Home / සෞඛය / කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටත් වැළදෙන "පියයුරු පිළිකා"

කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටත් වැළදෙන "පියයුරු පිළිකා"

2018-11-29 09:41:00       115
feature-top
පියයුරු පිළිකා කිවුවම හැමෝටම මතක්වෙන්නෙ කාන්තාවන්ට ඇතිවෙන පියයුරු පිළිකා.
ඒ වුනත් පිරිමි අයටත් වැළදෙන පියයුරු පිළිකා ගැන ඔබ දැනුවත්ද..?

කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද පියයුරු පිළිකාවලට ගොදුරු විය හැකි නමුත් ශ්‍රී ලංකාවේ බහුතරයක් පුරුෂයින් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැත.

වසරකට බ්‍රිතාන්‍යයේ පුරුෂයන් සිය ගණනක් පියයුරු පිළිකාවලට ගොදුරුවන බව බීබීසී සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා.

පියයුරු පිළිකාවක් වැළඳුණු පුරුෂයකුගේ රෝග ලක්ෂණ ලෙස,

- තන පුඩුව වටා තුවාලයක් හට ගැනීම
- තන පුඩුව වටා සමේ වර්ණය වෙනස් වීම
- තන පුඩුව කැසීම
- කිහිලි ප්‍රදේශයේ කුද්දැටි හට ගැනීම





පියයුරු පිළිකාවලට ගොදුරුවන කාන්තාවන් හාරදහසත් පන්දහසත් අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව වාර්තා වන අතරම පුරුෂයන් පනස් දෙනෙකු පමණ වාර්ෂිකව පියයුරු පිළිකාවලට ගොදුරු වෙනවා.

පියයුරු පිළිකාවලට ගොදුරුවන පුරුෂයන් ඇතැම් විට මිය යනවා.

"ඒකට හේතුව තමයි පුරුෂයන්ට පියයුරු නැති නිසා ඉතා ඉක්මනින් පෙනහළු, පපු බිත්තිය දෙසට පිළිකාව විහිදෙන්න පුළුවන්"

පුරුෂයන්ට පියයුරු පිළිකා ඇතිවීමට හේතු කීපයක් බලපාන්න පුළුවන්.

- අධික තරබාරු භාවය
- සාමාන්‍ය පිරිමියෙකුට වඩා පියයුරු ප්‍රමාණයෙන් විශාල වීම

කාන්තාවකගේ වගේ පියයුරු ලොකු වූ තරුණයින් ඉන්නවා.
එවැනි පුද්ගලයන්ගේ ශරීරයේ ඇති හෝමෝන ප්‍රමාණය පිළිබඳ පරික්ෂා කර කිසියම් ප්‍රතිකාරයක් කළ යුතුයි."

පුරුෂයින්ගේ පියයුරු විශාල වන්නේ ඇයි?

පුරුෂයන්ගේ පියයුරු විශාල වීමට හේතු කීපයක් බලපාන්න පුළුවන්.

- ඊස්ට්‍රජන් හෝමෝන වැඩිවීම
- ජානමය හේතු
- අක්මාව ආශ්‍රිත රෝග (සිරෝසිස්)
- අධික රුධිර පීඩනය සඳහා ලබා දෙන ඖෂධ
- ඇතැම් නිදි පෙති වර්ග

"පුරුෂයකුගේ පියයුරු පුරුෂයකුගේ තිබිය යුතු ප්‍රමාණයට වඩා විශාල නම් පොඩ්ඩක් ඒ පිළිබඳ සොයා බැලිය යුතුයි."

(under the courtesy of hirutv.lk blog web)

More News »