Home / සෞඛය / ව්‍යායාම තුළින් අත්වන යහපත් ප්‍රතිඵල

ව්‍යායාම තුළින් අත්වන යහපත් ප්‍රතිඵල

2018-12-13 09:12:00       602
feature-top
ව්‍යායාම නොකරන අය ව්‍යායාම නිසි ආකාරයෙන් කරන අය සමග ගළපන විට සසඳන විට මේ වෙනස්කම් ඉතාම පැහැදිලිව දකින්න පුළුවන්. බලන්න ඔබත් මේවගේ කෙනෙක්ද කියලා.
* හෘදයේ ධමනි ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වීමේ අවදානම 35කින් පහත හෙළයි.
* මානසික පීඩා ඇති වීමේ අවදානම 30කින් අඩු වීම.
* පියයුරු පිළිකා ඇති වීමේ අවදානම 20කින් අඩු කරයි.
* අන්ත්‍රවල (බඩවැල්) පිළිකා ඇති වීමේ අවදානම 50කින් පහත හෙළයි.
* අස්ථි සන්ධි ප්‍රදාහය (ඔස්ටියෝ ආතරයිටිස්) ඇති වීමේ අවදානම 83කින් පහළ දමයි.
* උකු‍ලේ අස්ථි බිඳී යාමේ අවදානම 68කින් පහළ දමයි.


* ආඝාතය තත්ත්වයන් (අංශභාගය) ඇති වීමේ අවදානම 35කින් අඩු කරයි.
* අධි රුධිර පීඩනය ඇති වීමේ අවදානම 40 කින් පහළ දමයි.
* දියවැඩියාව වැලඳීමේ අවදානම 50කින් අඩුවේ.
* චිත්ත වික්ෂිපේතතාවයට (මානසික ශක්තිය බිඳ වැටීම) පත් වීම 30කින් අඩු කරයි.
* අකල් මරණවලට ගොදුරු වීමේ අවදානම 30 කින් පහත දමයි.

නිරෝගීකම රැකගෙන දිගු ආයුෂ විඳින්න නම් අදම ව්‍යායාම සඳහා කාලය හා අවධානය අනිවාර්යයෙන්ම යොමු කරන්න.

(under the courtesy of hirutv.lk blog web)

More News »