Home / සෞඛය / කරදරකාරී සෙම්ප්‍රතිශ්‍යාව ගෙදරදීම ඉක්මනින්ම සුව කරගමු

කරදරකාරී සෙම්ප්‍රතිශ්‍යාව ගෙදරදීම ඉක්මනින්ම සුව කරගමු

2018-12-03 09:57:00       321
feature-top
ඉතා වේගෙන් පැතිර යන රෝගයක් තමයි සෙම්ප්‍රතිශ්‍යව.මේ  රෝගයට නිවසෙදිම ප්‍රතිකාරයක් කරගන්න පුලුවන්නම් කොයි තරම් හොදද?

සෙම්ප්‍රතිශ්‍යාව කියන්නෙ වෛරස මගින් බෝවන කරදරකාරී රෝගී තත්ත්වයක්. සොටු දියර ගැලීම, කැස්ස, උගුරේ අමාරුව වැනි දේවල් සෙම්ප්‍රතිශ්‍යාවේ සාමාන්‍ය රෝග ලක්ශණ වනවා. අපි බලමු සෙම්ප්‍රතිශ්‍යාවට නිවසේදීම පිළියම් කරගත හැකි සාම්ප්‍රදායික බෙහෙත් මොනවද කියල.

සුදු ලූණු පානය


සුදු ලූණු බික් දෙකක් ගන්න. හොඳින් තලාගෙන කහකුඩු තේ හැඳි භාගයක් සමග ජලයට මුසුකර තම්බා බොන්න. ඉතාම හොඳ සුවයක් ගෙනදෙන පානයක් වේවි.

දෙහි පානය කිරිම


සෙම්ප්‍රතිශ්‍යාව සෑදුන විට දැනෙන උගුර අමාරුවට සහනයක් ගෙන දෙන පානයක්. කහට තේ එකකට තලාගත් ඉඟුරු කැබැල්ලක් සහ දෙහි යුශ ටිකක් එක් කර උදේ සවස පානය කරන්න. තේ වෙනුවට උණු වතුර උනත් භාවිතා කරන්න පුළුවන්.

ගම්මිරිස්


සෙම්ප්‍රතිශ්‍යාව උනත් සැර දාල අඩාල කරන්න පුලුවන් ගම්මිරිස් වලට.
ගම්මිරිස් කියන්නෙ ආහාර රසවත් කරගැනීමට යොදාගන්නා කුලුබඩුවක් මෙන්ම වටිනා ඖෂධීය ගුණයකිනුත් හෙබි ද්‍රව්‍යයක්.

ගම්මිරිස් කුඩු මේස හැන්දක් කිරි කෝප්පයක් සමග මිශ්‍ර කොට උතුරුවාගන්න. ඉන්පසු එයට කහ සහ සීනි ස්වල්පයක්ද එකතු කරන්න. මෙය දිනපතා පානය කිරීම ඔබට සුවයක් ගෙනදෙනු ඇත.

මී පැණි සහ ලෙමන්

මී පැණියි ලෙමනුයි කියන්නෙ සෙම්ප්‍රතිශ්‍යාවට ඉතාම ගුණදායී දේවල් දෙකක්. උණුසුම් ජලය කෝප්පයකට ලෙමන් යුෂ සහ මී පැණි තේ හැන්දක් පමණ එක්කර දිනපතා පානය කිරීමෙන් ඉතාම හොඳ සුවයක් ලබන්නට පුලුවන්. එහෙමත් නැතිනම් ලෙමන් යුෂ තේ හැන්දකට මී පැණි යුෂ තේ හැඳි දෙකක් මිශ්‍ර කරල දිනකට දෙතුන් වතාවක් පානය කරන්න. ලෙමන් හොයාගන්න බැරිනම් ඒ වෙනුවට දෙහි භාවිතා කරන්නත් පුලුවන්.

(under the courtesy of hirutv.lk blog web)

More News »