Home / සෞඛය / එඩරු තෙල් තේ හැදී දෙකක් පානය කරන්න හිසරදයක් වූ මල බද්ධයෙන් ඔබට මිදෙන්න පුළුවන්

එඩරු තෙල් තේ හැදී දෙකක් පානය කරන්න හිසරදයක් වූ මල බද්ධයෙන් ඔබට මිදෙන්න පුළුවන්

2019-01-18 11:17:00       656
feature-top
මල බද්ධය යනු බොහෝ දෙනා අපහසුතාවයට පත් කරවන කාරණයකි . මෙම තත්වය ඇති වන්නේ අන්ත්‍ර වල දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙනි .මල බද්ධය ඇති වීමේ රෝග ලක්ෂණ මෙය වේ. අධිකව බඩ පිපිම, උදරයේ වේදනා ඇති වීම, ඔක්කාරය, ආහාර අරුචිය, මලපහ කිරීම අපහසු වීම, මුඛයේ දුගද හැමීම, හිසරදය, ආතතිය, කුරුලෑ ඇතිවීම

මල බද්ධය ඇති වීම සදහා බලපාන හේතු පහත සදහන් පරිදි වේ.
තන්තු අඩංගු ආහාර අනුභව නොකිරීම, ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම, ව්‍යායාම සිදු නොකිරීම, ගර්භානිභාවය, ආතතිය, හෝර්මෝන අසමතුලිතතා.

ඉහත සදහන් රෝග ලක්ෂණ ඇත්නම් ඔබ ඒ පිලිබදව අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතු වෙනවා.පහත දක්වා ඇත්තේ මල බද්ධය සදහා නිවසේ දී අනුගමනය කල හැකි ප්‍රතිකර්ම කිහිපයක් ගැනයි.

දෙහි
දෙහි යනු ලෙඩ රෝග ගණනාවකටම ඖෂධයක් ලෙස භාවිතා කරන ද්‍රව්‍යයකි. දෙහි ගෙඩි භාගයක යුෂ මිරිකා ගෙන එයට උණුවතුර වීදුරුවක් එකතු කරන්න. එයට ලුණු සහ පැණි ස්වල්පයක් එකතු කර උදෑසන හිස් බඩ පානය කරන්න . මෙම ප්‍රතිකාරය මගින් දින කිහිපයක් ඇතුලත මල බද්ධය සම්පුර්ණයෙන්ම සුව කර ගැනීමට ඔබට පුළුවන්.මෙමගින් ඔබගේ ශරීරය පිරිසිදු වීමක්ද සිදු වේ.

නිවිති
නිවිති යනු තන්තු බහුල ඖෂධීය ආහාරයකි.මේවා කැල්සියම් සහ පොස්පරස් බහුල ආහාර ද්‍රව්‍යයක් වේ.ශරීරය පිරිසිදු කරන විව්ධාකාර පෝෂණ ද්‍රව්‍ය ගණනාවක් නිවිති වල අඩංගු වේ. දිනපතා ඔබ ගන්නා ආහාරයට නිවිති එකතු කරගන්න. නිවිති කොළ කිහිපයක් කොටා යුෂ විදුරු භාගයක් ලබා ගන්න.එයට ජලය වීදුරු භාගයක් එකතු කරන්න.දින දෙකකට වරක් මෙම යුෂ වීදුරුවක් පානය කරන්න.

පැණි.
පැණි යනු සොබාදහමේ විස්මිත ප්‍රතිකාරයකි.මල බද්ධය සුව කරගැනීම සදහා පැණි භාවිතා කල හැකි ආකාර කිහිපයක් මෙම ලිපියේ අඩංගු වේ. දිනයකට තුන් වරක් පැණි මේස හැදි දෙක පැගින් පානය කරන්න. පැණි සහ දෙහි යුෂ මේස හැදි එක බැගින් මිශ්‍ර කර එය සමග උණුවතුර වීදුරුවක් කවලම් කර උදැසන පානය කරන්න. පැණි මේස හැදි භාගයක් සමග ඇපල් සයිඩර් විනාකිරි හැදි භාගයක් මිශ්‍ර කර ආහාර අනුභවයට මිනිත්තු 30 කට පෙර පානය කරන්න.

එඩරු තෙල්
ශරීරයට සහ ආහාර දිරවීම සදහා හිතකර වන සංයෝග රාශියක් එඩරු තෙල් වල අඩංගු වේ.ආතරයිටිස්,මාංශ පේශි වේදනා තත්ව වලටද සම පැහැපත් කරවීම සහ හිස කෙස් වර්ධනය වීම සදහාද එඩරු තෙල් එකසේ ප්‍රයෝජනවත් වේ. ඔබ ප්‍රිය කරන පලතුරු ජුෂ පානයක් සමග උදෑසන හිස් බඩ එඩරු තෙල් තේ හැදී දෙකක් පානය කරන්න.පැය කිහිපයක් යනවිට ඔබගේ උදරයේ අන්ත්‍ර වල ක්‍රියාකාරිත්වය සිඝ්‍රයෙන් වර්ධනය වන අතර ආහාර දිරවීම පහසු කරවයි. කෙසේ වෙතත් ප්‍රමාණය ඉක්මවා එඩරු තෙල් පරිබෝජනය සුදුසු නොවේ.

මහ දුරු.
මහදුරු වලින් ලබා ගන්නා තෙල් මල බද්ධය සදහා ඉතා හොද ඖෂධයක් වේ.මෙම ඖෂදය මගින් ඉතා හොද ප්‍රතිපල ලැබෙන අතර ඔබගේ වේදනා තත්වයන් වලටද ඉතා ඉක්මන් විසදුමක් වේ. මහදුරු කෝප්පයක් ගෙන වියලෙන තුරු හොදින් වේලන්න. මෙම ඇට කොටා හලා ගන්න. මෙම පිටි සියල්ල සුලන් නොවදින සේ අසුරන්න. උණුවතුර වීදුරුවක් සමග මෙම කුඩු හැන්දක් පානය කරන්න.

thetruth


More News »