Home / සෞඛය / අංශභාගය රෝගය ගැන ඔබත් දැනගන්න.මේ රෝගය ඔබටත් හැදෙන්න කලින් මේ දේවල් කරන්න.
අංශභාගය රෝගය ගැන ඔබත් දැනගන්න.මේ රෝගය ඔබටත් හැදෙන්න කලින් මේ දේවල් කරන්න.
2018-12-15 09:40:00  ★ 685

සමාජයේ වයස්ගත ජනගහනය අතර සුලබ රෝගී තත්ත්වයකි අංශභාගය. අංශභාග රෝගය ඇතිවීමට හේතු කිහිපයක්ම බලපාන අතර ඒවායින් සෘජුවම බලපාන කරුණු කිහිපයක් වෙයි.
අප ශරීරයේ ක්‍රියාකාරිත්වය, අංග චලනයෙන් සියල්ලක්ම පාලනය සිදු වනුයේ මොළයෙන් බව අප කවුරුත් දන්නා කරුණකි. එබැවින් මොළයේ යම්කිසි තැනක ආබාධයක් සිදු වුවහොත් මොළයේ එම කොටසින් පාලනය වන ශරීරයේ අනුරූප කොටසේ ක්‍රියාකාරිත්වය අඩාල වී යැම හෝ මුළුමනින්ම නැත්තටම නැතිවී යා හැකිය. මෙය ශරීරයේ එක් පැත්තක අංශයක පණනැතිවීමක් ලෙස දක්නට ලැබෙයි. මෙයට හේතු කීපයක් බලපාන අතර, අධික රුධිර පීඩනය, රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටමක් පැවතීම, දියවැඩියා රෝගය පැවතීම දැක්විය හැකිය.
අධික රුධිර පීඩනය
අධික රුධිර පීඩනය නිසා මොළයට රුධිරය ගෙන යන සියුම් නාලයන් පුපුරා යැම හේතුවෙන් අංශභාග තත්ත්වය හටගත හැකිය.
දියවැඩියාව
ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙක් නම් හෝ ඔබේ පවුලේ ඥාතීන්ට, මවට හෝ පියාට දියවැඩියා රෝගය පැවතුනි නම් ඔබද රුධිරයේ සීනි පරීක්ෂාවට ලක්වීමෙන් ඔබ නොදැනුවත්වම හෝ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වී ඇත්නම් එය වහාම පාලනය කළ යුතුය.
කොලොස්ටරෝල්
රුධිරයේ අධික කොලෙස්ටරෝල් තත්ත්වයක් පැවතීමද, අංශභාගයට ගොදුරු වීමේ ප්රවනතාවය වැඩි කරයි. තම පවුලේ වැඩිහිටියන්ට මවට හෝ පියාට රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටමක් පැවැතී ඇති නම් තමන් ද අවුරුදු 35 ට වැඩි පුද්ගලයකු නම් වසරකට තෙවරක්වත් කොලෙස්ටරෝල් පරීක්ෂාවට ලක්විය යුතුය. එහිදී තම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි නම් එය වහාම පාලනයට ප්‍රතිකාර කළ යුතුය. එහිදී වඩා වැදගත් වන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් ප්‍රතිකාර කිරීමයි. එහිදී තම සිරුරට අත්වන වාසිසහගත තත්ත්වය නම් අනෙකුත් ඖෂධ වර්ග භාවිතයේදී මෙන් ආයුර්වේද ප්‍රතිකාර තුළින් අතුරු ආබාධ කිසිවක් ඇති නොවීමයි. අක්මාව, හෘදය සහ වකුගඩුවලට සිදුවන අතුරු ආබාධ කිසිවක් ආයුර්වේද ප්‍රතිකාර තුළ ඇතිවන්නේ නැත.
කොලෙස්ටරෝල් ප්රශස්ත මට්ටමක පවත්වා නොගතහොත් රුධිරයේ මේදය සියුම් රුධිර නාල තුළ තැන්පත් වීමෙන් රුධිර නාල අවරෝධ (අවහිර) වීමෙන් මෙම ආයුර්වේදයේ ඝ්රොaතස් අවරෝධය ලෙස හඳුන්වන අතර එසේ වීමෙන් මොළයට හා හෘදයට රුධිරය සපයන නාල අවහිරවීමෙන් රුධිර සැපයුම අඩාලවීමෙන් හෝ රුධිර කැටියක් ගැලවී පාවීගෙන විත් රුධිර නාලවල හිරවීමෙන් අංශභාග තත්ත්වය ඇතිවිය හැකිය.
මොළයට පිටතින් ඇතිවන තුවාලයක් නිසාත්, ගෙඩියක් අර්බුදයක් වැනි හේතුවක් නිසා මොළයට විෂබීජ ඇතුල්වීමෙන් ද අංශභාග රෝගයට ගොදුරු විය හැකිය.
අංශභාග රෝගීන්ගෙන් ඇතැමෙකුට මතුවන පූර්ව රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන ඇත. කථාව ගොතවී යැම කට පැත්තකට ඇදවීයැම, ඇඟට වැඩ කිරීමට නොහැකියාවක් ඇතිවීම, ඇස් පෙනීම තාවකාලිකව දුර්වලවීම, ශරීරයේ පැය කිහිපයකට පමණක් ඇති වෙන හිරිවැටෙන ගතිය. ඇසේ පැත්තක හිරිය, පණ නැති ගතිය ආදිය ඉන් සමහරකි. මෙම රෝග ලක්ෂණ ඔබ සතුව පවතී නම් වහාම වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම ඉතාමත් යෝග්‍ය වේ.
(under the courtesy of hirutv.lk blog web)

සෞඛය
කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය ඇතුළු රෝග රැසකට සුව සදන බාර්ලි වල ඔබ නොදත් ගුණ
2019-02-08 10:48:00
සෞඛය
එඩරු තෙල් තේ හැදී දෙකක් පානය කරන්න හිසරදයක් වූ මල බද්ධයෙන් ඔබට මිදෙන්න පුළුවන්
2019-01-18 11:17:00බිම් බෝම්බයක් හමුවෙයි…
2019-12-05 06:00:00බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේ
2019-12-05 04:34:00විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට
2019-12-05 04:33:00විජිතමුණිගේ මන්ත්‍රී ධුරය අහෝසි කරයි.. මැතිවරණ කොමිසමට දන්වයි..
2019-12-05 04:05:00රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…
2019-12-05 03:09:00එජාප අර්බුදයට සජිත් පිල අදම තීන්දුවක් ඉල්ලයි
2019-12-05 03:08:00කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට
2019-12-05 01:09:00වැලි පස් හා මැටි ප්‍රවාහනයේ සීමා ලිහිල් කළ හේතුව ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්
2019-12-05 01:08:00රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..
2019-12-05 12:53:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com