Home / සෞඛය / එළකිරි වීදුරුවක ඇති පෝෂණ ගුණය

එළකිරි වීදුරුවක ඇති පෝෂණ ගුණය

2019-07-29 10:39:00       703
feature-top
කෑම නැති වුණත් ”බෙඞ් ටී” එකට හුරුවී ඇති සමාජයේ ආකල්ප වෙනස් කිරීම දවසින් දෙකෙන් කළ හැක්කක් නොවේ. ආවේණික සංස්කෘතික රටාවක් මිනිසුන් තුළ ආරෝපණය කිරීමට වෙළෙඳ ප‍්‍රචාරණය දඩමීමා කොටගත් සමාගම් සමස්ත මාධ්‍ය තුළ ඒකාධිකාරයක් ව්‍යාප්ත කොට ඇත.
 
 කිරි බෝතලයක් කටේ ගසාගත් පෘෂ්ටිමත් දරුවෙකුගේ රූපයක් දකින මවක් ”අනේ මගේ කිරිටික විතරක් බීලා මේ ළමයට ඇද්ද නිකං ඇට ගැහෙනවා විතරයි.” යන්න සිතන්නට පුළුවන. ඉන් නොනැවතී තමන්ගේ දරුවාද එසේ පෘෂ්ටිමත්ව සිටිනු දකින්නට එය අනුකරණය කරනු ඇත.
 
 සාමාන්‍යයෙන් චීනයේ මෙලමයින් භාවිත කරන්නේ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තය සඳහාය. එහෙත් මෙලමයින් මුසුකළ ළදරු කිරිපිටි නිසා චීනයේ දරුවන් මියගිය බව 2008 සැප්තැම්බර් මස 10 දින චීන ජනමාධ්‍ය ලොවට හෙළිකරන තුරුම එතෙක් කිරිපිටි සමාගම් වසංකළ සත්‍යය ලොවට හෙළිවිය.
 
 RBGH (Recombinant bovine growth hormone) සහ හෝමෝන මගින් යුරෝපීය කිරි දෙනුන් වෙත ලබාදෙන පෝෂණ වර්ධක සංඝටකයන් තුළින් කිරි දෙනුන් වෙත ස්වභාවධර්මයට අනුකූලව ඔවුන්ව නිර්මාණය කර ඇති ප‍්‍රමාණයට වඩා ඉතා විශාල වශයෙන් ඔවුන්ගෙන් කිරි දෙවීමට භාවිත කරන කූට ප‍්‍රයෝගය වර්තමානයේ ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් උද්ගතව ඇති දැවැන්තම අර්බුදය වන්නේ ලැක්ටොස් කිරිපිටි සම`ග ෆාම් තෙල් සහ සත්ත්ව මේදය කලවම් කරන බව නිරීක්ෂණය වීමයි.
 
 කැල්සියම් යනු මිනිස් සිරුරේ බහුලව පවත්නා ඛනිජයකි. සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ පවත්නා කැල්සියම්වලින්
 99% ක් ඇටකටු හා දත්වල ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව දිනකට වැඩිහිටියෙකුට කැල්සියම් 500 පට බව පැවසේ. එළකිරි කාලක කැල්සියම් මිලිග‍්‍රෑම් 1200 පවතී. එළදෙන කැල්සියම් ලබාගන්නේ තණකොළවලිනි. ”කැල්සියම් සපිරි කිරි හැකිතරම් පානය කරන්න.” කිරිපිටි සමාගම් ඔස්ටියෝපොරෝසිස් පිළිබඳව ප‍්‍රචාරය කොට ඇති මිථ්‍යා මතය මෙයයි. වයස්ගත වීමත් සම`ගම බහුලව ඇතිවන රෝගී තත්ත්වයක් වන ඔස්ටියෝපොරෝසිස් ශරීරයේ අස්ථිවලින් කැල්සියම් ඉවත්වීමෙන් අස්ථි ඝනත්වය අඩුවීම නිසා ඇතිවන්නකි.
 
 තොග ගණන් කැල්සියම් ලැබේ යැයි සිතා කිරිපිටි පානය කිරීම රෝගයට පිළියමක් නොවේ. ලොව වැඩිපුරම කිරි පානය කරන්නේ උතුරු ඇමෙරිකාවය. එහෙත් ඔස්ටියෝපොරෝසිස් වැඩිපුරම දක්නට ලැබෙන්නේද උතුරු ඇමෙරිකාවේය.
 
 අපි‍්‍රකානු බන්ටු නම් ගෝති‍්‍රකයන්ගෙන් 90%කගේ සිරුරුවල ලැක්ටේස් එන්සයිමය නිපදවෙන්නේ නැත. ඔවුන්ට කිරි බොන්නට නොහැකිය, එහෙත් ගෝත‍්‍රයේ කාන්තාවන් අතර ඔස්ටියෝ පොරෝසිස් නැත. ඔවුහු සිය ජීවිත කාලය තුළ ළමයින් 10 දෙනෙකුවත් බිහිකරති. දරුවන්ට කිරි දෙති. ඔවුනට දිනකට ලැබෙන කැල්සියම් ප‍්‍රමාණය 250 - 400 අතරය, ඒ ද ශාක ආහාරවලිනි.
 
 ඇමරිකා එක්සත් ජනපදයේ 1998 - 2007 දක්වා එක් වැස්සියකගෙන් වසරකට ලබාගන්නා ලද කිරි ප‍්‍රමාණය රාත්තල් 1700 සිට 20,000 දක්වා ඉහළ යෑම ස්වාභාවික වර්ධනයක් ලෙස ගණනය කළ හැකිද? මෙයට වසර
 
 50 කට පෙර එළදෙනකගෙන් ලබාගත් කිරි ප‍්‍රමාණය වසරකට කිලෝ ග‍්‍රෑම් 1000 කි. එහෙත් මේ ප‍්‍රාමාණික වැඩිවීමට දෙනුන්ට ලබාදෙන කෘත‍්‍රීම ඖෂධ ප‍්‍රතිජීවක සහ හෝමෝන හේතු වෙනි. ජාන විකෘති කිරීම් වලට භාජනය කරනු ලබන මුහුම් කිරීමද මේ තත්ත්වයට ඍජුවම බලපා ඇත.
 
 කිරිවල ප්‍රෝටීන් බහුලව ඇත. එසේම කිරිපිටිවල ඇති මේදය ශරීරයට හානිදායක බව සමාගම් නොදන්නේද? නොඑසේ නම් මේදය රහිත කිරි වෙළෙඳ පොළේ ව්‍යාප්ත කරවීමට වෙළෙඳ ප‍්‍රචාරණය උපයෝගී කරගන්නේ මන්ද? මේදය රහිත සහ මේදය අඩු කිරි නිපදවීම මගින් කිරි යනු මේදය අධික ආහාරයක් සහ කිරිවල ඇති මේදය ශරීරයට හානිදායක බවත්, බහුජාතික කිරිපිටි සමාගම් විසින් වක‍්‍රව පිළිගැනීමක් නොවන්නේද?
 
 එහෙත් ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ලංකාවේ කිරි පරිභෝජනය ඇත්තේ පහළ මට්ටමකය. ලොව පුරා ජනතාව අතර වඩාත්ම ජනපි‍්‍රය පානය නැවුම් එළකිරිය. ඒක පුද්ගල මාසික දියර කිරි හා කිරිපිටි පරිභෝජනය මිලි 110.00 හා මි.ලි.341.36 කි.
 
 දිනකට කිරි කාලක් පානය කිරීමෙන් මේදය 35 ට ක් ශරීරයට එකතු වේ. එමෙන්ම එළකිරි සීනි, මේදය, ප්‍රෝටීන හා විටමින් ඛනිජ ලවණ යන මූලික පදාර්ථයන්ගෙන්ද යුක්තය.
 
 දෙමවුපියන්ගෙන් බහුතරයකට පෝෂණ ගුණයෙන් අනූන මස්, මාළු, කිරි, බිත්තර පලා වර්ග සහිත පෝෂණයෙන් සපිරි ආහාරවේලක් දරුවන් වෙනුවෙන් ලබාදීම මහත් ගැටළුවක් වී ඇත. පැල්පත් ආශ‍්‍රිත මෙන්ම ග‍්‍රාමීය දරුවන්ටද ඇතිවිය හැකි මන්දපෝෂණ තත්ත්වයන්ගෙන් ඔවුන් මුදා ගැනීමේ අවම නිර්නායකයක් වශයෙන් හෝ ඔවුනට එළකිරි වීදුරුවක් ලබාදීම කාලෝචිතයි.

More News »