ඩුවේ තම්බා, වේදනා සහිත සන්ධි­වල තල­ප­යක් මෙන් බැඳී­මෙන් ඉක්මන් සහ­නය ලබා­ගත හැකිය. අස්ථි බිඳු­ම්ව­ල­දීද අස්ථි පැහීම පිණිස මීමුරු තබා බැඳීම සිදු කරයි. එසේ නැත හොත් ගවාදි සතුන්ගේ ආහා­ර­යක් ලෙසද යොදා­ගැනේ. මී තෙල්, පහන් දැල්වීම සඳහා ඉන්ධ­න­යක් ලෙසද භාවිත කෙරේ.

මී ඇට විවිධ තැවිලි සහ පත්තු සකස් කිරීම සඳහා යොදා­ගැනේ. මී ඇට තම්බා බීමෙන් පුරු­ෂ­යන්ගේ ශුක්‍ර දෝෂ මඟ­හැරේ. කාන්තා­වන්ගේ ප්‍රදර රෝග­ව­ල­ටද යෝග්‍යය. විවිධ පර්යේ­ෂ­ණ­ව­ලට අනුව මී ගෙඩි හෘද­ය­ටත් ඉතා හිත­කර බව අනා­ව­ර­ණය කොට තිබේ. හෘද­ය­රෝග ඇති හෝ නැති ඕනෑම අය­කුට මී ගෙඩි කෂා­යක් ලෙස තම්බා පානය කිරීම ගුණ­දා­ය­කයි.

අපගේ ශරී­රයේ ස්නායු ශක්ති­මත් කර, ප්‍රකෘ­ති­මත් කිරීමේ හැකි­යාව මී තෙල් සතුය. බඩ වේළීම වැනි තත්ත්ව සඳහා මී තෙල් යෝග්‍ය ඔසු­වකි. කැඩුම්-බිඳුම් ප්‍රති­කා­ර­ව­ලදී භාවිත කරන තෙල් වර්ග අතර ප්‍රධා­නව මී තෙල් යොදා­ගනී. ආයු­ර්වේ­දයේ පස් තෙලට අයත් තෙල් වර්ග­යක් වන්නේ මී තෙල්ය. සමේ ඇති වන දද කුෂ්ඨ සඳ­හාද මී තෙල් ආලේප කිරීම යෝග්‍යය. මී තෙල් ආහා­ර­යට ගැනී­මෙන් කොලෙ­ස්ට­රෝල් තත්ත්ව ඇති වීමේ අව­දා­න­මක් මතු නොවේ.

මී පොතුද හොඳ ඖෂ­ධ­යකි. වැඩි­පු­රම යොදා­ගන්නේ කැඩුම්-බිඳුම් අව­ස්ථා­වල ප්‍රති­කාර සඳ­හාය. සන්ධි වේදනා අමාරු නැති කිරී­මට මී ගසේ පොතු කෂාය කොට පානය කිරීම ගුණ­දා­ය­කය. මී ගසේ පොතු වියළා කුඩු කර­ගෙන සෙම් සහිත අව­ස්ථා­වල කෝපි මෙන් වත් කොට පානය කළ හැකිය; නැත හොත් කිරි සමඟ මිශ්‍ර කර පානය කළ හැකිය. නිවෙ­සට පැමි­ණෙන මීයන් වැනි සතුන් වළ­ක්වා­ලී­මට සත්ත්ව වික­ර්ෂ­ක­යක් ලෙස සුදුසු නැක­තක් බලා මී පොතු නිවෙසේ තැන්-තැන්වල තැබී­මට කට­යුතු කර ඇත. විදු­රු­මස් දිය වීම්, මුඛ­යෙන් ලේ ගැලීම්, මුඛ දුර්ග­න්ධය, සෙම් ගෙඩි වැනි මුඛා­ශ්‍රිත රෝග අව­ස්ථා­වල මී පොතු කෂාය ගුණ­දා­ය­කය. දින­පතා උදේ සවස දින කිහි­ප­යක් මී පොතු කෂා­යෙන් කට සේදී­මෙන් එම රෝග සඳහා සහ­නය සල­සා­ගත හැකිය.

මී මල් පිපෙන්නේ වසරේ ජූනි සහ ජූලි මාස­ව­ලය. මී මල් පිපෙන කාල­යට ඒ අවට පරි­ස­රය තදින් සුව­ඳ­වත් වේ. මී මැස්සන් වැනි සත්තුද මී ගසට ආක­ර්ෂ­ණය වෙති. මී මල්වල ඇති සුවි­ශේෂ රසය නිසා, ඒවා අමු­වෙන් හෝ වියළා තබා­ගෙන ආහාර සැක­සීම සිදු කරයි. මී මල් හැලප සහ රොටී ඒ අතු­රින් ප්‍රධා­නය. ආයු­ර්වේද වෙද­ක­මේදී ග්‍රහනි රෝග­යෙන් පෙළෙ­න්නන්ට මී මල්ව­ලින් සක­සා­ගන්නා මධු­කා­ස­වය ප්‍රති­කාර ලෙස නිර්දේශ කෙරේ. මී මල් තම්බා හොඳින් මිරි­කා­ගෙන, ඒ ඉස්ම හිඳ­ගැ­නී­මෙන් මීමල් පැණි සක­සා­ගත හැකිය. ස්ත්‍රීන්ගේ ප්‍රජ­නන පද්ධ­තියේ රෝග­ව­ලට ප්‍රති­කා­ර­යක් ලෙස මී මල් පැණි භාවිත කෙරේ. මී මල් තම්බා බීමට දීමෙන් ආමා­ශ­ගත රෝගත්, ග්‍රහනි රෝගත් වළ­ක්වා­ගත හැකිය.

මී මල් සම්බන්ධ ප්‍රසි­ද්ධම ජන­ක­තා­වක් ගොඩ­නැඟී ඇත්තේ අළු­කො­බෙ­යියා වෙනු­වෙනි. “මී පුප් ලදින්, දරු නොල­දින්, රන්කැටි පුතා කෝ... කෝ…” යනු­වෙන් අළු­කො­බෙ­යියා තම පුතුට නිවැ­රැද්දේ කළ‍ ­චෝ­ද­නා­වක් ගැන සොවින් හඬ දෙන බව ඒ කතා­වෙන් කියවේ.

අර්ශස්, නාස­යෙන් ලේ ගැලීම, ස්ත්‍රීන්ගේ රෝග ආදි ශරී­ර­යෙන් රුධි­රය පිට වන අව­ස්ථා­වල, මී මල් ඉස්ම­ව­ලට මී පැණි ස්වල්ප­යක් මිශ්‍ර කර බොන්නට දෙන්නේ නම් සහ­නය ලබා­ගත හැකිය. එය රුධි­රය පිට වීමෙන් නැති වී යන ශරීර ශක්තිය රැක­ගැ­නී­ම­ටද සුදු­සුය. මී මල් භාවිතා කොට කිතුල් රා වැනි ස්වාභා­වික මත්පැන් නිෂ්පා­ද­නය කිරී­මද සම­හර ගැමි­යන් විසින් සිදු කොට ඇත. එය ශරීර ශක්තිය වැඩි කරන ශක්ති­ජ­නක පාන­යක් ලෙසද සැල­කිය හැකිය.

ඔළුව කැක්කුම්, සෙම් රෝග­ව­ලදී භාවිත වන ඉතා ගුණ­දා­යක නස්න කර්ම­යක් සඳහා මී අර­ටුත්, මී ඇට මදත් යොදා­ගනී. සහිඳ ලුණු, වද­කහ, ගම්මි­රිස් සහ තිප්පිලි සමඟ මී අර­ටුත්, මී ඇට මදත් සමව ගෙන, සියුම් කුඩක් වන තුරු අඹරා එම චූර්ණ­යෙන් නස්න කිරීම පළ­පු­රුදු වෛද්‍ය­ව­රුන් විසින් සිදු කෙරේ.

මී ගෙඩි මද වෑංජ­න­යක් ලෙස සක­සා­ගැ­නී­මට ගැමි ගෘහි­ණියෝ දැනු­වත්ව සිටිති. එහිදී මී ඇටය සහ පොත්ත ඉවත් කර මදය පම­ණක් ගත යුතුය. මී මද තම්බා, දිය පෙරා පිස­ගත හැකිය. මෙය ආහා­ර­යට ගැනීම කිරි­දෙන මවු­ව­රුන්ගේ කිරී එරී­ම­ටද, පුරු­ෂ­යන්ගේ වාජී­ක­රණ ශක්තිය වැඩි කිරී­ම­ටද හේතු වේ. රත්-පිත් දෝෂ සඳ­හාද යෝග්‍යය. මූත්‍ර පිට වීම වැඩි කරන ආහා­ර­යක් නිසා ශරී­රයේ විෂ කොටස් ඉවත් වීම වේග­වත් කරයි; ශරි­රය පුෂ්ටි­මත් කරයි.

මී ගසේ පොතු­ව­ලින් සක­සා­ගන්නා අළු, වර­කට තේ හැඳි බාග­යක් බැගින් දින­කට දෙව­රක් මී මැසි පැණි සමඟ බීමට ගැනීම සෙමත් සමඟ නාස­යෙන් ලේ පිට වන අව­ස්ථා­ව­ල­ටද, උගුර ආශ්‍රිත වේදනා, කැස්ස වැනි රෝග තත්ත්ව­ය­න්ටද ගුණ­දා­ය­කය. පෝෂ­ණය අතින් ගත් කල මී තෙල්, මී ගෙඩි අනෙ­කුත් බොහෝ නිෂ්පා­ද­න­ව­ලට වඩා ඉදි­රි­යෙන් සිටී. ඒ නිසා දැනට භාවිත කරන පොල් තෙල් වෙනු­වට මී තෙල් භාවි­ත­යට හුරු වීමත්, මී ගෙඩි ආහා­ර­යට එක් කර­ගැ­නී­ම­ටත් පුරුදු විය යුතුය.

ශරී­රයේ හොරි, දද හට ගත් විටක මී කොළ­යක් ගෙන, එහි පිටි පැත්තේ තල­තෙල් ස්වල්ප­යක් ආලේප කොට මඳක් රත් කර දද ප්‍රදේ­ශයේ තබා බැඳීම පිළි­ගත් ප්‍රති­කා­ර­යකි. ඉන් පසු පැය තුන­කින් පමණ එය ගලවා පිරි­සුදු උණු­ව­තු­රෙන් සෝදා­හැ­රිය යුතුය. දින­කට වරක් බැගින් සති දෙකක් පමණ මේ ප්‍රති­ක­ර්මය කරන්නේ නම් හොරි, දද ආදි සමේ රෝග සුව කොට කැළැල් මකා­ගත හැකිය. සමේ ඇති ආස­ත්මි­කතා නිසා දද හට­ගෙන කැසීම් ඇති වන අව­ස්ථා­ව­ලදී මී පොතු තළා අඹරා ද්‍රාව­ණ­යක් ලෙස ආපසු ඒ දද­වල ගෑම යෝග්‍යය. කැසීම්, වේදනා ඉක්ම­නින් සම­නය වනු ඇත. මී ගසේ ඇති වේදනා නාශක ගුණ­යත්, ප්‍රදාහ නාශක ගුණ­යත්, විෂ­බීජ නාශක ගුණ­යත් නිසා මෙවැනි රෝග තත්ත්ව­යන්ට ප්‍රති­කාර ලෙස වැද­ගත් වේ.

ඒ අනුව බලන කල අපගේ රෝගා­බාධ රැස­කට මුල් වන වස-විස සහිත ආහා­ර­ව­ලින් මිදී­මට ඇති එකම මඟ වන්නේ ‘ජාතියේ පොහොර ගස’ ලෙස සැල­කෙන මී ගස වැඩි වැඩි­යෙන් සිටු­වී­මයි. එසේම පෝෂ­ණ­යද රකි­මින්, සුව­සෙ­තද සදන මී ගසේ පඤ්චාං­ග­යම ප්‍රයෝ­ජ­න­යට ගැනී­මයි. එම­ඟින් නීරෝගි දිවි පෙවෙ­තක් හිමි කර­ගෙන දිගු කලක් ආයුෂ වින්ද­නය කිරීමේ අව­ස්ථාව අපට ලැබෙනු ඇත.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »