Home / සෞඛය / සද්දන්තු මිනිසකු පවා දුබල කරන පාකින්සන් රෝගය

සද්දන්තු මිනිසකු පවා දුබල කරන පාකින්සන් රෝගය

2020-08-25 09:13:00       860
feature-top
අප සෑම දෙයක්ම කරන්නේ මොළය පාවිච්චි කරලයි. මොළය පාවිච්චි නොකළොත් වැටෙන්නේ ලෝක අමාරුවකයි. නිසි පරිදි මොළය මෙහෙයවීමට නම් මොළයේ සෞඛ්‍ය තත්ත්වය යහපත් විය යුතුය.

මොළයේ රුධිර කැටියක් සිරවීමෙන් හෝ රුධිර කැටියක් පුපුරා යාමෙන් ස්ට්‍රෝක් හෙවත් ආඝාතය නම් තත්ත්වය ඇතිවන බව අපි දනිමු.

මානසික රෝග කී සැණින් ද අපට සිහි වන්නේ මොළයයි. අප අමතක නොකළ යුතු තවත් රෝග තත්ත්වයන් ගණනාවක් තිබේ. ස්නායු රෝග ගණනාවක්ම මොළයේ සෞඛ්‍ය තත්ත්වයට පමණක් නොව මුළු ශරීරයේම සුවතාවට අයහපත් ලෙස බලපායි.

ජූලි 22 වැනිදා ලෝක මස්තිෂ්ක දිනය හෙවත් ලෝක මොළ දිනය ලෙස නම්කර ඇත්තේ එනිසයි.

මෙවර ලෝක මස්තිෂ්ක දිනයේ තේමාව පාකින්සන් රෝගය පිටු දකින්න සැවොම එක්වෙමු යන්නයි.

පාකින්සන් වැඩිහිටියන් අතර සුලබ රෝග තත්ත්වයකි. වයස්ගත ජනගහනය දිනෙන් දින වැඩිවන නිසා ශ්‍රී ලාංකේය අප පාකින්සන් රෝගය ගැන විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතුය.

පාකින්සන් රෝගය ස්නායු දුබල වීමෙන් හටගන්නා රෝග අතර දෙවැනි සුලබ රෝගයයි. ගැහැනු - පිරිමි, දේශ සීමා භේදයක් නැතිව වැලඳෙන මේ රෝගය වයස අවුරුදු හැටට වැඩි අය අතර සුලබ නමුත් ඊට අඩු වයස් අය අතර ද දැකිය හැකිය. අපේ රටේ සියලුම මරණ අතරින් 0.50 % ක් සිදුවන්නේ පාකින්සන් රෝගයට ගොදුරු වීමෙනි.

පාකින්සන් රෝගය කියන්නේ මොකක්ද?

රෝග ලක්ෂණ ඇති වීමට කලින් වසර 20 - 30 ක් රෝගියා රෝගයෙන් පීඩා විඳීයි. පාකින්සන් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ හතරක් දැකිය හැකියි. වෙව්ලීම එක් රෝග ලක්ෂණයක් වන අතර සිරුරේ එක් පැත්තක පාදය හෝ අත හෝ නැත්නම් පාදයත් අතත් යන දෙකම හෝ වෙව්ලයි.

වෙව්ලීම සිදුවන්නේ රෝගියා කිසිදු වැඩක නොයෙදී විවේකීව නිදහසේ සිටින විටය.

එහෙත් සෑම වෙව්ලීමකටම හේතුව පාකින්සන් රෝගය නොවෙයි.

දෙවැනි ප්‍රධාන රෝග ලක්ෂණය සිරුරේ චලන මන්දගාමී වීමයි. මේ මන්දගාමී බව මැන බැලීමට වෛද්‍යවරුන් රෝග ලක්ෂණ පවතින අතේත් අනෙක් අතේත් මහපටැඟිල්ලත් දබර ඇඟිල්ලත් වේගයෙන් විවෘත කිරීමේත් වැසීමේත් චලන සිදුකරන ලෙසට රෝගියාගෙන් ඉල්ලා සිටියි.

 
උපදෙස් - ස්නායු රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය , මහාචාර්ය
තිස්ස විජේරත්න

More News »