Home / සෞඛය / එන්නතක් මගින් ආරක්ෂාව සලසාගත යුතු මාරාන්තික පිටගැස්ම

එන්නතක් මගින් ආරක්ෂාව සලසාගත යුතු මාරාන්තික පිටගැස්ම

2018-11-30 12:11:00       118
feature-top
කැපීමක්, පාදයේ යමක් ඇනීමක් හෝ වෙනත් අනතුරක් නිසා සිදුවන තුවාලයකදී ‘පිටගැස්ම හැදේවිදෝයි’ ඇතිවන බිය කා තුළත් පවතී. ඒ පිටගැස්ම ඒ තරමටම මාරාන්තික රෝගයක් වන නිසයි. බොහෝ අය එපමණ බියට පත්වන පිටගැස්ම රෝගය පිළිබඳව අද අපි සොයා බලමු.
එදිනෙදා වැඩපලවල නියැළෙමින් ඉතා නිරෝගී ජීවිතයක් ගත කරන කාට වුවද ඕනෑම මොහොතකදී පිටගැස්ම වැළඳිය හැකිය. එය අද උපන් බිළිඳාගේ පටන් වයෝවෘද්ධ පුද්ගලයා දක්වා කාට වුවත් වලංගු තත්ත්වයකි.
යම් පුද්ගලයකුගේ පාදයක ඇනුණු යමක් හෝ ඇතිවූ වෙනත් තුවාලයක් පිටගැස්මට හේතුවිය හැකිය. මළකඩ කෑ යකඩ ඇණයක් වැනි යමක් ඇනීම මෙහිදී වැඩි බලපෑමක් කළ හැකිවේ. මළකඩ යනු යකඩ විසින් වාතයේ ඇති ඔක්සිජන් පාවිච්චි කර ඇති අවස්ථාවකි. එවිට යකඩ ඇණයේ මළකඩ කෑ ප්‍රදේශයේ ඔක්සිජන් නැත. අපි කාටත් නැතිවම බැරි වාතයේ ඇති ඔක්සිජන් පිටගැස්ම ඇතිකරවන විෂබිජයට විෂ සහිතය. වාතයට නිරාවරණය නොවූ ඕනෑම තැනක මෙම විෂබිජය මෙන්ම විෂබිජයේ බිත්තරද කතෛකුත් තිබිය හැකි වන්නේ ඒවා අපේ ඇසට නොපෙනෙන නිසාය.
මළකඩ කෑ යකඩ ඇණයක, පාරේ ඇති පස්, මිනිස් සහ සත්ව අසූචි තුළ වාතයට නිරාවරණය නොවී මෙම විෂබිජ හා එහි බිත්තර කාලාන්තරයක් නිදැල්‍ලේ පැවතිය හැකිය.

තුවාලයක් හරහා ශරීරගත වන මෙම විෂබිජය ඉන්පසුව ගමන් කරන්නේ ස්නායු පද්ධතිය තුළටයි.
නිවසක හතර අත විහිදුණු වයර් පද්ධතියක් හරහා මේන් ස්විචයෙන් පටන්ගෙන ට්‍රිප් ස්විචය ෆියුස් හරහා මුළු නිවස පුරාම විදුලිය ගමන් කරන ආකාරයට අපේ ශරීරය තුළ ක්‍රියාත්මක වන එබඳුම ක්‍රියාවලියක් වේ. අපේ ශරීරයේද මොළයේ සිට පිටකොන්ද දිගේ පහළටත් එතනින් දෑත් දෙපාවලටත් සම පුරා සහ මුළු ශරීරයටත් ආවරණය කරමින් යම් විදුලි ධාරාවක් ගමන් කරවන වයර් වැනි වූ නූල් පද්ධතියක් ඇත. එය ස්නායු පද්ධතියයි. ඒ තුළට රිංගා ගන්නා විෂබිජය අපට පිටගැස්ම ඇති කරවන විට මුලින්ම කටේ හකු දෙක තද වී යයි. ඉන්පසු මුළු මුහුණ තද වී හැකි‍ලේ. පිට සම්පූර්ණයෙන්ම හැකිලී යන විට මුළු ශරීරයම පිට පැත්තට නැමෙයි. ඒත් සමග පිට ප්‍රදේශයත් මුළු ශරීරයත් ගැස්සෙන්නට පටන් ගන්නා නිසා ඊට ‘පිට ගැස්ම’ යැයි කියයි.
සුවකරන්නට අතිශය අපහසු මාරාන්තික රෝගයක් වන මෙය වැළඳී නැවත ලෝකය දකින්නට කෙනෙකු වාසනාවන්ත වෙනවා නම් ඒ අතලොස්සකි. කළ හැක්කේ එය වළක්වා ගැනීම පමණකි.
කකුලක යමක් ඇනීමකින් වැනි දෙයකින් හටගත් තුවාලයක් හරහා මෙම විෂබිජය කොතෙකුත් ශරීරගත විය හැකිය. එතැන් සිට දින දහයක් පමණ තම අණසක පතුරුවාගෙන සිටින විෂබිජය අවසානයේ මාරාන්තික පිටගැස්ම නිර්මාණය කරනු ඇත.
එහෙත් පිටගැස්ම දක්වා බරපතළ තත්ත්වයට පත් නොවන්නට එන්නතක් ඇති බව ඔබ දන්නවා ඇත. නමුත් එහිදී අප අවබෝධකරගත යුතු දෙය වන්නේ පිටගැස්ම සඳහා වූ එන්නත තුවාලයකට ලබා දෙන ප්ලාස්ටරයක් නොවන බවය. එනම් තුවාලයක් වූ පසුව එම එන්නතෙන් සැලසෙන ආරක්ෂාවක් එන්නතේ ආරක්ෂාව ලබාදිය යුතු වන්නේ තුවාලයක් ඇති වන්නට පෙරාතුවයි.  මේ රටේ උපදින සෑම දරුවෙකුටම පිටගැස්ම සඳහා වන එන්නත් පෙළක් ලබා දෙන්නට කටයුතු කරන්නේ ඒ නිසාය. එය සෑම දරුවෙකුම ඉපදී මාස දෙකේදී, හතරේදී හයේදි මාස දහඅටේදී සහ පස්වන වසර අවසාන සහ අවසාන එන්නත දොළොස්වෙනි වසර අවසන ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව පවතී.  ඒ ආකාරයට එන්නත් හයක් ලබාදුන් පසුව ඉදිරියට වසර පහක් ගතවනතුරු පිටගැස්මෙන් සම්පූර්ණ ආරක්ෂාව සැලසේ. එතැන් සිට වසර දහයක් දක්වා සැලකිය යුතු තරමේ තුවාලයක් ඇති වූ විටදී එක් එන්නතක් ලබාදීම ප්‍රමාණවත්ය. වසර දහයක් ඉක්මගිය පසුව කුමන වර්ගයේ තුවාලයකට වුවද එක් එන්නතක් ලබාදීමෙන් පිටගැස්මෙන් ආරක්ෂාව සලසා ගත හැකිය.

මෙහිදි අවධාරණය කළ යුතු කරුණ වන්නේ කිසිදු තුවාලයකට එසැණින් ආරක්ෂාවක් මෙම එන්නතකින් නොලැබෙන බවය. හදිසියේ ඇතිවූ තුවාලයකට සම්පූර්ණ ආරක්ෂාවක් සලසනවා නම් ඒ අතීතයේදී ලබාදුන් එන්නත් වල පිහිටෙනි. අතීතයේදී එන්නත් තුනක්වත් ලබාගෙන නොමැති අයෙකුට පිටගැස්ම වළකන ටොක්සොයිඩ් (ඊධයධඪඤ) එන්නතින් තුවාලයකට සැලසෙන ආරක්ෂාවක් නැත. ලැබෙන යම් ආරක්ෂාවක් ඇත්නම් එය ආරම්භ වන්නේ ඉදිරි කාලපරිච්ජේදයකට පමණක් බව අමතක නොකළ යුතුවේ.
පිටගැස්ම වළකන ටොක්සොයිඩ් එන්නත අවශ්‍ය විටෙකදී ඕනෑම රෝහලකදී  ලබාගත හැකිය. රට පුරා ඇති පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් හෝ ෆාමසියකින් පහසු මුදලකට මෙය මිලදී ගත හැකි වේ. එහි අන්තර්ගත අකර්මන්‍ය කරන ලද විෂබිජයේ විෂ ශරීරය තුළට ඇතුළු කළ විටදී පිටගැස්ම විෂ යනු කුමක්දැයි ශරීරය විසින් හඳුනාගනු ලබයි. පිටගැස්ම විෂ සම්පූර්ණයෙන් විනාශකර දැමීමට සමත් ඊට් නමින් හැඳින්වෙන බඥබචදභඵ ඪථථභදධඨතධඡභතඪද රසායනය ශරීරය තුළ නිපදවීමට සැලැස්වීම එමගින් බලා‍පොරොත්තුවේ. එහෙත් ඊට් ශරීරය තුළ නිපදවීමට දින ගණනාවක් ගතවීම මෙහි ඇති ගැටලුකාරී තත්ත්වයයි. ඒ අනුව තුවාලයක් වූ පසුව එන්නතක් ලබා දුන්නද යම් අනාරක්ෂිත කාලපරිච්ජේදයක් හසුකරන්නට සිදුවන බව දැන් ඔබට පැහැදිලි විය යුතුය.
එහෙත් තුවාලය ඇතිවන්නට පෙරදී එන්නත් තුනක්වත් ලබාගත් අයෙකුට මේ පිළිබඳව බියවන්නට හේතුවක් නැත. අවදානම ඇත්තේ පෙරදී එන්නත් තුනක්වත් ලබා නොගත් අයට පමණකි. එවැනි කෙනෙකුටද තුවාලයක් වී පළමු  පැය විසිහතර තුළදී පෙර කී විශේෂිත එන්නත ලබා ගැනීමෙන් සම්පූර්ණ ආරක්ෂාව සැලසේ. මුල්දින විසිඑක ඇතුළතදී ලබා ගත හැකි නම් එයද ප්‍රමාද නැත.

දරු ප්‍රසූතියකට සූදානම් වන මවකටද යම් ක්‍රමවේදයකට අනුව මෙම එන්නත හෝ එන්නත් පෙළක් ලබාදීම සිදු කරයි. කිසිදින එන්නත් ලබාගෙන නැති කාන්තාවක් සති හයක් ඇතුළත පිටගැස්ම සඳහා වූ එන්නත් පෙළ ලබාගත යුතුය. එහිදි අවසන් එන්නත දරු ප්‍රසූතියට සති දෙකකට පෙරාතුව ලබාගෙන තිබිය යුතුවේ. දරු ප්‍රසූතිය සිදුවන්නේ පෙර කී එන්නත් හය ලබාගෙන දස වසරක් ඇතුළත දී නම් පිටගැස්ම සඳහා කිසිදු එන්නත් නැවත අවශ්‍ය නොවේ. එනම් වයස අවුරුදු දොළහේදී අවසන් එන්නත ලබාගත් අයෙකු අවුරුදු විසිදෙකට පෙර දරු ප්‍රසූතියට සූදානම් වනවා නම් නැවත එන්නතක් අවශ්‍ය නොවේ. ගර්භණී භාවයට පත් වන්නේ අවසන් එන්නත ලබාගෙන වසර දහයක් ඉක්ම ගිය පසුව නම්  ප්‍රසූතියට පෙර එක් එන්නතක් ලබාගන්නට සිදුවේ. කිසිදින එන්නත් ලබාගෙන නැති කාන්තාවන්ට වුවද එන්නත් දෙකක් ලබා ගැනීමෙන් පිටගැස්මෙන් ආරක්ෂාව සලසා ගත හැකිය.



උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »