Home / සෞඛය / දඹල කොළ මිටේ සැඟවුණු විට­මින් A නිධා­න­ය

දඹල කොළ මිටේ සැඟවුණු විට­මින් A නිධා­න­ය

2019-09-30 10:05:00       609
feature-top
උද්භිද විද්‍යා­ත්ම­කව Psophocarpus tetragonobus යන නාම­යෙන් හඳුන්වන දඹල, මෙරට ජන­තාව අතර ඉතාම ජන­ප්‍රිය එළ­වු­ළු­වකි. දඹල, මුහුදු මට්ටමේ සිට මීටර් 2000ක් පමණ උස් වූ ප්‍රදේශ දක්වා වගා කළ හැකි භෝග­යකි. එසේම වසර පුරාම කරල් හැදෙන, වැඩි ඉඩක් අවශ්‍ය නොවන, රෝග පළි­බෝධ අඩු භෝග­යකි.

දම් සහ කොළ පාටින් විචි­ත්‍ර­වත්ව දියුණු කළ දඹල ප්‍රභේද හඳුන්වා දී තිබෙන නිසා, දඹල වැලක් දෙකක් සිටුවා ගැනී­මෙන් ගෙව­ත්තට අලං­කා­ර­යක් ද ලබා ගත හැකිය. අනෙක් අතට දඹල, ගෙවත්තේ ඉතා­මත් පහ­සු­වෙන් වගා කර ගත හැකි භෝග­යක් ද වන බැවින්, කිසිදු මුද­ලක් විය­දම් නොකර වස විස නැති පෝෂ­ණීය වෑංජ­න­යක් සකස් කර ගන්නට හැකි කදිම භෝග­යක් ද වෙයි. සාමා­න්‍ය­යෙන් දේශීය වෙළෙ­ඳ­පොළේ දඹල කිලෝ­ග්‍රෑ­ම­යක මිල රුපි­යල් 120 - 180ක් පමණ වෙයි. ගෘහස්ථ පරි­භෝ­ජ­නය සඳහා යොදා ගැනෙ­නුයේ වේල­කට දඹල ග්‍රෑම් 250 ක් 200 ක් අතර ප්‍රමා­ණ­යක් බැවින්, පාරි­භෝ­ගි­ක­යාට වැය වෙන්නේ රුපි­යල් 30- 50 ක් වැනි සුළු මුද­ලකි. එබැ­වින් මෙය ආර්ථික අතින් ද ඉතා ලාභ­දායී භෝග­යකි. බොහෝ දෙනෙකු දඹල කරල් ආහා­ර­යට එක් කර ගත්ත ද දඹල කොළ ආහා­ර­යට ගන්නේ ඉතා සීමිත පිරි­සකි. දඹල ශාකයේ මල්, කොළ, කරල්, බීජ, අල යන සියල්ල ආහා­ර­යට ගත හැකි අතර, මෙම සියලු කොට­ස්වල ඉහළ පෝෂණ සංයු­ති­යක් තිබේ. එසේ වුවද, එක් එක් කොට­සට අදා­ලව ඇත්තේ වෙනස් වූ පෝෂණ ගුණ­යන් බව සිහියේ තබා ගැනීම වැද­ගත්ය.

දඹල කොළේ පෝෂණ ගුණය

දඹල කරල් ප්‍රෝටීන්, යකඩ, පොටෑ­සි­යම් සහ ෆෝලික් අම්ලය ඇතුලු බී කාණ්ඩයේ විට­මින් වර්ගත්, සී විට­මී­න­යෙ­නුත් පොහො­සත් පෝෂ­ණීය ආහා­ර­යක් වුව ද, දඹල කර­ල්වල විට­මින් A (බීටා කැරො­ටින්/- Carotin) අඩංගු වන්නේ ඉතා අල්ප වශ­යෙනි. කොටින්ම දඹල කරල් ග්රූම් සිය­යක විට­මින් A අඩංගු වන්නේ අන්තර්ජාතික ඒකක 128 (128 IU) වැනි සුළු ප්‍රමා­ණ­යකි. සාමා­න්‍ය­යෙන් හතර දෙන­කුගේ පවු­ල­කට දඹල ග්‍රෑම් 250 කින් පමණ වෑංජ­න­යක් සකස් කර ගත් විට එක් අයෙ­කුගේ වේල­කට දඹල ග්‍රෑම් සිය­යක් වැටෙන්නේ නැත. සාමා­න්‍ය­යෙන් දඹල ග්‍රෑම් 50 ක් 60 ක් පමණ එක් අයෙ­කුගේ වේල­කට වැටෙ­නවා යැයි හිතු­වොත්, දඹල කරල් වෑංජ­න­ය­කින් අපේ සිරු­රට ලැබෙන්නේ විට­මින් A අන්තර්ජාතික ඒකක 50 ක් 60ක් පම­ණය. ඒ ප්‍රමා­ණය අපේ දෛනික විට­මින් A අව­ශ්‍ය­තා­ව­යෙන් සිය­යට 2ක් වැනි සුළු ප්‍රමා­ණ­යකි.

එහෙත් දඹල කොළ­වල (නොමේරු) ඉතාම ඉහළ අග­යක විට­මින් A ප්‍රමා­ණ­යක් තිබේ. කොටින්ම කිව­හොත් දඹල කොළ මැල්ලුම් ග්‍රෑම් 50 ක් ආහා­ර­යට ගන්නා විට, විට­මින් A අන්තර්ජාතික ඒකක 4045 ක් පමණ (4045 IU) ශරී­ර­යට ලැබේ. නමුත් බොහෝ අය විශ්වාස කරන්නේ, විට­මින් A වලින් පොහො­සත් එළ­ව­ළුව වන්නේ කැරට් බවය. එහෙත් ප්‍රධාන පෙළේ පෝෂණ විද්‍යා­ඥ­යින් නොකීව ද, දඹල කොළ ග්‍රෑම් 50 ක ද කැර­ට්ව­ලට සමා­නව විට­මීන් A ප්‍රමා­ණ­යක් අන්ත­ර්ගත වේ. සාමා­න්‍ය­යෙන් කිරි දෙන මව­කගේ දෛනික විට­මින් A අව­ශ්‍ය­තා­වය අන්තර්ජාතික ඒකක 4,300 (4,300 IU/day) කි. වයස අවු­රුදු පහ­කට අඩු ළම­යෙ­කුගේ දෛනික විට­මින් A අව­ශ්‍ය­තා­වය අන්තර්ජාතික ඒකක 3,000 ටත් අඩු අග­යක් ගනී. මේ විට­මින් A ප්‍රමා­ණය ලබා ගන්නා කෙනෙ­කුට දව­ස­ටම අවශ්‍ය වන්නේ දඹල කොළ මැල්ලුම් මිටක් පමණි.

පිසින අයුරු

දඹල කොළ­වල බහු­ලව අඩං­ගු­වන විට­මින් A පිළි­බ­ඳව සඳ­හන් කරන විට, දඹල කොළ මැල්ලුම් පිස ගන්නා සූප­වේ­දී­මය ක්‍රම ශිල්පය පිළි­බ­ඳව ද සඳ­හන් කළ යුතු වේ. A විට­මි­නය මේදයේ දිය­වන විට­මි­න­යක් බැවින්, පොල් සහ තෙල් දමා, අඩු උෂ්ණ­ත්ව­යක සහ අඩු කාල­යක දී දඹල කොළ මැල්ලුම පිස ගැනී­මෙන් විට­මින් A ඉතා කාර්ය­ක්ෂ­මව සිරු­රට අව­ශෝ­ෂ­ණය කර ගන්නට පිළි­වන් වනු ඇත.

විට­මින් A වලට අම­ත­රව දඹල කොළ­වල C විට­මි­න­යත් ඉතා සුල­භව අන්ත­ර්ගත වේ. විට­මින් C ලෙඩ රෝග­ව­ලට ඔරොත්තු දීමේ ප්‍රති­ශ­ක්ති­ක­රණ හැකි­යාව ඉහළ නැංවී­ම­ටත්, හෘදයේ මනා ක්‍රියා­කා­රි­ත්ව­ය­ටත්, ශරී­රයේ අන­වශ්‍ය බර පාල­නය කර ගැනී­ම­ටත්, පෙනීම යහ­පත්ව පවත්වා ගැනී­ම­ටත්, ශරී­රයේ උෂ්ණ­ත්වය නියා­ම­නය කිරී­ම­ටත්, පූර්ව ජන්මීන්ගේ ආර­ක්ෂා­ව­ටත් වෙසෙ­සින්ම වැද­ග­ත්වන විට­මි­න­යක් වෙයි. අනෙක් අතට විට­මින් A (බීටා කැරො­ටින්) සහ විට­මින් C යනු ප්‍රබල ප්‍රති­ඔ­ක්සි­කා­රක දෙකකි. ප්‍රති­ඔ­ක්සි­කා­රක සුලභ ආහාර වැඩි­පුර ආහා­ර­යට ගන්නා උද­වි­යට පිළි­කාව, දිය­වැ­ඩියා රෝගය සහ හෘද රෝග ඇතුළු බෝ නොවන රෝග­ව­ලින් ආරක්ෂා වීමට සහ විය­පත් වීම පාල­නය කර ගැනී­මට ද හැකි­යාව ලැබෙන බව සොයා­ගෙන තිබේ. මීට අම­ත­රව, දඹල කොළ­වල විට­මින් B, යකඩ, කැල්සි­යම්, මැන්ග­නීස්, පොටෑ­සි­යම් ඇතුලු අනෙ­කුත් පෝෂ්‍ය පදාර්ථ රාශි­ය­කුත් අඩංගු වේ. එබැ­වින් දඹල කොළ මැල්ලුම, තමාගේ සහ තම පවුලේ උද­වි­යගේ පෝෂණ අව­ශ්‍යතා පිළි­බ­ඳව සැල­කි­ලි­මත් වන උද­වි­යට ඉතාම වැද­ගත් වෑංජ­න­යක් වනු ඇත.

https://nutritiondata.self.com/facts/vegetables-and-vegetable-products/2...

විට­මින් A සුල­භව තිබෙන, එසේම කැරට් වල­ටත් වඩා විට­මින් A තිබෙන ආහාර, වට පිටා­වෙන් ඕනෑ තරම් අඩු මුල­ද­ලට සපයා ගැනී­මට හැකි­යාව ඇත. බතල, කිරි අල, වට්ටක්කා, වටානා, මුරුංගා කොළ, කොළ ගෝවා, මඤ්ඤොක්කා කොළ, තවුසි කොළ වැනි එළ­වළු වර්ග­වල විට­මින් A කැර­ට්ව­ලට සමා­නව හෝ දෙගු­ණ­ය­ක­ටත් වඩා තිබේ. තව පල­තුරු වර්ග බොහෝ ප්‍රමා­ණ­ය­කත්, මස්, බිත්තර, චීස්, බටර් වැනි ආහා­ර­ව­ලත් විට­මින් A යහ­මින් ඇත. චීස්, බටර් මිල වැඩි ආහාර නිසා සාමාන්‍ය ජන­තා­වගේ ආහා­ර­යට යහ­මින් සපයා ගන්නට නොහැකි වුව ද, අනි­කුත් ආහාර වර්ග සපයා ගැනීම සඳහා විශාල මිලක් අවශ්‍ය වන්නේ නැත. ඇතැම් ඒවා නොමි­ලේම සපයා ගන්නට ද පුළු­වන.

ඌනතා රැස­කට ගු ණයි

කෙසේ වුව ද, විට­මින් A සුල­භව අඩංගු ආහාර වර්ග බොහෝ ප්‍රමා­ණ­යක් ලෙහෙ­සි­යෙන් සහ නොමි­ලේම සපයා ගන්නට හැකි­යාව තිබෙන රටක ජීවත් වෙන මෙරට ජන­තා­වගේ විට­මින් A පෝෂණ තත්ත්වය ඉතාම කණ­ගා­ටු­දා­යක ය. අපේ රටේ ගර්භිණී මවු­වරුන් සහ පෙර පාසල් දරු­වන් අතර විට­මීන් A ඌන­තා­ව පිළි­බ­ඳව සිදු කර ඇති සමී­ක්ෂණ වාර්තා­ව­ලට අනුව, ගර්භිණී මවු­ව­රු­න්ගෙන් සිය­ය­කින් 35කට සහ වයස අවු­රුදු පහට අඩු ළමයින්ගෙන් සිය­යට 35කට A විට­මින් ඌණ­තා­වය ඇත.

දීර්ඝ කාලී­නව විට­මින් A ඌන­තා­වෙන් පෙළීම කායික, මාන­සික වර්ධ­නයේ බර­ප­තල ගැට­ලු­ව­ලට හේතු­වකි. ප්‍රති­ශ­ක්ති­ක­ර­ණය දුර්වල වීම, මොළයේ ක්‍රියා­කා­රි­ත්වය දුර්වල වීම, වර්ධ­නය බාල වීම, ප්‍රජ­නන හැකි­යාව දුර්වල වීම සහ පෙනීමේ ආබාධ ඇති වීම ආදී සංකූ­ල­තා­ව­ලට හේතු වේ. විට­මින් A ඌන­ත‍ාව කලක් තිස්සේ පව­තින, තව­මත් විස­ඳු­මක් සොයා ගන්නට අසීරු වූ ජාතික සෞඛ්‍ය ගැට­ලු­වකි. මේ වන විට විදෙස් රට­ව­ල්ව­ලින් විට­මින් A අධි­මා­ත්‍රා­වක් අන්ත­ර්ගත ඖෂධ ආන­ය­නය කර නව ජම්මීන්ට, ළම­යින්ට, ගර්භිණී සහ කිරි දෙන මවු­ව­රුන්ට ලබා දෙයි.

විට­මින් A පම­ණක් නොව, අද වන විට ඉතා බර­ප­තල පෝෂණ ගැටලු බවට පත් වී තිබෙන පෝෂණ ඌනතා රෝග බොහෝ ප්‍රමා­ණ­යක් සහ­මු­ලින්ම උපුටා දම­න්නට හැකි­යාව තිබෙන ඉතා බල­ගතු පෝෂණ නිධාන නොමි­ලේම හෝ අඩු මුද­ලට සපයා ගන්නට මෙරට ජන­තා­වට හැකි­යාව ඇත. අපේ අම්මලා, තාත්තලා විට­මින් A වලින් (කෘත්‍රිම විට­මින්) සරු කර ඇතැයි මාධ්‍ය­ව­ලින් ප්‍රකා­ශිත කිරි­පිටි වර්ග, බිස්කට් වර්ග, ඇතුළු ලට පට ඉස්මු­රුත්තා වන ­තුරු දරු­වන්ට කවති පොවති. එම කෑම කන බොන පුංචි උන් මිදුලේ ඇති මුරුංගා ගස් යට, දඹල වැල් යට, ඇස් කණ්නාඩි දාගෙන ස්මාර්ට් ෆෝන්ව­ලින් ගේම් ගස­මින් සිටිති.

More News »